Main Logo

Sunday 13 June 2021

ගම්මන්පිළ පොරක් ද?

 

ගම්මන්පිළ පොරක් ද?

 

කොවිඩ් නෙවෙයි මොන වසංගතය ආවත් මෙරට මධ්‍යම පංතිය තම අසික්කිත පුරුදු අත්හරින්නේ නැහැ. මධ්‍යම පංතියේ ඉතා වැඩි පිරිසක් ඊනියා උගත්තු. පොරවල්. ඒ උගතුන්ගෙන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපනය නිසා මධ්‍යම පංතියට පැන ගත් අය. මධ්‍යම පංතිය පොදුවේ ගත්කල දරුවන් නිෂ්පාදනය කරනවා හැරුණු විට වෙන නිෂ්පාදනයක් කරන්නේ නැහැ. ඔවුන් ජීවත් වන්නේ අසරණ ගැහැණුන් දුක් මහන්සි වී උපයන මුදලින්. නෑ ඔවුන්ගේ ගෑණුන් නො වෙයි. ඇඟලුම් කර්මාන්තයෙහි හා බටහිර ආසියාවේ (ඊනියා මැද පෙරදිග) වැඩ කරන ගැහැණුන්. මටත් ඩොලර්වලින් පඩි ගෙවන්නේ ඒ අය උපයන ඩොලර්වලින්. මා රටට සතපහක් උපයන්නේ නැහැ. මාත් ඇතුළු මධ්‍යම පංතිය පඬිකමට කියන්නේ අපෙන් නිෂ්පාදනයක් නැති වුවත් සේවාවන් සිදු වෙනවා කියා.

 

අපේ රටේ ජනගනයට සාපේක්‍ෂව (උදාහරණයකට මිනිසුන් ලක්‍ෂයකට) රෝහල්වල ඇඳන් කීයක් තියෙනවා ද කියා ඇහුවොත් එහෙම නැත්නම් බටහිර වෙද මහතුන් (හාමිනේලාත්- වෙද මිසක් වෙන නොවෙයි- ඇතුළුව) කී දෙනකු ඉන්නවද කියල ඇහුවොත් කියන්න පුළුවන්. අපේ රටේ ජනගහනයට සාපේක්‍ෂව, සාමාන්‍ය පෙළ සමතුන් කී දෙනකු ඉන්නවා ද, උසස් පෙළ සමතුන් (විශ්වවිද්‍යාලයට සම්බන්ධව නො වෙයි) කී දෙනකු ඉන්නවා ද, උපාධිධාරීන් කී දෙනකු ඉන්නවා ද, පශ්චාත් උපාධිධාරීන් කී දෙනකු ඉන්නවා ද, රජයේ සේවකයන් කී දෙනකු ඉන්නවා ද ආදී වශයෙන් ප්‍රශ්න කළොත් උත්තර හොයා ගන්න පුළුවන් ද?  සමහර සංඛ්‍යා බටහිර රටවලට වඩා අඩුයි. ඒත් වැඩි සංඛ්‍යාත් තියෙන්න පුළුවන්!

 

මා ඊයේ පොරවල් ගැන ලිවුවා. එයට පොරවක් එකතු කළේ ඇයි ද යන්න සමහරකුට ප්‍රශ්නයක් වුණා. පොර හා පොරව කිට්ටුවෙන් ශබ්ද වෙනවා. පොරවකින් කරන දෙයක්වත් පොරකට කරන්න බැහැ. ඔවුන් නමින් පොරවල්. පොරවල් (සප්‍රාණික) හා පොරව (අප්‍රාණික) සංසන්දනය කරන්න. ඒ දෙවර්ගය ම ක්‍රියාත්මක කෙරෙන්නේ වෙනත් අය විසින්.

 

කොවිඩ් ප්‍රශ්නයේදීවත් අපට රටක් හැටියට එකතු වෙන්න බරි වුණා. මම පොර කියන සංකල්පය බලවත්. අද රටක් හැටියට තියා පක්‍ෂ හැටියට සංධාන හැටියට එකතු වෙන්න බැහැ. මම පොර කියන සංකල්පයෙන් තමයි වැඩ කරන්නෙ. මොක ද මේ ගම්මන්පිළ ආණ්ඩුවටවත් කියන්නෙ නැතිව අමාත්‍ය මණ්ඩලය විමසන්නෙ නැතිව තෙල් මිල වැඩි කරල තියෙන්නෙ. මම පොර වැඩක් ද? ගම්මන්පිළ කරල තියෙන වැඩේ හරි ද?

 

පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් කෙළින් ම කියල තෙල් මිල වැඩි කරල තියෙන්නෙ ගම්මන්පිළ කියල. සාගර කාරියවසම් ගැන එච්චර  දෙයක් දන්නෙ නැති වුණත් කාගෙ හරි පුතෙක් නෙ. අර දැන්වීමක තිබුණෙ කාගෙ හරි නැන්දම්ම කෙනෙක් නෙ කියල. කාරියවසම් පක්‍ෂයක ලේකම් කෙනෙක්. ගම්මන්පිළගෙ පක්‍ෂයට වඩා ලොකු පක්‍ෂයක්. ඒක නිසා ගම්මන්පිළට වඩා ලොකුයි. සාගර කියල ගම්මන්පිළට අස්වෙන්න කියල.  සාගර කියන එකට සිදු කියලත් කියනව. සිදු ටෙලි නාට්‍යයෙ සිදු නැහැ. සිදු එංගලන්තෙ යවල. ඒත් නාට්‍යය තියෙනවා.

