ඉන්දියානුවන් හා ආසියාතිකයන්
මුළු ලෝකයේ ම දුඹුරු වර්ණ මිනිසුන් කී දෙනකු ඉන්නවා ද කියා මා දන්නේ
නැහැ. එවැනි මිනිසුන් ඉන්නේ දකුණු ආසියාව ලෙස හැඳින්වෙන ඉන්දියාවේ හා අවට රටවල්
කිහිපයක පමණයි. ඔවුන් කිහිප දෙනකු බටහිර රටවල ජීවත් වෙනවා. ඒත් බටහිර රටවල වෙනත්
වර්ණවල මිනිසුන් ද ජීවත් වෙනවා. ඒ බටහිර රටවල් මුළු ලෝකය ම යටත් කිරීමේ ප්‍රතිඵලයක්
ලෙස. ඔවුන්ගේ ආර්ථික යටත්විජිතවාදයට හා සංස්කෘතික යටත්විජිතවාදයට අනෙක් රටවල්
සියල්ල යම් ප්‍රමාණයකට හරි ගොදුරු වෙලා. ඒ නිසා ම අද බටහිර නොවන රටවල ඇතැමුන්
බටහිර රටවල පදිංචි වෙනවා.