දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 5
විජයකලා කොටි සංවිධානය තිබුණ නම් හොඳයි කියලා. තහනම් සංවිධානයක් ඕන කියලා කියන මන්ත්‍රීවරියකට විරුද්ධව රනිල් මොනව ද කරන්නෙ. අද එංගලන්තයත් දෙමළ
ජාතික සංධානයේ ඇතැමුනුත් එකතු වෙලා කොටි සංවිධානයක් පිහිටුවන්න යනවා. මහින්ද පරාද
කරන්න එංගලන්තය ප්‍රමුඛ බටහිරවල් තීරණය කෙළේ සිංහල බෞද්ධයනට විරුද්ධව රනිල් පත්කරල
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ ඊළමකට පාර කැපීමට. එයට ඉන්දියාවත් සහාය
දුන්නා. එහෙත් එය කරගන්න තවම බැරි වුණා. ඔවුන් දැන් කලක සිට කටයුතු කරන්නෙ දෙමළ ත්‍රස්තවාදය
නැවත ඇති කරන්න. එය ක්‍රමයෙන් වැඩි යන්න රනිල් ඉඩ දෙනවා. අද බුද්ධි අංශය දුර්වල
කෙරිලා. මෛත්‍රිපාලට ඒවා නවත්වන්න ශක්තියක් නැහැ. මෛත්‍රිපාල ජාතිකත්වයට විරුද්ධ
කියලා කියන්නෙ ඔහු ඉන්දියාව මගින් රනිල් වෙතට ඇරපු බැසිලිකාවෙ පූජකවරුන්, වෛද්‍ය මහාචාර්යවරයකු හා මහා දාර්ශනිකයා.
මෛත්‍රිපාලට බැසිලිකාවෙ බොහෝ දෙනාට හා බැසිලිකාවේ තෝරා ගැනීමක් වූ ජී
එල් පීරිස්ට නැති ජාතිකත්වයක් යම් පමණකට හරි තියෙනවා. මෛත්‍රිපාල බැසිලිකාව අමතක
කර පැත්තකට දමලා මහින්ද අගමැති කරනවා නම් විජයකලාලාට අකුළ ගන්න සිදුවේවි. මෛත්‍රිපාල
ගැන තීරණ ගන්න විට ඔහු ගැන වෛරයෙන් පමණක් බලලා හරියන්නෙ නැහැ. මෛත්‍රිපාල කළ සියළු
වැරදිවලට බැසිලිකාවත් වග කියන්න ඕන. එහි පූජකයන්ට අර මෙරට කසිකබල් වෘත්තීය අධ්‍යාපනයෙන්
බිහිවුණු වෛද්‍ය මහාචාර්යවරයාට හා මහා දාර්ශනිකයාට හා තවත් අයට පුළුවන් මා
සිරිසේනට කඩේ යන සිරිජාතිකවාදියකු බව කීමට. ඒකට කමක් නැහැ.
2019 ජනාධිපතිවරණය ගැන මා තවම හිතන්නේ නැහැ. මා හිතන්නෙ රනිල් ඉවත් කරන
විධියක් ගැන. ඒත් යම් අයුරකින් රනිල් හරි
ඔහුගෙ ඉත්තකු හරි ජනාධිපති වුණොත් දෙමළ ත්‍රස්තවාදයට වැඩෙන්න ඉඩ දීලා එය මර්දනය
නොකර ඊනියා සාකච්ඡා මගින් උතුරු හා නැගෙනහිර පළාත්වලට පොලිස් බලතල හා ඉඩම් බලතල ක්‍රියාත්මක
කර තව තවත් බලතල ලබා දෙන බවට සැකයක් නැහැ. රනිල් දේශපාලනය කරන්නෙ ඒ සඳහා. ඔහුගෙ ගම්පෙරළිය
එයයි. ඔහු ඉවත් කිරීමට කටයුතු නොකර මීළඟ ජනාධිපතිවරණය ගැන පමණක් කල්පනා කිරීම
දේශපාලනික වශයෙන් වැරදියි. රනිල් ඉවත් නොකර සිංගප්පූරුවෙ ඇති කෙරෙන එට්කා ගිවිසුම්
ආදිය ගැන කතා කිරීම මාධ්‍ය සංදර්ශන පැවැත්වීමක්. ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි කරන්න
පුළුවන් නම් හොඳයි. ඒත් එට්කා වැනි ගිවිසුම් තුනෙන් දෙක නැතිවත් අත්සන් කරන්න
පුළුවන්. රනිල් ප්‍රභාකරන් එක්ක ගිවිසුමක් අත්සන් කළේ පාර්ලිමේන්තුවටවත් එකල
ජනාධිපතිනි චන්ද්‍රිකාටවත් දන්වලා නොවෙයි.
