Main Logo

Showing posts with label New Scientist. Show all posts
Showing posts with label New Scientist. Show all posts

Monday, 9 July 2018

ආසියාව ද අප්‍රිකාව ද?

ආසියාව ද අප්‍රිකාව ද?

මේ පසුගිය 7වැනි සෙනසුරාදා නිව් සයන්ටිස්ට් සඟරාවේ පළ වූ ලිපියක්.

මිනිස් ජීවියා ඇතිවුණේ ආසියාවේ ද අප්‍රිකාවේ ද යන්න ප්‍රශ්නයක් වෙලා. මා මෙරට ඊනියා විද්‍යාඥයන්ගෙන් මෙයට විසඳුමක් බලාපොරොත්තු වන්නේ නැහැ. එහෙත් මගේ ප්‍රශ්නයක් තියෙනවා. මිනිසා එක තැනක ඇතිවුණේ ඇයි ද යන්න. මිනිසා කිහිප  තැනක ඇතිවන්නට තිබෙන බාධාව කුමක් ද? ඇතැම් විද්‍යාඥයන්ටත් ඒ ප්‍රශ්නය තියෙනවා. එහෙත් නිල බටහිර විද්‍යාව එය ඩී එන් ඒ කතා කියා මහහරිනවා. මෙයට පෙර අප්‍රිකා කතාව කී වෙලේ මා බහුසම්භව ප්‍රශ්නය නිව්සයන්ටිස්ට් කතුවරයාගෙන් ඇසුවා. ඔහු එයට දුන් පිළිතුරත් මේ සමග ඇති.

මා වඩාත් භයානක ප්‍රශ්නය ඇසුවේ නැහැ. සත්ව පරිණාමය ඩාවින් කියන ආකාරයෙන් ම සිදුවිය යුතු ද? එය තවත් කතාවක් පමණක් නොවේ ද?