ජෙනීවා ගැන තවදුරටත්
පසුගිය දිනවල ජෙනීවා විගඩම හෙවත් එක්සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම්
සැසිවාරයේ හතළිස් වැනි සමුළුවේ දී මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට කිසිම
සම්බන්ධකමක් නැති මනෝ තිත්වෙලගේ උපදෙස් මත ජෙනීවාහි ලංකා නියෝජිත අසීස් සම අනුග්‍රහ
දැක්වු යෝජනාවෙන් කියැවෙන්නේ 2015
දීි මංගල සමරවීර හෙවත් ඛෙමාගේ කොලුවා (ඔහු මාතෘ මූලිකව තම අනන්‍යතාව ගැන කීම
පිළිබඳ ව නම් ඔහුට මගේ ගෞරවය හිමි වෙනවා.
එහෙත් ඔහු මහානාමගේ කොලුවා කිව්වා නම් පියා සමග සමානත්වයක් කියන්න තිබුණා.
මහානාමත් ශ්‍රී ල නි පක්‍ෂයෙන් එ ජා පක්‍ෂයට ගියේ මංගල ගිය පරිදිමයි. මහානාම දේශපාලන
ජීවිතය පටන් ගත්තේ කොමියුනිස්ට් පක්‍ෂයෙන්. ඔහු එ ජා පක්‍ෂයට ගමන් ඇරඹුවේ සී පී ද
සිල්වා සමග ලේක්හවුස් ජනසතුවට විරුද්ධව. ඛෙමා පද්මාවතී කලක් රනිල්ගේ තාත්තා
එස්මන්ඩ් ලේක්හවුසිය පාලනය කරන කාලයේ එහි වැඩ කළා.) සම අනුග්‍රහය දැක්වූ යෝජනාවෙන්
කී කරුණු ඉටු කිරීමට ලංකාණ්ඩුවට තව අවුරුදු දෙකක් දීමටයි.