ගීතා කුමාරසිංහ හා මැතිවරණ කොමසාරිස්
මා නීතිඥයකු නොවන බව කවුරුත් දන්නවා. මා විශ්ලේෂකයකු, කථිකයකු, කරුණු ඉදිරිපත් කරන්නකු නොවන බව ජාතික ව්‍යාපාරයේ බහුතරය දන්නවා. මා
තමන් අසන ප්‍රශ්වලට තමන් කැමති පිළිතුරු නොදෙන බව ජනමාධ්‍යවේදීන් දන්නවා. ඔවුන්
දැන් මගෙන් කිසිවක් අසන්නේ නැහැ. කියන දෙයකට ප්‍රසිද්ධියක් දෙන්නෙත් නැහැ.
විශ්වවිද්‍යාලවල හා පාසල්වල බොහෝ ගුරුවරුන් හා ඇතැම් සිසුන් ද සිතන්නේ මා කිසිවක්
හරිහැටි නොදන්නා නාථ දෙවියන් පසුපස යන මිථ්‍යා මතධාරියකු බවයි. පඬියන් සිතන්නේ මා
සිංහල බෞද්ධ අන්තවාදියකු කියායි. මගේ ශිෂ්‍යයන් ලෙස සිටි අය සියල්ලන් ම පාහේ මේ වන විට නොයෙකුත්
හේතු මත මට විරුද්ධයි. ඔවුන් කිසි විටෙක කැමති නැහැ තමන් මගෙන් කිසිවක් ඉගෙන ගත්
බව කීමට. මා කිසිවක් උගන්වා නැති බව නම් ඇත්තයි. ඒ නිසා ඔවුන්ට දොස් කියන්න බැහැ.
කැනඩාවේ වසන පාසල් ගුරුවරයකු කිහිප වරක් පවසා සිටියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවල අදක්‍ෂ
ශිෂ්‍යයන්ට අවුරුද්දකින් දෙකකින් ආචාර්ය උපාධී දී ආපසු යවන බවත් මා ද ඉන් එක් අයකු
බවත්. ඔහුත් කැනඩාවේ ම වසන ඔහුගේ ගුරුවරයාත් නාථ දෙවියන්ගෙන් හා වෙනත් අදෘශ්‍යමාන
ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගන්නවාට විරුද්ධයි. ඔවුන්ට අනුව අදෘශ්‍යමාන බලවේග හෝ ප්‍රාණීන්
හෝ නැහැ. එහෙත් ඔවුන්ට අනුව අදෘශ්‍යමාන ගුරුත්වාකර්ෂණ බලය තිබෙනවා. එය නිව්ටන්වත්
දැක නැති එක වෙන ම කරුණක්. සමහරවිට ඔවුන්ට අනුව කවුරුන්වත් යමක් දැක නැත්නම් ඒ
පවතිනවා විය හැකියි. ඒ අතර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම ජීවිත පවා පූජා කිරීමට
කැමැත්තෙන් සිටින සයිටම් විරෝධීන් සිතන්නේ මා නිිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන එයට වින
කරන ද්‍රෝහියකු ලෙසයි. මහින්ද මෝදි හමුවීම ගැන මා කියු දෙයට බොහෝ
දෙනකුට කේන්ති ගිහින්. තවමත් කිසිවකු මා ආණ්ඩුවට කඩේ යන බව නොපැවසීම පුදුමයක්.