වරාය නගරය ගැන පළමුවෙන් කළ යුත්ත
කොළඹ වරාය නගරය පිළිබඳ පනත සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය හෙට ඇරඹීමට නියමිතයි. අධිකරණය පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද සංශෝධනය කළ යුතුු ද ඇතැම් වගන්ති ජනමත විචාරණයකට යොමු කළ යුතු ද ආදිය පිළිබඳ තීන්දුවක් දෙනු ඇති. මා මෙහි දී අදහස් කරන්නේ පනත පිළිබඳ මගේ මතය ප්‍රකාශ කිරීමට නොව එයට අදාළ ව කරුණු කිහිපයක් සඳහන් කිරීමයි.
මට තේරෙන
විධියට නම් අප පළමුව කළ යුත්තේ වරාය නගරය ලංකාවේ භූමියක් බව නීතිගත කිරීමයි. අද
තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වරාය නගරය ලංකාවට අයත් භූමියක්වත් ජල තීරයෙන්
කොටසක්වත් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය
අර්ථදැක්වෙන්නේ පස්වැනි ව්‍යවස්ථාව (වගන්තිය) අනුවයි. අපි එය පහත උපුටා
දක්වමු.
“5. ශ‍්‍රී
ලංකා ජනරජයට අයත් දේශය පරිපාලන දිස්ත‍්‍රික්ක [විසිපහෙන්ද] ජනරජයේ දේශීය ජල
තීරයෙන් ද සමන්විත වන්නේ ය. පරිපාලන දිස්ත‍්‍රික්ක [විසිපහෙහි] නම් [පළමුවැනි
උපලේඛනයෙහි දැක්වෙන්නේ යඃ
එසේ වුව ද, පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් තීරණය
කරනු ලබන පරිදි ඒ පරිපාලන දිස්ත‍්‍රික්ක, ඒවාට
වෙනස් වූ පරිපාලන දිස්ත‍්‍රික්ක සංයුක්ත වන පරිදි, නැවත
බෙදීම හෝ ඒකාබද්ධ කිරීම හෝ කරනු ලැබිය හැක්කේ ය.]”
“පළමු
වැනි උපලේඛනය
5 වැනි ව්‍යවස්ථාව
පරිපාලන දිස්ත‍්‍රික්කවල
නම්
1. කොළඹ 2.
ගම්පහ 3. කළුතර 4. මහනුවර 5. මාතලේ 6. නුවරඑළිය 7. ගාල්ල 8. මාතර 9. හම්බන්තොට 10. යාපනය 11. කිලිනොච්චිය 12. මන්නාරම 13.
වවුනියාව 14. මුලතිව් 15. මඩකලපුව 16. අම්පාර 17. ත‍්‍රිකුණාමලය
18. කුරුණෑගල 19. පුත්තලම 20. අනුරාධපුරය 21. පොළොන්නරුව 22. බදුල්ල 23. මොනරාගල
24. රත්නපුරය 25. කෑගල්ල”
වරාය නගරය සහිත
ව පස්වැනි ව්‍යවස්ථාවේ උපලේඛනය පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් වෙනස් කළ
හැකියි. ඒ සමග ව්‍යවස්ථා සංශෝධනයක් වීමත් අවශ්‍ය යැයි මා හිතනවා. කළ යුත්තේ
පරිපාලන දිස්ත්‍රික්ක විසිපහ වෙනුවට විසිහය කිරීමත් විසිහය වැනි දිස්ත්‍රික්කය ලෙස
අක්කර එක්දහස් ගණනකින් සමන්විත කොළඹ වරාය නගරය එක් කිරීමත් ය. මා හිතන්නේ පළමුව කළ
යුත්තේ එය කියා යි. එසේ නොමැතිව වරාය නගරය ගැන පනත් සම්මත කිරීමක් කළ නොහැකි යැයි
මා හිතනවා. පළමුව වරාය නගරය ලංකා ජනරජයට අයත් දේශයෙන් කොටසක් බවට පත් කර ගන්න ඕන.
