බටහිර විද්‍යාව ධනවාදය හා රසායනික පොහොර
බටහිර විද්‍යාව ඇගයුම් විනිශ්චයන්ගෙන් ස්වායත්ත කියා හිතන අය ඉන්නවා. මේ තරමක් අමාරු වචනවලින් කියන්නේ බටහිර විද්‍යාවේ නිගමන ඉතාමත් ස්වාධීන නිගමන කියා හිතන අය ඉන්න බවයි. ඒ නිගමනවලට පැමිණීමේ දී විද්‍යාඥයන් දරණ දේශපාලනික ආගමික ආදී විවිධ මත බලපාන්නේ නැතැයි හිතනවා. විද්‍යාඥයන් දරණ පෞද්ගලික මත නිගමනවලට පැමිණීමේ දී නොවැදගත් වෙන බව ඇත්ත. සිංහල බෞද්ධයකු විද්‍යාඥයකු වුවහොත් (එවැන්නකු තවම බිහි වී නැහැ) ඔහුගේ ථෙරවාදයට එහි දී කිසිම වැදගත් තැනක් හිමි වන්නේ නැහැ.
එහෙත් ප්‍රශ්නය එය නො වෙයි. විද්‍යාඥයන් ක්‍රියා
කරන්නේ රික්තයක නො වෙයි. ඔවුන් වැඩ කරන්නේ යම් චින්තනයක් මත පදනම් වෙලා. ඒ
චින්තනයේ ඇති ඇගයීම් වලට එහෙමත් නැත්නම් එහි ප්‍රධාන මතවාදවලට පිටින් යන්න විද්‍යාඥයන්ට
බැහැ. විද්‍යාඥයන් ඒ චින්තනයේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි
චින්තනයයි. විිද්‍යාඥයකු පළමු ව ඒ චින්තනයෙහි පදනම් වෙන්න ඕන. සිංහල බෞද්ධයන් වැඩ
කරන්නේ යම් ථෙරවාද චින්තනයක් මත පදනම් වෙලා. ඔවුන්ට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි
චින්තනය මත පදනම් වෙන්න බැහැ. ඒ නිසා සිංහල බෞද්ධයන්ට බටහිර විද්‍යාවේ සංකල්ප ප්‍රවාද
(කතන්දර) ගොතන්න බැහැ. ඔවුන්ට විද්‍යාවට ථෙරවාදය ඇතුල් කරන්නත් බැහැ. කෙටියෙන්
කිවුවොත් සිංහල බෞද්ධ විද්‍යාඥයන් බිහි වන්නේ නැහැ. එහෙත් බොහෝ සිංහල බෞද්ධයන්
හිතාගෙන ඉන්නවා තමන් බටහිර විද්‍යාඥයන් කියල. කමක් නැහැ.
බටහිර විද්‍යාව බිහිවුණේ ගැලීලියෝගෙන් පස්සෙ.
ගැලීලියෝ තම මත සනාථ කිරීමට වංචාත් කළා. බටහිර විද්‍යාවෙ තිඹිරි ගෙහි සිට ම වංචා
තියෙනවා. බටහිර විද්‍යාවට මුල් වූ චින්තනය ගොඩනැගීම ඇරඹුණෙ පහළොස්වැනි සියවසේ
ඉතාලියේ පිරෙන්ට්සි නගරයෙ. මාටින් ලූතර් 1517 දි එයට හොඳ පදනමක් දැම්මා. ගැලීලියෝ
හා නිවුටන් දහහත්වැනි සියවසේ ඒ චින්තනයෙහි බටහිර විද්‍යාව බිහි කළා. ඊට පසු කාලයක
ඒ චින්තනයෙහි ම ධනවාදය බිහි වුණා.
බටහිර විද්‍යාවත් ධනවාදයත් බිහි වුණෙ හා ක්‍රියාත්මක
වන්නෙ එක ම චින්තනයක. ඒ දෙකත් බටහිර තාක්‍ෂණයත් එකට බැඳිලා. බටහිර විද්‍යාවටවත්
බටහිර තාක්‍ෂණයටවත් ධනවාදයෙන් ස්වායත්ත, නිදහස් වෙන්න බැහැ. ලෙනින්ගෙ හා
ස්ටැලින්ගෙ ඊනියා සමාජවාදයෙත් සෝවියට් විද්‍යාඥයන් වැඩ කෙළෙ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි
චින්තනයෙ. ඊනියා සමාජවාදී විද්‍යාවක් ගොඩ නැගීමට සෝවියට් දේශයට බැරි වුණා.
