විග්නේස්වරන්ගෙ ඉතිහාසය 2
විග්නේස්වරන් ඉරිදා දිවයිනට කියල තියෙන්නෙ එක එක අයගෙන් අහුලගත්ත
කෑලි. ඔහුගේ මතයක් කියල එකක් නැහැ. පරණ කතා ටිකකුයි යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු
ඉතිහාස මහාචාර්යවරයකු වූ සිවසුබ්‍රමනියම් පද්මනාදන් කියන කතා ටිකක් තමයි ඔහු
කියන්නෙ. මා පේරාදෙණියෙ සේවය කළ කාලෙ පද්මනාදනුත් හිටියා. ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයි.
මා පළමු වසරෙ සිසුවකුව සිටි අවධියේත් ඔහු සහකාර කථිකාචාර්යවරයෙක්. ඔහු පසුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උපසභාපති ලෙසත් හිටියා. ඒ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව
කාලෙ. දැන් ඔහු යාපනය විශ්වවිද්‍යාලයෙ කුලපති. ඔහු මගේ මිත්‍රයෙක්. මා කාර්තිගේසු
ඉන්ද්‍රපාලත් දැන හිටියා. ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා දෙමළ ජාතිවාදයට කතා සපයන්න.
විග්නේස්වරන් කියන්නෙ පහුගිය කාලෙ පොළොවෙන් ගොඩගත්ත සාක්කි තියෙනව
කියලා දෙමළ ජනයා බොහෝම ඉස්සර ලංකාවෙ හිටි බවට. ඔය කියන්නෙ පොම්පරිප්පු සොහොන් ගැබ්
ගැන වෙන්න ඇති. ඒකෙන් දෙමළ ජනයා හිටි බවක් කියැවෙන්නෙ නැහැ. ඒ පොම්පරිප්පු මිනිසුන් මෙරට ආදිවාසීන්. ප්‍රශ්නය වන්නේ ඒ
ආදිවාසීන්ගෙන් පැවත එන්නෙ කවුද කියන එක. ඒක අපි පස්සෙ කතා කරමු. පද්මනාදන් නම්
දෙමළ සෙල්ලිපි කිහිපයක්, අතළොස්සක් ගැන කියනවා. මේ සෙල්ලිපි
බොහෝවිට මෙරටට පැමිණි දෙමළ කතා කරපු ජනයා සඳහා ලියපු ඒවා. අද කටුනායක ප්‍රංශ
ජර්මන් සමහරවිට උර්දු හින්දි භාෂාවලින් දැන්වීම් තියෙන්න පුළුවන්. ඒ දැන්වීම්වලින්
අනාගතයෙ දි කාට හරි කියන්න පුළුවන් ද මෙරට ඒ ඒ භාෂා කතාකරන අය හිටිය කියලා. මෙරට
ඇති දෙමළ සෙල්ලිපි සංඛ්‍යාවත් සිංහල සෙල්ලිපි සංඛ්‍යාවත් සංසන්දනය කළත් පද්මනාදන්
අසරණ වෙනවා.
විග්නේස්වරන් නොදන්න ඉතිහාසයක් මෙරටත් දකුණු ආසියාවෙත් (හිමාල
කඳුවැටියෙන් දකුණ) තියෙනවා. දකුණු ආසියාවෙ ඉතිහාසය අපට අදාළයි. අවුරුදු දහස් ගණනකට
පෙර මේ භූමියේ (දකුණු ආසියාවෙ) යක්‍ෂ නාග ජනයා හිටි බවට සාක්‍ෂි තියෙනවා. ඔවුන්
නේපාල ඇසෑම් ප්‍රදේශවල සිට දෙවුන්දර දක්වා ඉඳල තියෙනවා. මේ අය විවිධ දෙවියන්
ඇදහුවා. දෙවියන්ට මිය ගිය අයට පුද පූජා පැවැත්තුවා. සමහරු හිතනවා ශිව දෙවියන්
ලංකාවෙ කියලත්. රාවණ පුලස්ති ඉතිහාසය විස්තරාත්මක ව හදාරලා නැහැ. තාරක කියලා අසුර
නායකයෙක් ගැන සඳහන් වෙනවා. අරීසෙන් අහුබුදු බලි තරු (තාරක) රාවණ ගැමුණු විජයබා
නිරිඳුන් ගැන ලිව්වා. සුනිල් සාන්ත ඒ ගායනා කළා. මා එය ඉතිහාසය ලෙස ගන්න කියනවා නො
වෙයි. එහෙත් අප පුරාණ ග්‍රන්ථ හරියට හදාරලා නැහැ.
