චූන් දේශපාලනය විනාශයටයි
මැයි දිනයෙන් පස්සෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අය බොහා ම චූන් වෙලා. හෙට ආණ්ඩු
බලය ගන්න වගේ ලැහැස්ති වෙලා ඉන්නෙ. ආණ්ඩුවේ වෛද්‍යවරුන් හා තවත් පිරිසක් සයිටම්,
එට්කා ආදිය මුල් කරගෙන පස්වැනි දා එක්දින වැඩ
වර්ජනයක් පැවැත්වීමට යනවා. එක් දින වැඩ වර්ජනවලිනුත් රෝගීන්ට හා වෙනත් අයට කරදර
වෙනවා. ජනතාවට සේවය කරන්න ජනතාවට හිරිහැර කිරීම යන්න බුදුදහමෙන් ඉගෙන ගත්ත එකක්
වෙන්න බැහැ. එක් දින වර්ජනය වර්ජකයන්ගේ පැත්තෙන් බැලූ විට සාර්ථක වේවි. ඔවුන් ඊළඟට
මහා වැඩ වර්ජනයකට සූදානම් වේවි. ගාලු මුවදොර මැයි දිනයට සහභාගි වූ ජනතාව මහා වැඩ
වර්ජනයකට ද සහාය දේවි කියා ඔවුන් සිතනවා ද? එසේත් නැත්නම් ඔවුන් ස්වයං මෝහනයකට පත් වී ඇත් ද? වෛද්‍යවරුන්ගේ සංගමයේ එ ජා පාක්‍ෂිකයන් ද
සිටිනවා. මේ එන්නේ ඊනියා ලංකා වසන්තය ද?
ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීමේ දෙවැනි
පියවර ක්‍රියාත්මක වීමට යන්නේ ද? ගුරු
සංගම් ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝසෆ් විද්‍යාලය, කාන්තා විද්‍යාලය ආදිය ජනසතු කරන්න කියන්නෙ
නැද් ද?