Main Logo

Showing posts with label Separatism. Show all posts
Showing posts with label Separatism. Show all posts

Sunday, 22 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 11


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 11



ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ඇති වූයේ වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහිමි කිරීම නිසා ය කියන එක බොරුවක්. කලින් ලිපියේ පෙන්වා දුන් පරිදි ඡන්ද බලය අහිමි කෙළේ නැහැ. ලංකාව ඩොමීනියන් නිදහස ලැබීමෙන් පසු රටවැසියා යනු කවු ද කියා රටවැසි පනතකින් නිර්වචනය කළා. වතු කම්කරුවන් රටවැසියන් වූයේ නැහැ. ඔවුන් ඉංගිරිසින් විසින් ආනයනය කරනු ලැබූ එංගලන්ත යටත්විජිතවැසියන්. මා සඳහන් කර ඇති පරිදි හැත්තෑවේ දශකයේ එංගලන්තයේ හා ඕස්ත්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල වැසියන්ට ඡන්ද බලය හිමි වුණා. ඒ පොදුරාජ්‍ය මණ්ඩල රටවල වැසියන් ඒ රටවල දී එංගලන්ත යටත්විජිතවාසීන් ලෙස සැලකුණු නිසා. ඉංගිරිසියෙන් ඔවුන්ට කීවේ බ්‍රිටිෂ් සබ්ජෙක්ට්ස් කියා.