මේ බිම් කඩේ වයඹ දෙස ජීවත් වූ මිනිසුන් තමයි ආර්ය කියා හඳුන්වන්න
පුළුවන්. ඔවුන් වේදය කිව්වා ලිව්වා. මොහෙන්ජදාරො හරප්පා මේ සංස්කෘතියෙ. මේ
සංස්කෘතිය දකුණු ආසියාවෙ නැගෙනහිරට පැතිර ගියා. ඒ සංස්කෘතියට අවශෝෂණය වූ අයටත්
ආර්ය කිව්වා. ආර්ය කියන එකේ මුල් තේරුම ධර්මයට එකඟ ව ජීවත් වීම කියා කියනවා. ඒ
ජනවර්ගයක් නොවෙයි. මේ ආර්යයන් අනෙක් දකුණු ආසියාතිකයන්ට වඩා සුදුයි. සුද්දන් තරම්
සුදු නැහැ. ඒත් ඔවුන් වර්ණභේදයක් ඇති කළා. බ්‍රාහ්මණයන් ආර්ය වුණා. ආර්ය කියන එකේ
මුල අමතක වුණා. බුදුහාමුදුරුවො පස්සෙ කාලෙක නැවතත් ආර්ය කියන එකට පැරණි ම අර්ථකථනය
මඳක් සංශෝධනය කරල උත්පත්තියෙන් ආර්ය බ්‍රාහ්මණ කතාවලට විරුද්ධව දේශනා කළා. වංගයන්
ආර්ය වුණෙ අර වයඹින් (පර්සියාව පැත්තෙන් පර්සියාවෙන් ම නොවෙයි) ලැබුණු ආර්ය
සංස්කෘතියට අවශෝෂණය වීමෙන්.
ද්‍රවිඩ කියන එකට විවිධ අර්ථකථන තියෙනවා. බොහෝ දෙනා පිළිගන්නා මතයට
අනුව එයින් කියැවෙන්නෙ දකුණෙ ජනයා කියන එක. මා හිතන්නෙ ද්‍රවිඩ කියන්නෙ ආර්ය
සංස්කෘතියට අවශෝෂණය නොවූ අයට කියලා. ඔවුන් දකුණෙ තමයි හිටියෙ. දළ වශයෙන් ගත්තොත්
කාලිංගයෙන් (අද ඔඩිස්සා - ඔරිස්සා) දකුණට කියලා ගන්න පුළුවන්. මේ ජනවර්ග බෙදීමක්
නොවෙයි. ඒ දකුණේ අයගෙන් සිංහලයන් ද්‍රවිඩ නො වෙයි. එයට ප්‍රධාන හේතුව වංගය හා
කාලිංගය සමග අපට ඇති සම්බන්ධකම. අපත් ආර්ය කියන සංස්කෘතියට අවශෝෂණය වෙලා. ඒත් අපට
ආර්ය නොවන ලක්‍ෂණත් තියෙනවා. අපට පමණක් නොව වංගයන්ටත් (බෙංගාල) (වංග බංග කියන්නෙ
දෙක ම එකයි. අපේ භාෂාවල වයන්න හා බයන්න මාරුවෙනවා. විමල් කිව්වත් බිමල් කිව්වත්
විමලා කිව්වත් බිමාලි කිව්වත් එහෙම තමයි)
ආර්ය නොවන ලක්‍ෂණ තියෙනවා. ඔවුන්ගෙ කාලි දේවිය ආර්ය නො වෙයි. මේ ආර්ය ද්‍රවිඩ
කියන භේදය වැඩකට ඇති එකක් නොවෙයි. අද ඉන්දියාව සංස්කෘතික අච්චාරුවක්. වේදය,
ශිව විෂ්ණු කාලි ඔක්කොම අඩු වැඩි වශයෙන්
තියෙනවා.
ද්‍රවිඩ කියන්නෙ දෙමළ පමණක් නොවෙයි. අද නම් දෙමළ මලයාලම් තෙළිඟු කර්ණාටක
ද්‍රවිඩ භාෂා ලෙස සැලකෙනවා. එකල විවිධ රාජ්‍ය වංශ තිබුණා. පාණ්ඩ්‍ය, චේර, පල්ලව සොළී විජය නගර් ආදී වශයෙන්. පාණ්ඩ්‍යයන් ද දෙමළ කතා කළා.