දැනට කොළඹ වරාය ලංකා ජනරජයට අයත් පරිපාලන දිස්ත්‍රික්කයක්වත් ජල තීරයක්වත් නො
වෙයි. එවැන්නක් සඳහා පනත් සම්මත කර ගත හැකි ද යන ප්‍රශ්නය මූලික ව මතුවෙනවා.
වරාය නගරය කොළඹ
දිස්ත්‍රික්කයට බැරි නම් වෙනත් දිස්ත්‍රික්යකට ඇතුළත් කරන්න කියා යමකුට කියන්න
පුළුවන්. එහෙත් පළමුව වරාය නගරය ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශයේ කොටසක් බවට පත් කර
ගන්න ඕන. ඉන් පසුව අවශ්‍ය නම් වරාය නගර දිස්ත්‍රික්කය වෙනත් දිස්ත්‍රික්කයක් සමග
ඒකාබද්ධ කිරීම ගැන සලකා බලන්න පුළුවන්.
මෙහි දී තවත්
වැදගත් කරුණක් අවධාරණය කරන්න ඕන. කොළඹ වරාය නගරය යම් පළාතකට අයත් විය යුතු නැහැ.
පළාත් යන්න අටවැනි උපලේඛනය සහිත ව ව්‍යවස්ථාවට ඇතුළත් වූයේ 154 අ (1) අනුව පළාත්
සභා ඇති කිරීමටයි. කොළඹ වරාය නගරයට පළාත් සභාවකට අයිති වීමට හෝ අලුත් පළාත් සභාවක්
ඇති කර ගැනීම සඳහා අවශ්‍යතාවක් නැහැ. අහෝසි වීමට නියම වී ඇති පළාත් සභාවක් කොළඹ
වරාය නගරයට අවශ්‍ය නැහැ.
එක රටක් එක
නීතියක් යන්න ආකර්ෂණීය සටන්පාඨයක් පමණයි. එක් එක් දිස්ත්‍රික්කයට බලපාන සුවිශේෂ
නීති තියෙන්න පුළුවන්. එමෙන් ම ඒ ඒ ජනකොටස්වලට බලපාන විශේෂ නීතිත් තියෙන්න
පුළුවන්. එහෙත් වර්තමානයේ ඇතැම් ජනකොටස්වලට පමණක් බලපාන නීතිවල ඉතිහාසය හා සම්භවය
අනුව ඒ පිළිබඳ තීරණ ගන්න වෙනවා. මෙරට තේසවලාමේ නීතිය ලන්දේසීන් හා පසුව ඉංගිරිසින්
විසින් පනවනු ලැබුයේ එකල අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ආපසු ඉන්දියාවට ගිය දුණු
ඉන්දියානු වෙල්ලාලයන් මෙරට රඳවා ගැනීමටයි. එය කොහොමටත් දකුණු ඉන්දියාවේ බලපැවැත්
වූ මුස්ලිම් නීතියක්. අද වෙල්ලාලයන් ආපසු ඉන්දියාව යන්නේ නැහැ. අඩු තරමින් උසාවි
නිවාඩු කාලයටවත් ඉන්දියාවට යන්නේ නැහැ. අද තේසවලාමේ නීතිය යල් පැන ගිය නීතියක්. එය
අහෝසි කරන්න ඕන. මෙරට කෝරානය මත පදනම් වූ මුස්ලිම් නීතියක් ඇත්තේත් නැහැ.
ඉංගිරිසින් ඉතා මෑතක දි පනවපු නීති වගයකට මුස්ලිම් නීතිය කියනවා. ඒ නීති ඉවත්
කරන්න පුළුවන්.
එක රටක් එක
නීතියක් යන්න ආධානග්‍රාහි විධියට ගතහොත් බුද්ධාගම සම්බන්ධ පරිච්ඡෙදය ව්‍යවස්ථාවෙන්
ඉවත් කරන්න වේවි. අපට අවශ්‍ය ඒ අදාළ පරිච්ඡෙදය තවත් ශක්තිමත් කිරීමත් 1892 ආඥා පනත
ව්‍යවස්ථාවට ඇතුල් කිරීමටත්. ඒ කතාව පසුවට.