Main Logo

Showing posts with label Tarski. Show all posts
Showing posts with label Tarski. Show all posts

Monday, 23 July 2018

සාධන හා පෙන්වීම්


සාධන හා පෙන්වීම්



ගණිත ප්‍රශ්න පත්‍රවල තියෙන්නෙ සාධනය කරන්න පෙන්වන්න කියල. මේ දෙකෙන් කියැවෙන්නෙ දෙකක් වුවත් ගණිතයේ දී පිළිතුරු දෙන්නෙ එකම විධියට. පෙන්වන්න කියන එක සාධනය කරන්න කියන එක තරම් දැඩි ව කළ යුතු දෙයක් නො වෙයි. එහෙත් පෙන්වීම කෙතරම් දුරට සාර්ථක ද කියල කියන්න බැහැ. සාධනය නම් නිවැරදි ද කියලා සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියල කිව්වෙ වරතමානයෙ ඉදිරිපත් කරන පරිගණක ආශ්‍රිත සාධන, පිටු දහස් ගණනක් දිවෙන සාධන නිවැරදි ද කියල කියන එක තරමක ප්‍රශ්නයක්.