Main Logo

Showing posts with label linear thinking. Show all posts
Showing posts with label linear thinking. Show all posts

Monday, 13 July 2020

කන්දකාඩු, බටහිර වෙදමහත්තුරු හා දද සත

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





කන්දකාඩු, බටහිර වෙදමහත්තුරු හා දද සත

කන්දකාඩු ප්‍රශ්නය තරමක් බරපතළයි. ඒත් එය පාලනය කර ගත හැකි බව බලධාරීන් පවසනවා. එසේ ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. කන්දකාඩු කඳවුරට කොවිඩ් ඇතුළු වුණේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. අර නාවික කඳවුරේ රෝගීන් අවසන් වූ පසු කන්දකාඩුවට කොවිඩ් ගියේ කෙසේ ද? නාවික කඳවුරේ කොවිඩ්වලට හේතුව සුදුවැල්ලේ මත්ද්‍යව්‍ය භාවිතා කළවුන් බව කිව්වා. අප එය පිළිගත්තා. දැන් කන්දකාඩුවලටත් හේතුව සුදුවැල්ල කියන කොට එය විශ්වාස කිරීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. විශ්වාසය දැනුමක් ද වගේ ප්‍රශ්න මා අහන්නේ නැහැ. සියලු දැනුම් බොරු.  මා දන්නා දේත් බොරු. දන්නේ දැනුම නොවැ. ඒ කොහොම වුණත් රේඛීය චින්තනයේ ඕනෑම දැනුමක් විශ්වාසය මත පදනම් වෙනවා. ඒකත් දැනුමක් තමයි. ඒකත් බොරුවක්. මොනවා කරන්න ද? නිවන සම්මාබෝධ කරන තෙක් අපට බොරු කිය කියා ඉඳීම හැර වෙන කරන්න දෙයක් නැහැ. 

Sunday, 12 July 2020

ක්‍රිස්තියානි රාජ්‍යය බෞද්ධ නොවන අධ්‍යාපනය හා අම්මණ්ඩිලාගේ නිදහස

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9



ක්‍රිස්තියානි රාජ්‍යය බෞද්ධ නොවන අධ්‍යාපනය හා අම්මණ්ඩිලාගේ නිදහස

මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක් ය කියන එක බොහෝ දෙනා පිළිගන්නේ නැහැ. සිංහලයන් 75%ක් සිටින බෞද්ධයන්70%ක් සිටින නිතර බණ කියන බණ අහන ක්‍රිස්තියානි කතෝලික දේශපාලනඥයන් ද පිරිත් නූල් ගැට ගසාගන්නා පන්සල් ගොස් පන්සිල් ගන්නා රටක රාජ්‍යය ක්‍රිස්තියානි වන්නේ කෙසේ ද කියා බොහෝ දෙනා අසන්න පුළුවන්. සෑම නාළිකාවක් ම පාහේ (බෞද්ධයා වැනි නාළිකා හැරෙන්න) උදේට පිරිත් කියා පටන් ගෙන අබෞද්ධ වැඩ සටහන් පෙන්වන විට පාසල්වල උදේට පන්සිල් සමාදන් කර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් දී අවසානයේ යො වද තං පව කියවා පිටත් කර අරින රටක රාජ්‍යය ක්‍රිස්තියානි නො වේ නම් වෙන මොකක් ද? උසාවිය පාර්ලිමේන්තුව රාජ්‍ය පාලනය වැනි සියල්ල ඉංගිරිසින් අපට දුන් ඒවා. ඒවා හරය වශයෙන් ක්‍රිස්තියානි. අපේ විශ්වවිද්‍යාල තනිකර ක්‍රිස්තියානි. මා මේවාට ආගන්තුකයෙක් නො වෙයි. මට කුඩා කල සිට ම ලැබුණේ ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. ඉන් කැඩෙන්න මට කලක් ගත වුණා. 

Saturday, 18 April 2020

වෙනත් ආර්ථික ව්‍යුහ ගැන සිතමු




   

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 



වෙනත් ආර්ථික ව්‍යුහ ගැන සිතමු 



ආණ්ඩුව කිරි කලය බේරා ගෙන. ගොම එකතු කරල නැහැ. ග්‍රාම  නිලධාරීන් සමග තිබූ ප්‍රශ්නය විසඳා ගෙන ඇති බවයි පේන්න තියෙන්නෙ. දැන් ඉතින් කොවිඩ් 19 පරාජය කරල මැතිවරණයකට සූදානම් වෙමු. මා සති කිහිපයකට පෙර සිට කියන්නෙ මැතිවරණ කොමිසම තම වගකීම පැහැර හැරියොත් ජනාධිපතිට මැතිවරණ පනතේ 113 වගන්තිය යටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. එහි දී අර පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මාස තුනකට කලින් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන  කියන වගන්තිය අදාළ වන්නේ නැහැ. 

Wednesday, 31 May 2017

රේඛීය හා විශ්ලේෂණාත්මක සිතීම


රේඛීය හා විශ්ලේෂණාත්මක සිතීම

                                                    

රේඛීය සිතීම (ලීනියර් තින්කින්) හා විශ්ලේෂණාත්මක සිතීම (ඇනැලිටිකල් තින්කින්) ගැන බටහිරයන්ගේ නිර්වචන තිබෙනවා. ඔවුන්ට අනුව රේඛීය සිතීමේ දී පියවරෙන් පියවර අනුමාන නීති (රූල්ස් ඔෆ් ඉන්ෆරන්ස්) යොදා ගෙන එක් ප්‍රස්තුතයක සිට තවත් ප්‍රස්තුතයක් කරා යනවා. එහි මුලක්, පටන් ගැන්මක් තියෙනවා. පටන් ගැන්ම ඇත්ත ද බොරු ද කියා දන්නේ නැහැ. ඒ බවක් අහන්නෙත් නැහැ. අවශ්‍ය වන්නේ පියවරෙන් පියවරට අනුමාන නීති යොදා ගැනීමයි. විශ්ලේෂණාත්මක සිතීමේ දී යමක් කොටස්වලට කඩා අධ්‍යයනයක් කෙරෙනවා. ඉන්පසු ඒ කොටස් එකතු කරනවා. විශ්ලේෂණාත්මක සිතීමේ දී සමස්තය කොටස්වල එකතුවක් ලෙස සැලකෙනවා. බොහෝ දෙනා රේඛීය සිතීම හා විශ්ලේෂණාත්මක සිතීම බුදුදහමේ ඇතැයි සිතනවා. එහෙත් එය එසේ නො වෙයි. මෙහි සඳහන් සිතීම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි කියැවෙන චින්තනය සමග පටලවා ගන්න එපා. මා සිතීම යන වචනය යොදා ගන්නේ එය චින්තනය යන්නෙන් වෙනස් බව අවධාරනය කිරීමටයි.