 

එහූ එකේ ගම්මන්පිළ නැතිවට ආණ්ඩුව තියෙන්න පුළුවන්. ගම්මන්පිළ  එංගලන්තෙ යවන ව ද? බයිඩන්ගෙ රටට යවනවා ද? දැන් ගම්මන්පිළ අස් වුණා ම තෙල් මිල අඩු වේවි ද? දන්නෙ නැති හින්දයි අහන්නෙ. ගම්මන්පිළ වෙනින් පිළකට ගියා ම මොකෝ තෙල් මිල අඩු වෙනව නම්. ගම්මන්පිළත් එක්ක විමලුත් යනවා ද? එතකොට වාසු.  මේ අය ආණ්ඩුවට කරදරයක් ද දන්නෙ නැහැ. තෙල් මිල වැඩි කරල ආණ්ඩුව අර්බුදයට යවන එක හොඳ වැඩක් නො වෙයි. බයිඩන් මොකක් ද මේ ගැන කියන්නෙ. බයිඩන්ගෙ රටේ ඉන්න පොරවල් මේ ගැන කියන්නෙ මොකක් ද? මෙරට සමහර පොරවල් නම් දැනටමත් කියලයි තියෙන්නෙ.

 

සංධානයක් හැටියට එකතු වෙන්න බැරි නම් රටක් හැටියට එකතු වෙන්නෙ කොහොම ද? මෙරට මධ්‍යම පංතියට කොහොමටවත් බැහැ. රටට වඩා මම වැදගත්. පුද්ගලයකුට පොරක් වෙන්න පුළුවන්. සමහරු කියන විධියට පොර ටෝක් දෙන්න පුළුවන්. රටට පොරක් වෙන්න පුළුවන් ද? පොරවට පොරක් වෙන්න පුළුවන් ද?  

 

ආණ්ඩුවට ඩොලර් තියෙනවා ද? මහා බැංකුව කියන්නෙ තව මාස තුනකට විතරයි ඩොලර් තියෙන්නෙ කියල. සංචිතයෙ තියෙන්නෙ ඩොලර් බිලියන තුනයි කියල කියනවා. ඊට ඉස්සෙල්ල ගම්මන්පිළ අස්වුණොත් හොඳ ද?. තෙල් මිල වැඩි කරාම ඩොලර් අඩු වෙනවා ද වැඩි වෙනවා ද? ගම්මන්පිළ තව මොනව කරාවි ද? ඩොලර් සංචිතය අඩු වුනොත් මොකද කරන්නෙ. රට වහමු ද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය මොක ද කියන්නෙ. අර සමහර ක්‍රීඩා කණ්ඩායම්වල ඉන්නව ක්‍රීඩා නොකරන නායකයන් (non playing captain). පාදෙණිය වෛද්‍ය ප්‍රශ්න ගැන කතා නොකරන සභාපති. ඒ නිසා කොවිඩ් හින්ද රට වහන ප්‍රශ්න ඔහුගෙන් අහල වැඩක් නැහැ. ඔහුගෙන් අහන්න ඕන වෛද්‍ය ක්‍ෂෙත්‍රයට නොව කෘෂිකර්මයට අදාළ ප්‍රශ්න.

 

ඇඟලුම් වහල තෙල් මිල අඩු කළොත් මොක ද වෙන්නෙ. මධ්‍යම පංතිය ඒ ගැන මොකද කියන්නෙ. අර අන්තර්ජාල පහසුකම් හොයන්න කැලේ පීරන දරුවන් යම් දවසක මධ්‍යම පංතියට ආවොත් ඔවුන් එදාට මොනව කරාවි ද? මහා බැංකුවෙ ලොක්කන් කියනව ඩොලර් සංචිතය අච්චරයි මෙච්චරයි කියල. ඒක ටිකක් වැඩි කර ගන්න විධියක් ආර්ථික විද්‍යාවෙ කියන්නෙ නැද්ද? සංචිතය අච්චරයි මෙච්චරයි කියන්න ආර්ථික විද්‍යා උපාධියක් ඕන නැහැ. ඕක උපාධියේ ප්‍රශ්නයක් ද? උගතුන්ගෙ ප්‍රශ්නයක් ද?

 

උගතුන්, පොදුවේ මධ්‍යම පංතිය, රටේ ප්‍රශ්න තමන්ගෙ ප්‍රශ්න කර ගන්නවා ද? එහෙම නැත්නම් තමන්ගෙ ප්‍රශ්න රටේ ප්‍රශ්න කරනවා ද? ගෙදර ඩොලර් බැරි නම් රුපියල් සංචිතය අඩු වුණොත් මොකද කරන්නෙ. රටේ ඩොලර් සංචිතය අඩු වුණා ම නම් ජනමාධ්‍යයට ඒ බව කියල ගෙදර යන්න පුළුවන්. යන්න ම යන්න නොවෙයි.  පහුවෙනිදාට ආපහු එන බලාපොරොත්තුවෙන්. ගම්මන්පිළ ගෙදර යයි ද? ආපහු එයි ද