Main Logo

Showing posts with label Dameda. Show all posts
Showing posts with label Dameda. Show all posts

Tuesday, 31 July 2018

නිරවුල් සංකල්ප හා ඊනියා දෙමළ ජනතාව




නිරවුල් සංකල්ප හා ඊනියා දෙමළ ජනතාව



පසුගිය දිනෙක අනුරාධපුරයේ ඇත කාලයේ දෙමළ ජනතාව හිටි බව කියැවුණා. ඔවුන් ටික දෙනකු වෙළඳාම සඳහා මෙහි පදිංචි වී සිටි බවත් කියැවුණා. අපේ උගතුන් (මාධ්‍යවේදීන් ද ඇතුළුව) සංකල්ප ගැන එතරම් නිරවුල් නැහැ. සරල රේඛා ඛණ්ඩය, කිරණය, සරල රේඛාව අතර ඇති වෙනස දන්නා අය කී දෙනකු ලංකාවේ ඉන්නවා ද? සැවො ම පාහේ සාමාන්‍ය පෙළට ගණිතය හදාරනවා. සෑහෙන පිරිසක් සාමාන්‍ය පෙළට පෙනී සිටිනවා. එහෙත් ප්‍රශ්න පත්‍රවලත් AB සරල රේඛාව යනුවෙන් සරල රේඛා ඛණ්ඩ හඳුන්වනවා. කිරණයක් කියන්නේ එක් ලක්‍ෂ්‍යයකින් පටන් ගෙන එක් දිශාවකට පමණක් අනන්තයට විහිදෙන ගණිතමය භූතාර්ථයකට. සරල රේඛාවක් නම් දෙපැත්තට ම අනන්තය දක්වා විහිදෙනවා. සරල රේඛා ඛණ්ඩයක් එක් පැත්තකින්වත් අනන්තයට යන්නේ නැහැ.