විසිවැනි සියවසේ දෙවැනි දශකයේ දෙමළ ජාතිවාදී නායකත්වයේ වෙනසක් සිදු
වුණා. පොන්නම්බලම් කුමාරස්වාමි පවුලෙන් නායකත්වය ජී ජී පොන්නම්බලම්ට මාරුවුණා.
එතෙක් දෙමළ ජාතිවාදී වෙල්ලාල නායකයන් කෙළේ ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජනත්වය
දෙමළ නියෝජනත්වයට අඩුවෙන් තබා ගැනීමට කටයුතු කිරීම. එහෙත් ඒ දශකයේ ඩොනමොර් කොමිසම
පැමිණීමත් සමග තත්වයේ වෙනසක් සිදු වුණා. ඔවුන් ලංකාවට සර්වජන ඡන්දය දීමට අදහස්
කළා. 1931 සිට එය ක්‍රියාත්මක වුණා.
ඉංගිරිසින් ලංකාවට සර්වජන ඡන්දය ලබා දෙන විට එංගලන්තයේත් ඒ ලබා දී
වසර කිහිපයක් පමණයි. ඉංගිරිසින් එසේ කළේ ඇයි? මෙරට ඉංගිරිසි කතා කරන ඉංගිරිසින්ට දණ නැමූ නිවට නායකයන් ගැන තිබූ
විශ්වාසය ද? ඒ නායකයන්ට සාමාන්‍ය ජනතාවගේ සිතුම්
පැතුම් පාලනය කිරීමට හැකියාවක් ඇති බව ඉංගිරිසින් විශ්වාස කළා ද? ඒ වන විට බොහෝ භික්‍ෂූන් වහන්සේ ද ඒ නායකයන්
සමග සිටි නිසා ද? වෙනත් කිසිම යටත්විජිතයකට කලින් ලංකාවට
සර්වජන ඡන්දය දීමට විශේෂ හේතුවක් තියෙන්න ඕන.
මේ වන විට මෙරට ජාතික ව්‍යාපාරයේ නායකත්වය දැරූ ධර්මපාලතුමාගේ බලය
නැති කර තිබුණා. ඕල්කට් බුද්ධාගම මගින් සිංහලකම බෞද්ධකමෙන් ඈත් කර තිබුණා. ඊයේ
පෙරේදාත් කවුදෝ පඬි පෝතකයකු කියා තිබුණා ඔහු සැමදාමත් (කවදා හිට දැයි දන්නේ නැහැ) කියා
සිටියේ සිංහල බෞද්ධ ජාතිකත්වය අත්හැර දමා සිංහල
ජාතිකත්වය ට
මාරු විය යුතු ය කියා. සිංහලකමෙන්
බෞද්ධකම හරි බෞද්ධකමෙන් සිංහලකම හරි අත්හැරිය දින සිංහල ජාතියත් මෙරට බෞද්ධ
ශාසනයත් ඉවරයි.
විසිවැනි සියවසේ දෙවැනි දශකයේ ඕල්කට් බුද්ධාගම යටතේ ධර්මපාලතුමා
පරාජය කිරීමෙන් පසු එවැනි තත්වයක් උදාවීමේ භයානකකම මෙරට තිබුණා. සිංහලයන් ඊනියා
ජාත්‍යන්තර බෞද්ධයන් වෙමින් තිබුණා. සුද්දන්ට ගැතිකම් කළ නායකයන් ලේක්හවුසිය යොදා
ගෙන ධර්මපාලතුමාට පහර ගැසුවා. සිංහලකම නැති බෞද්ධයන්ගෙන් මෙරටට වැඩක් නැහැ. ඔවුන්ට
ජාතිකත්වයක් නැහැ. ඉංගිරිසින් සමහරවිට මේ බව අවබෝධ කරගන්න ඇති. ජාතිකත්වය නැති කර
ගත්විට ජනතාවක් පාලනය කිරීම අමාරු නැහැ. ඒ ජනතාවට ඉංගිරිසින් ලබා දුන් නායකයන් ඇති
විට සර්වජන ඡන්දය ඉංගිරිසින්ට ඕන විධියට ම යොදා ගන්න පුළුවන්. ඉංගිරිසින් ඒ
විශ්වාසයෙන් කටයුතු කරන්න ඇති.
එහෙත් සර්වජන ඡන්දය දීමත් සමග ඉංගිරිසින් මෙරට නායකත්වය
වෙල්ලාලයන්ගෙන් සිංහල ප්‍රභූන්ට දීමට තීරණය කර ඇති බවක් ද පේනවා. පොන්නම්බලම්
කුමාරස්වාමි පවුලේ දේශපාලන නායකත්වයත් ඒ සමග දුර්වල වුණා. ජී ජී පොන්නම්බලම් දෙමළ
ජාතිවාදී නායකත්වයට පත්වුණේ එවන් පසුබිමකයි ඒ ප්‍රභාකරන්ගේ සීයලාගෙන් ප්‍රභාකරන්ගේ
බාප්පලාට දෙමළ ජාතිවාදී නායකත්වය මාරු වීම.