දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 15
(ඉන්දියාවට හා බටහිරට නොනැමෙන ජනාධිපතිවරයෙක්)
ලංකාවේ දේශපාලන පක්‍ෂ බොහොමයකට ඉන්දියාව බලපෑම් කරනවා. ඉන්දියාව
දකුණු ආසියාව තම ග්‍රහණයට නතු කර ගන්න උත්සාහ කරන බව අප කලිනුත් පැහැදිලි කළා. අද
ඉන්දියාව මාල දිවයිනේ මැතිවරණවලට බලපෑම් කරනවා. දකුණු ආසියාවේ ඉන්දියාවට තවමත් නතු
වී නැත්තේ මුස්ලිම් රටවල් පමණයි. මාල දිවයිනට උමා මහේස්වරන්ගේ ප්ලොට් සංවිධානය ලවා ඉන්දියාව බලපෑම් කෙළේ තරමක කාලයකට පෙර. කුඩා
මුස්ලිම් රටක් වූ මාල දිවයින ඉන්දියන් බලපෑමට කෙසේ මුහුණ දේවි ද යන්න ප්‍රශ්නයක්.