විග්නේස්වරන්ලාට කොටි අවශ්‍ය ඇයි?
උතුරු පළාතේ මහා ඇමති සී වී විග්නේස්වරන් පුවත්පතක් සමග කළ
සාකච්ඡාවක් දැන් වෙබ් අඩවිවලත් ප්‍රචාරය වෙනවා. එයට පිළිතුරක් සැපයීම අවශ්‍ය වන්නේ
ඔහු අද දෙමළ ජාතිවාදයේ ප්‍රධාන ප්‍රකාශකයන් දෙදෙනාගෙන් එක් අයකු නිසා. අනෙක්
තැනැත්තා සුමන්තිරන්. විග්නේස්වරන් ප්‍රධාන කරුණු දෙකක් කියනවා. එක් කියමනකින් ඔහු
විජයකලා කී දේ අනුමත කරනවා. අනෙකෙන් මෙරට බොරු දෙමළ ඉතිහාසය නැවතත් ප්‍රචාරය
කරනවා. මෙය විජයකලා ප්‍රකාශය ගැනයි. බොරු ඉතිහාසය ගැන දෙවැනි ලිපියකින්.