මේ සම්බන්ධයෙන් හොඳ ම උදාහරණය ලයිසෙන්කො. ඔහුට
අනුව භෝග වර්ග සුදුසු වාතාවරණයකට අනාවරණය
කිරීමෙන් ඒ භෝග වර්ග පරම්පරාවෙන් පරම්පරාවට දියුණු කර ගත හැකියි. එලෙස ම ඔහු කියා
සිටියේ සෝවියට් රටවැසියන් සුදුසු මතවාදයට යොමු කිරීමෙන් පරම්පරාවෙන් පරම්පරාවට
වර්ධනය කරගන්න පුළුවන් කියා. ඔහුගේ කතන්දරය (ප්‍රවාදය) බටහිර විද්‍යාවේ මැන්ඩෙල්ගේ
ජාන විද්‍යාවට පටහැණි වුණා.
බටහිර විද්‍යාවේ ලයිසෙන්කෝ අපකීර්තියට පත් වුණා
විතරක් නොවෙයි ඊනියා සෝවියට් සමාජවාදී බටහිර විද්‍යාවක් ගොඩනැගීමේ සිහිනය ද බොඳ
වුණා. කොහොමත් සෝවියට් සමාජවාදය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පටහැණි වූවක් නො
වෙයි. සෝවියට් සමාජවාදයේ අරමුණ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඉදිරි ගමනට බාධා ඇති
කළ ධනේශ්වරය පෙරළා සමාජවාදී අර්ථ ක්‍රමයකට යෑමයි. එහෙත් සමාජවාදය සටන් පාඨයකට වැඩි
දෙයක් නො වෙයි. ඒ සටන් පාඨයෙහි අපෝහකය ද තිබුණා. අපෝහක භෞතිකවාදය නැත්නම්
දයලෙක්තික ද්‍රව්‍යවාදය උගන්වා ඒ මත ක්‍රියා
කර ඊනියා විද්‍යාත්මක සමාජවාදය ඇති කිරීම සමාජවාදීන්ගේ අභිලාෂය වුණා.
සෝවියට් සමාජවාදීන් බටහිර විද්‍යාව පිළිගත්තා.
මාක්ස් ලෙනින් ආදීන් ද බටහිර විද්‍යාව පිළිගත්තා. ඔවුන්ට අවශ්‍ය වූයේ ධනවාදී විද්‍යාව
සමාජවාදී විද්‍යාවක් බවට පත් කිරීමයි. එහෙත් ඊනියා සමාජවාදයත් පදනම් වුණෙ ග්‍රීක
යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ. ඊනියා සමාජවාදීන්ට අවශ්‍ය වූවත් එහි පෞද්ගලිකත්වය
සාමූහිකත්වයකට වෙනස් කිරීමට ක්‍රමයක් නැහැ. ලයිසෙන්කෝගේ විද්‍යාව මෙන් ම
බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ සමාජවාදය
ද කඩා වැටෙන්න ඕන. මෙය අද දවසේ චීනයට ද පාඩමක් උගන්වනවා.
කෙසේ නමුත් මට කියන්න ඕන කාරණය බටහිර විිද්‍යාවත්
ධනවාදයත් එකම චින්තනය මත පදනම් වී ඇති බව. සමස්තයක් ලෙස ගත්ත ම බටහිර විද්‍යාව
බටහිර තාක්‍ෂණය හා ධනවාදය එකට බැඳිලා. බටහිර විද්‍යාවේ ඊනියා පර්යේෂණවලට වියදම්
කරන්නෙ ධනවාදය මිසක් වෙන කවුරුන්වත් නොවෙයි. එක්සත් ජනපදවල එකී වියදම් බොහෝ විට
දරන්නෙ හමුදාවන් විසින්. හමුදාවන් වියදම්
කරන්නෙ තමන්ට අවශ්‍ය පර්යේෂණ සඳහා බව අමතක නොකළ යුතුයි.
මේ පූර්විකාව පසුව මෙරට ඊනියා කෘෂිවිද්‍යාව ගැන කතා කිරීමටයි. රසායනික පොහොර භාවිතය ධනවාදයෙ අවශ්‍යතාවක් බව මෙරට ඉන්නවාය කියන කෘෂිවිද්‍යාඥයන්ට තේරෙන්නෙ නැතිව ඇති. ඊනියා සමාජවාදී විද්‍යාඥයන් ද රසායනික පොහොර වෙනුවෙන් පෙත්සම් අත්සන් කිරීම පුදුමයක් නො වෙයි. අලුත් බැසිල් රසායනික පොහොර ගැන මොනවා කියාවි ද දන්නේ නැහැ. අලුත් බැසිල් සමාජවාදියෙක් ද කියා දන්නෙත් නැහැ.