Main Logo

Showing posts with label Jefferson. Show all posts
Showing posts with label Jefferson. Show all posts

Monday, 16 July 2018

පහළින් ඇති කෙරෙන රාජ්‍යය හා දෙමළ ජාතිවාදය


පහළින් ඇති කෙරෙන රාජ්‍යය හා දෙමළ ජාතිවාදය



මා සිතූ පරිදි ම දෙමළ ජාතිවාදය ගැන ලියන ලිපි කියවන්නේ ඉතා සුළු පිරිසක්. එහෙත් මා ලියන්නේ වර්තමානයේ කියවීම සඳහා ම නො වෙයි. මා ලියන්නේ මට වුවමනා නිසාත් ඇතැමුන්ට ප්‍රශ්න තිබෙන නිසාත්. පඬි පෝතකයකු කියා තිබුණා බටහිර හා ඉන්දියාව ගැන කීම නිසා ම මා බටහිර මැදිහත් වීම ඊනියා තනුක කරනවා කියා. ඒ තනුක කරනවා ව්‍යවහාරය සිංහල ද කියන එක ප්‍රශ්නයක්. කවුරු හරි කියන්න බැරි නැහැ වහරනු සෙරෙන් සපයා කියා. එහෙත් කිසිම වැටහීමක් නැති පඬි පෝතකයන්ගේ වහර සමාජයට යන්නේ නැහැ.