Main Logo

Showing posts with label IPKF. Show all posts
Showing posts with label IPKF. Show all posts

Monday, 22 October 2018

නූතන හනුමන්තලා හා විභීෂණලා


නූතන හනුමන්තලා හා විභීෂණලා



මෝදි රාවණාට දුන්නෙන් විදින කොට රනිල් එතන හිටි බවක් වාර්තාවන්නෙ නැහැ. රාවණා ලංකාවේ හිටිය කියලා බොහෝ අය කියනවා. ඒක ඒත්තු ගන්වන විධියෙ සාක්‍ෂි තවම නැහැ. බටහිර පුරා විද්‍යාව අනුව කරන පර්යේෂණවලින් ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමෙන් යමක් කියන්න පුළුවන් වේ ද කියා මට සැකයක් තියෙනවා. ඒත් ලංකාවෙ ඊනියා උගතුන් දැන් බටහිර විද්‍යාව  අදහන නිසා බටහිර විද්‍යා සාක්‍ෂි තමයි ඉල්ලන්නෙ. මට නම් එහෙම රුදාවක් නැහැ. රාවණා ගැන ඔය පාෂාණ යුගය, නව පාෂාණ යුගය ආදී බටහිරයන් කියන යුග මගින් හදාරන්න බැහැ. බටහිරයන් ඔය  යුග හදාගෙන තියෙන්නෙ ඔවුන් විකාශය වූ අන්දම කියන්න. ලෝකෙ හැම තැනක ම ඒ විධියට ම මිනිසුන් විකාශය වෙන්න ඕනෙ නැහැ.