Main Logo

Thursday 11 May 2017

ශිවාජිලිංගම්ගේ තර්ජනය




ශිවාජිලිංගම්ගේ තර්ජනය





ශිවාජිලිංගම් හෙට සිට සතියක් ජනසංහාර විරෝධතා උද්ඝෝෂණ පවත්වනවා. මෝදිත් අද ලංකාවට එනවා. මෝදි උඩරටටත් යන්න ඉන්නෙ. එහෙදි ඉන්දියානු ජාතික කොඩි වනා මෝදි පිළිගැනීමටත් ඉඩ තියෙනවා. එය හුදෙක් විදේශීය රාජ්‍ය නායකයකුට කරන සැලකිල්ලක් ලෙස හිතන්න බැහැ. වතුකරයේ ඇතැම් දෙමළ ජනයාට පමණක් නොව උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතැම් දෙමළ ජනයාටත් තාම තමිල්නාඩු පෙකෙණීිවැල කපා දාන්න බැරි වෙලා. ඒකෙන් ම පේනවා දෙමළ ජනයාට මෙරට දිර්ඝ ඉතිහාසයක් නැති බව.




අද දෙමළ ජාතික සංධානයේ නායකත්වයත් බෙදිලා. ශිවාජිලිංගම්, විග්නේස්වරන්, සම්බන්ධන්, සුමන්තිරන් කටයුතු කරන්නෙ එකම කණ්ඩායමක් ලෙස නො වෙයි. ඔවුනොවුන් අතර භේද තිබෙනවා.  පහුගිය දා විග්නේස්වරන් තමිල්නාඩු උසාවියෙන් වරදකරුවකු වූ ප්‍රේමානන්ද නමැති අයකු ක්‍රිස්තුස්වහන්සේ සමග සංසන්දනය කරලා. එයට දෙමළ ක්‍රිස්තියානින්ගෙ තදබල විරෝධයක් තියෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති පත්කිරීම සම්බන්ධයෙනුත් ප්‍රශ්න නැගුණා.



පසුගියදා කිලිනොච්චියේ දෙමළ ජනයා පෙළපාලි ගොස් තිබෙනවා හමුදා ඉඩම් පවරා ගැනීමට විරුද්ධව. ඔවුන්ට හමුදා කඳවුරු පවත්වා ගෙන යෑමට අවශ්‍යයි. දෙමළ ජනයා සහ දෙමළ දේශපාලනඥයන් අතර වෙනසක් තියෙනවා. ඒත් ජනමාධ්‍යවල ඒ බව පිළිබිඹු වන්නේ නැහැ. දෙමළ ජාතික සංධානයට අවශ්‍ය හමුදා පළවා හැරීම. ශිවාජිලිංගම් කරන්නේ නායකත්ව සටනක්. එහෙත් අපට ඒ ගැන සුළුවෙන් හිතන්න බැහැ. ශිවාජිලිංගම්ට මෝදිගේ අවධානය දිනා ගැනීමට අවශ්‍ය වෙලා. ශිවාජිලිංගම් මෛත්‍රිපාලට තර්ජනය කරනවා. ඔහුගේ විරෝධය අස්සේ මෛත්‍රිපාලට වවුනියාවේ උත්සවයකට සහභාගි වෙන්න එපා කියනවා. එසේ සහභාගි වුණොත් මෛත්‍රිපාල ද යුද්ධාපරාධකරුවකු ලෙස සලකනවාලු. මෝදිගේ සහාය මෛත්‍රිපාලට නොව රනිල්ට.



යුද්ධාපරාධකරුවකු ද නැද්ද යන්න තීරණය කරන්නේ එලෙස ද? ඉතා පැහැදිලිව ශිවාජිලිංගම් තම නිර්ණායක අනුව යුද්ධාපරාධකරුවකු ද නැද්ද කියා තීරණය කරනවා. ශිවාජිලිංගම් මෙරට ජනාධිපතිට තර්ජනය කරන්නේ ඔහු ප්‍රභාකරන්ගේ ප්‍රභාකරන්ගේ මස්සිනාකම හිතට ගෙන ද? ජනසංහාරයක් කියන්නෙ සමූල ඝාතනයක්. එහෙත් අදත් දෙමළ ජනගහනයක් උතුරු පළාතේත් නැගෙනහිර පළාතේත් කොළඹත් කඳුරටත් බටහිර රටවලත් ඉන්නවා. අතුරුදහන් වූවා යැයි කියන අය බටහිර රටවල ඉන්නවා. අද ඔවුන්ට මෙරට ඡන්ද බලය දීමටත් රනිල් කටයුතු කරනවා.



