ද්විත්ව පුරවැසි මන්ත්‍රී නඩුව
නීතිඥයන් අතර යම් කරුණක් පිළිබඳ එකඟතාවක් නැහැ. ඔවුන් අතර විවිධ මත
තිබෙනවා. උසාවි නීතිඥයන්ගෙන් පිරී පවතින්නේත් ප්‍රධාන වශයෙන් ම එකඟතාවක් නැති
නිසා. ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්නයේදීත් එසේමයි. ඒ සම්බන්ධයෙන්
මා නීතිඥයන් කිහිප දෙනකු විමසුවා. ඔවුන් අතර පොදු මතයක් නැහැ. මා දේශපාලනඥයන් සමග
නම් ඒ ගැන කතා කෙළේ නැහැ. ඔවුන් අතර විවිධ මත පමණක් නොව විවිධ බලාපොරාත්තුත් තිබෙන
බව ඔවුන් දන්නා හඳුනන අය සමග කළ කතා බහෙන් පෙනී යනවා. දේශපාලනඥයන් අති විශාල
බහුතරය ප්‍රශ්න දෙස බලන්නේ තමන්ගේ හා තම දරුවන්ගේ (පවුලේ) පැත්තෙන් මිස රටේ
පැත්තෙන් නො වෙයි. රට විනාශයට අත වනන්නේත් එබැවිනුයි.