දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 7
මගේ ලිපිවල මූලාශ්‍ර නැහැ. යාපනයේ ඊනියා දෙමළ ඉතිහාසය ගැන මා ද යම්
යම් දේ ලියා තියෙනවා. එහෙත් කිසිවකු මා ලියා ඇති දෙයක් උපුටා දක්වන්නේ නැහැ.
පොතපතේ සඳහන් දේ නැවත උපුටා දැක්වීම මගේ විධි ක්‍රමය නො වෙයි. මගේ ලෝකය කෘතියෙහි
එක ම මූලාශ්‍රයක් දක්වලා නැහැ. එහෙත්ව ඇතැම් ලේඛකයන්ගෙන් ගත් දේ ගැන මා කියනවා. ඒ
අතර මගේ ම අදහස් තියෙනවා. ඒ එකින් එක ගෙනහැර දැක්වීමත් මගේ විධික්‍රමය නො වෙයි. මා
හැකිතාක් දුරට සංගත ව කතාවක් කියන්න උත්සාහ කරනවා.