මෛත්‍රිපාල ඒවා නැවැත්විය යුතුයි.  ඔහු හැම තැනම කියනවා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියා. ඒත් අගමැති මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන වාර්තාවේ එයට විකල්ප හතක් තිබෙනවා. ඉන් බුද්ධාමට නීතියෙන් ඇති ප්‍රමුඛස්ථානයත් නැති වෙනවා. මෙරට බුද්ධාගමට ප්‍රායෝගික ව නම් කිසිම තැනක් නැහැ. අද මහානායක හිමිවරුන්ට ඇති තැන කුමක් ද? කාදිනල්වරයාට ඊට වඩා තැනක් තිබෙනවා.



මෛත්‍රිපාලට රනිල් නවත්වන්න බැරි ද? රනිල් කියන්නෙ බටහිරයෙක්. ඔහුගේ සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහුට සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන හැඟීමක් නැහැ. ඔහු අගමැති වුණෙ මෛත්‍රිපාලට පින් සිද්දවෙන්න. ඔහුට කිසි දිනෙක මෙරට ඡන්දයෙන් ජනාධිපති වෙන්න බැහැ. ජනාධිපති තියා ඔහුට බියගම මන්ත්‍රී වෙන්නවත් බැහැ. ඔහුට දකුණු කොළඹ, බටහිර කොළඹ ආදී ඡන්දකොට්ඨාශවලින් පිටට ගිහින් දිනන්න බැහැ. බටහිර හා ඉන්දියාව මහින්ද පරදවා රනිල් බලයට පත් කිරීමට මෛත්‍රිපාල යොදා ගත්තා. මෛත්‍රිපාල දැන්වත් තම තදබල වැරදි නිවැරදි කර රනිල් ඉවත් කළ යුතුයි.



මෛත්‍රිපාලට බුද්ධාගමට නීතියෙන්වත් ප්‍රමුඛස්ථානය දිය හැක්කේ රට වටා යමින් රනිල් සුද්ද කිරීමෙන් නොව රනිල් ඉවත් කිරීමෙන්. බ්‍රවුන්රිග් මෙරට ආණ්ඩුකාරයා බවට පත් කර ගැනීමෙන් පසුව අප කළ භයානක ම  වැරුද්ද රනිල් අගමැති කිරීමයි. එය ජේ ආර් ජනාධිපති වීමටත් වඩා භයානකයි. අද ශිවාජිලිංගම්ලා පිම්බෙන්නේ රනිල් නිසයි. සුමන්තිරන් හා රනිල් එකම සංස්කෘතියක. හමුදාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ කතා රටේ පැතිරෙනවා.



මෝදි එන්නෙත් රනිල් වෙනුවෙන්. මෛත්‍රිපාල වෙනුවෙන් නොවෙයි. මෛත්‍රිපාල අද රනිල් ගිරයට හසුවෙලා. එය මෛත්‍රිපාලගේ ම වරදින් සිදු වුවක්. මෛත්‍රිපාල ජාතියෙන් සමාව ගැනීමට රනිල් ඉවත් කළ යුතුයි. ඔහුට එය කළ හැකියි. රනිල් බටහිරයෙක්. බටහිරයන් කලක සිට ඉන්දියාවට අනුග්‍රහ දක්වනවා. ඒ බව ජේ ආර් ඉගෙන ගත්තෙ තරමක් පහුවෙලා. ඒත් රනිල් ඒක කලක සිට ම දන්නවා. රනිල් තව ටික කලක් හිටියොත් රට දෙකඩ කරලා එක් කොටසක් ඉන්දියාවෙ ප්‍රාන්තයක් කරන්නත් බැරි නැහැ. රනිල්ට ඕන ලංකාව නොවෙයි. ජාත්‍යන්තරවාදී සුපිරි ව්‍යුහය. ඔහු ඒ සංස්ථාපනයේ අයෙක්.



ශිවාජිලිංගම්ලා මෛත්‍රිපාලට මිසක් රනිල්ට චෝදනා කරන්නෙ නැහැ. මෙරට ඊනියා ජනසංහාරයක් සිදු වුණේ නැහැ. ඒක බටහිරයන් හා ඉන්දියානුවන් රනිල්ලාගේ උදවුවෙන් කළ ප්‍රචාරයක් පමණයි. ජී එස් පී + තහනම, විවිධ තහංචි ඊනියා රාජපක්‍ෂ රෙජිමය එළවා දැමීමට ගත් පියවර පමණයි. මෛත්‍රිපාල ශිවාජිලිංගම්ලාට  හා රනිල්ලාට යට වී බෙලහීන ජනාධිපති කෙනකු ලෙස ඉන්නවා ද? රනිල් ඉවත් කරනවා ද?







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 මැයි 11