මියන්මා සම්බන්ධයෙන් තලගොයා කබරගොයා කිරීම
කන්න ඕන වුණා ම කබරගොයාත් තලගොයා වෙනවා කියල කතාවක් තියෙනවා. මා හිතන්නෙ ඒකෙ අනෙක් පැත්තත් තියෙනවා. ගහන්න ඕන වුණා ම තලගොයාත් කබරගොයාත් වෙනවා. මේ දවස්වල ඇතැම් සමාජයීය ජනමාධ්‍ය බිම්ස්ටෙක් රැස්වීම සම්බන්ධයෙන් කරන්නෙ තලගොයා කබරගොය් කිරීමක්.
බිම්ස්ටෙක් කියන්නෙ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල
බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගිතාව
සඳහා මුල පිරීමක්. මෙහි සාමාජික රටවල් හතක් තියෙනවා. ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මා, බංග්ලාදේශය, බූතානය, තායිලන්තය
හා නේපාලය. මෙහි ලේකම් කාර්යාලය ඇත්තේ බංග්ලාදේශයේ. දැනට ලේකම් ලෙස කටයුතු කරන්නේ
බූතාන ජාතිකයෙක්, බිම්ස්ටෙක් සංවිධානයෙ දැනට සභාපති රට ලංකාව. ඒ
ධුර කාලය ගිය වසරෙන් අවසන් වුණා. එහෙත් කොවිඩ් නිසා සෙසු රටවල් එකඟ වුණා මේ වසරෙත්
ලංකාව සභාපති ලෙස තියා ගන්න.
ඒ සභාපති කම අගෝස්තුවේ අවසන් වෙනවා. ඉන් පසු
සභාපති තායිලන්තය. ඒ සභාපති ධුරය මාරුවන ප්‍රධාන රැස්වීම එයට කලින් පැවැත්තෙන්න
ඕන. එයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රටවල් හතේ විදේශ ඇමතිවරුන්ගෙ රූ්වීමක්
පසුගිය පළමු වැනි දා අතථ්‍ය ව පැවැත්වුණා. ඒ ඒ රටවල විදේශ ඇමතිවරු තම රටවල ඉඳන් ම
රැස්වීමට සහභාගි වුණා. අර තලගොයා කබරගොයා කරන්න හදන සමාජයීය මාධ්‍යයකට අනුව කොළඹ
දී පැවති රැස්වීමට ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව මියන්මා හමුදා පාලනයේ නියෝජිතයකු
සහභාගි වෙලා තියෙනවා. කවුරුන් හරි නිගමනය කළොත් මියන්මා නියෝජිතයා කොළඹට පැමිණ ඇත
කියල මා පුදුම වෙන්නෙ නැහැ. ඇයි රැස්වීම පවත්වල තියෙන්නෙ කොළඹ නොවැ.
මේ රැස්වීමට කොළඹට පැමිණි එකම විදේශ ඇමති
දිනේෂ් ගුණවර්ධන පමණයි. ඔහු රැස්වීමේ සභාපති ලෙස කටයුතු කළ නිසා රාජ්‍ය ඇමති තාරක
බාලසූරිය ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දැරුවා.
අනෙක් විදේශ ඇමතිවරු හිටියේ ඒ ඒ රටවල. මියන්මාරය නියෝජනය කෙළේ ජාත්‍යන්තර
සහයෝගිතා ඇමති කෝ කෝ ලේන්. ඔහු හිටියේ මියන්මා අගනුවර වූ නෙපිටෝ නගරයේ.
අප්‍රේල් පලමුවැනි දා පැවති විදේශ ඇමති හමුවට
පෙර මාර්තු තිස්එක්වැනි දා විදේශ ලේකම්වරුන්ගේ රැස්වීම පැවැත්වුණා. අතථ්‍ය ව පැවති විදේශ ඇමති රැස්වීමට සහභාගි වන ලෙස මෙරට විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන
කිසිවකුට ආරාධනා කළේ නැහැ. මා දන්නා තරමින් දිනේෂ් ගුණවර්ධන 2024
ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන්නේ නැහැ. ඔය සමාජයීය මාධ්‍ය පහර දෙන්නේ
දිනේෂ් ගුණවර්ධනට නොවෙයි. ගෝඨාභය රාජපක්‍ෂට. ඒ මාධ්‍යට අවශ්‍ය වනවා ගෝඨාභය රාජපක්‍ෂ
අපකීර්තියට ලක් කර තමන්ගේ නායකයා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනන. තනිව ම
තරග කර ජනාධිපති වීමට නොහැකි එකී නායකයා සජිත් සමග එකතු වුණාත් පුදුම වෙන්න දෙයක්
නැහැ. හැරවුමක ඇරඹුම ඇරඹුම!
