Main Logo

Showing posts with label C Suntharalingam. Show all posts
Showing posts with label C Suntharalingam. Show all posts

Tuesday, 10 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 7

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 7

මගේ ලිපිවල මූලාශ්‍ර නැහැ. යාපනයේ ඊනියා දෙමළ ඉතිහාසය ගැන මා ද යම් යම් දේ ලියා තියෙනවා. එහෙත් කිසිවකු මා ලියා ඇති දෙයක් උපුටා දක්වන්නේ නැහැ. පොතපතේ සඳහන් දේ නැවත උපුටා දැක්වීම මගේ විධි ක්‍රමය නො වෙයි. මගේ ලෝකය කෘතියෙහි එක ම මූලාශ්‍රයක් දක්වලා නැහැ. එහෙත්ව ඇතැම් ලේඛකයන්ගෙන් ගත් දේ ගැන මා කියනවා. ඒ අතර මගේ ම අදහස් තියෙනවා. ඒ එකින් එක ගෙනහැර දැක්වීමත් මගේ විධික්‍රමය නො වෙයි. මා හැකිතාක් දුරට සංගත ව කතාවක් කියන්න උත්සාහ කරනවා.