සොළීන් ද දෙමළ කතා කළා. ඒ දෙමළ කතා කරන ජනයා. දෙමළ ජනවර්ගයක් තිබුණෙ නැහැ.
වෙල්ලාලයන් පැමිණියේ කෝරමණ්ඩල (චෝලමණ්ඩල) වෙරළෙන්. ඔවුන්ට තියෙන්නෙ සොලී සම්භවයක්.
සොළීන් බලවත් වුණෙ නවවැනි සියවසේ පමණ. ඒ වන විට සිංහල ජාතිය බිහිවෙලා කලක්
ගතවෙලා. වෙල්ලාලයන්ට පාණ්ඩ්‍යයන් තම
මුතුන් මිත්තන් ලෙස සලකන්න බැහැ. ප්‍රභාකරන්ගේ මුතුන් මිත්තන් පැමිණ ඇත්තේ චේර
(කේරළ) දේශයෙන්. ඔවුන්ගේ බස මලයාලම්. එහෙත් ඔවුන් ද යාපනයේ සිටි සිංහලයන් ද
දහහත්වැනි සියවසෙන් පසු තමිල්නාඩු චෝල සංස්කෘතියට අවශෝෂණය කරගෙන.
විග්නේස්වරන් ඇතුළු දෙමළ ජාතිවාදීන් දෙමළ ඉතිහාසයක් ගැන කතා කළත්
මෙරට දෙමළ ජනවර්ගයක්වත් නැහැ. ඇත්තේ දෙමළ කතාකරන ජනයා පමණයි. සිංහලයන් ඈත අතීතයේ සිට කාලිංග වංග යක්‍ෂ නාග දේව සම්භවයට
අමතරව චේර පාණ්ඩ්‍ය පල්ලව ආදීන් සමග සම්බන්ධකම් පවත්වා තියෙනවා. වෙල්ලාලයන් සොළී
සම්භවයකට දෙමළ කතාකරන ජනයා ගෙන යන්න හදනවා. අදත් මෙරට යාපන, මඩකලපු, උඩරට යනුවෙන් දෙමළ කතා කරන ජනයා ඉන්නවා. තවමත් මෙරට දෙමළ ජනවර්ගයක්
නැහැ. අප පහසුවට දෙමළ ජනයා කිව්වත් ඒ එසේ නොවන බව අරුන් තම්බිමුත්තු හා
විග්නේස්වරන් සැසඳීමේ දී වුවත් පේනවා. තවමත් ජනවර්ගයක්වත් වී නැති අය තමන්
සිංහලයන්ට පෙර මෙහි විසුවා යැයි කීම මුසාවක්.
අර පොම්පරිප්පු ආදී වාසීන්ගෙන් පැවත එන්නෙ සිංහලයන්. ඒ ආදී වාසීන්
යක්‍ෂ ද නාග ද වෙනත් එකක් ද කියන එක දන්නෙ නැහැ. ඒත් ඒ සියල්ලන් සහ වංග කාලිංග
මිශ්‍රණයකින් තමයි සිංහලයන් ඇති වෙලා තියෙන්නෙ. ඒ සිංහලයන්ගෙ සෙල්ලිපි තමයි ලංකාව
පුරා ම තියෙන්නෙ. සිංහලයන් ජාතියක් බවට පත්වුණෙ බුද්ධාගම නිසා. නැත්නම් සමහර විට
සිංහල ජනවර්ගයක් එහෙමත් නැත්නම් සිංහල කතා කරන ජනතාවක් වෙන්න තිබුණා. සිංහල බෞද්ධ
රාජ්‍යය තමයි සිංහල ජාතියෙ රාජ්‍යය වුණෙ. රාජ්‍යයක් නැතිව ජාතියක් ඇති වන්නෙ නැහැ.
මුළු දකුණු ආසියාවෙන් ම ජාතියක් වුණෙ සිංහලයන් පමණයි. අපට තිබුණෙ වාංශික රාජ්‍යයක්
නො වෙයි.
කාලයේ පළවන මේ ලිපි උපුටා ගැනීමට අවසරයක් අවශ්‍ය නැහැ.