ගෝඨාභය රාජපක්‍ෂ මියන්මා හමුදා රජයට ආරාධනා කර
ඇතැයි කීම ආකර්ෂණීය කතාවක් වෙන්න පුළුවන්. ඒ ගෝඨාභයගේ හමුදා පසුබිමත් එක්ක.
බිම්ස්ටෙක් රැස්වීමට ආරාධනය කෙරුණේ ඒ ඒ රටවල විදේශ ඇමතිවරුන්ට. ආරාධනය කෙළේ ලංකාවේ
විදේශ ඇමති නොවෙයි. බිම්ස්ටෙක් සංවිධානයෙ සභපති රටේ විදේශ ඇමති. ඒ තැනැත්තාත්
දිනේෂ් ගුණවර්ධන. දිනේෂ් ගුණවර්ධන ආරාධනා පත්‍ර යවා ඇත්තේ ලංකාවේ විදේශ ඇමති ලෙස
නොව බිම්ස්ටෙක් සංවිධානයේ සභාපති රට ලෙස.
මෙය එක් රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට යැවුණු ආරාධනයක් නොව කලාපීය සංවිධානයක
රැස්වීමකට කලාපීය මට්ටමෙන් කරන ලද ආරාධනයක්. තමන් මහා දේශපාලන විචාරකයන් යැයි සිතා
සිටින ඊනියා ජාතික ව්‍යාපාරිකයන්ට මේ වෙනස නොතේරෙනවා නොවෙයි. ඔවුන් තලගොයා කබරගොයා
කරනවා.
බිම්ස්ටෙක් සංවිධානයට වැඩ රාශියක් කිරීමට
තියෙනවා. මේ රටවල් අතර ගණුදෙනු ඉතා සුළුවෙන් කෙරෙන්නේ. සංචාරකයන් ද එතරම් ඒ රටවල්
අතර සැරිසරන්නේ නැහැ. බොහෝ රටවල් අතර සෘජු ගුවන් සේවා නැහැ. ඒ ඉක්මණින් ඇති
කෙරෙන්න ඕන. නේපාලය, ඉන්දියාව, ශ්‍රී
ලංකාව හා මියන්මා සම්බන්ධීකරන බෞද්ධ චාරිකාවක් ඇති කරන්න පුළුවන්. විදේශ ඇමතිවරු ඒ
ආදී කරුණු ගැනත් සාකච්ඡා කර තියෙනවා.
මියන්මා රට සාමාජිකයකු වන්නේ බිම්ස්ටෙක්
සංවිධානයේ පමණක් නොවෙයි. එය අග්නිදිග ආසියාවේ රටවල සංවිධානයක් වූ ආසියාන්
සංවිධානයේත් සාමාජිකයෙක්. එහි සෙසු සාමාජිකයන් වන්නේ ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පුරූව, තායිලන්තය, බෘනෙයි, වියට්නාමය, ලාම් හා කාම්බෝජය. මේ රටවල විවිධ රැස්වීම් මියන්මා දේශයත් සහභාගි
කර ගනිමින් නීති පතා පැවැත්වෙනවා. විදේශ ඇමතිවරු මුදල් ඇමතිවරු ආදී වශයෙන් පමණක්
නොව හමුදාපතීන් ලෙස ද රැස්වීම් පැවැත්වෙනවා. මියන්මා විදේශ ඇමති අතථ්‍ය වශයෙන් නොව
සජීවී ව තායිලන්තයට ගොස් එහි දී එරට විදේශ ඇමතිත් ඉන්දුනීසියා විදේශ ඇමතිත් හමු
වුණා. ආසියාන් රටවල ලේකම් කාර්යාලය තියෙන්නෙ ඉන්දුනීසියාවෙ. මේ දිනවල එහි සභාපති
රට බෘනෙයි. එහෙත් ආසියාන් රැස්වීමවලට මියන්මා දේශයට ආරාධනය කිරීම සම්බන්ධයෙන් හා
මියන්මා නියෝජිතයන් රැස්වීම්වලට සහභාගිවීම ගැන
කිසිවකුවත් වෙනත් කිසිම රටකට චෝදනා කරන්නේ නැහැ.
චෝදනා එල්ල වන්නේ එක බිම්ස්ටෙක් රැස්වීමක්
සම්බන්ධ ව ලංකාවට පමණයි. පළමුවැනි දා පවත්වන ලද රැස්වීමට ඉන්දියාවත් සහභාගි වුණා.
මියන්මා දේශයට රැස්වීමට ආරාධනය කෙරී ඇත්තේ ඉන්දියාවෙත් කැමැත්ත ඇතිව. රැස්වීම අප්‍රේල්
පළමුවැනිදාට යොදා ගෙන ඇත්තේත් ඉන්දියාවේ අවශ්‍යතාවට. ලංකාවට පමණක් චෝදනා එල්ල
කරන්නේ තලගොයා කබරගොයා කරගෙන තම තම න්‍යාය පත්‍ර අනුව.