Main Logo

Showing posts with label Dayan. Show all posts
Showing posts with label Dayan. Show all posts

Wednesday, 29 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17 (බැසිල්ගේ වික්‍රම)




දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17

(බැසිල්ගේ වික්‍රම)



මුහුණු පොතේ බොහෝ දෙනා විශ්වවිද්‍යාලෙ ඉන්න බොහෝ අයටත් වඩා මෝඩයන් බව එන්න එන්න තව තවත් පැහැදිලි වෙනවා. විශ්වවිද්‍යාලවල හිටපු සමහර මෝඩයන් මුහුණු පොතෙත් ඉන්නවා. මා කලින් දවසක කිව්වා සිරිසේන විරෝධය සංවිධානාත්මක ව කෙරෙන්නක් කියලා. ඒ කියමනෙන් සිරිසේන විරෝධී සියල්ලන් සංවිධානයකට අයත් කියලා කියන්නෙ අමුතු ම අනුමාන නීතියකට වෙන්න ඕන. සිරිසේන විරෝධය සංවිධානාත්මක ව ගෙන ඒමට තුන් හතර දෙනෙක් ඇති. ඒක කරන විධිය බටහිරත් ඉන්දියාවත් දන්නවා. යාන්ත්‍රණය තිබෙනවා නම් මෙවැනි සංවිධානයකට තුන් හතර දෙනකු හිටියා ම ඇති. දැන් කවුරු හරි මුහුණු පොතේ මෝඩයකු තීරණය කරන්න පුළුවන් මුහුණු පොතේ  සියල්ලන් මෝඩයන් කියා මා කියා තිබෙනවා කියා.

Tuesday, 14 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 15 (ඉන්දියාවට හා බටහිරට නොනැමෙන ජනාධිපතිවරයෙක්)

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 15
(ඉන්දියාවට හා බටහිරට නොනැමෙන ජනාධිපතිවරයෙක්)


ලංකාවේ දේශපාලන පක්‍ෂ බොහොමයකට ඉන්දියාව බලපෑම් කරනවා. ඉන්දියාව දකුණු ආසියාව තම ග්‍රහණයට නතු කර ගන්න උත්සාහ කරන බව අප කලිනුත් පැහැදිලි කළා. අද ඉන්දියාව මාල දිවයිනේ මැතිවරණවලට බලපෑම් කරනවා. දකුණු ආසියාවේ ඉන්දියාවට තවමත් නතු වී නැත්තේ මුස්ලිම් රටවල් පමණයි. මාල දිවයිනට උමා මහේස්වරන්ගේ ප්ලොට් සංවිධානය ලවා ඉන්දියාව බලපෑම් කෙළේ තරමක කාලයකට පෙර. කුඩා මුස්ලිම් රටක් වූ මාල දිවයින ඉන්දියන් බලපෑමට කෙසේ මුහුණ දේවි ද යන්න ප්‍රශ්නයක්.