කොවිඩ් විපක්‍ෂය හා සංස්කෘතිය
විරුද්ධ පක්‍ෂයේ එක ම කාර්යභාරය ආණ්ඩුව කුමක් කළත් එයට විරුද්ධ වීම ය යන්න සජිත් සහ කණ්ඩායමේ ප්‍රතිපත්තිය වී තියෙනවා. ඔවුන් වෘත්තීය සමිතිවලින් වෙනස් වන්නේ නැහැ. ඒ නායකයන් කරන්නෙත් විරුද්ධවීම පමණයි. ඔවුන් ඊනියා අයිතිවාසිකම් මිස යුතුකම් ගැන කතා කරන්නේ නැහැ. මේ තමයි මෙරට දේශපාලනය.
කොවිඩ් 19 පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා.
එහෙත් ඇතැම් අවස්ථාවල ක්‍රියාකාරීත්වය මදිය කියා හිතෙනවා. අවුරුදු සමයේ නීති රීති
තව තද කළා නම් හොඳයි. එහෙත් එවිට නොයෙක් ප්‍රශ්න මතුවීම කොහොම වුණත් විපක්‍ෂය
ආණ්ඩුව අවුරුද්ද කෑවා කියන්න ඉඩ තිබුණා. අද කවුරු කාව කෑව ද යන්න ප්‍රශ්නයක්.
ආණ්ඩුව මැයි දින පෙළපාලි තහනම් කර තියෙනවා. කෙකරගාමීන් හිතන්නේ ආණ්ඩුව ඔවුන්ට බය
වී මැයි පෙළපාලි තහනම් කරල කියා. දැන් ජ වි පෙරමුණත් මැයි දින පෙළපාලි පවත්වන්න
යනවලු.
සියේට තුන සියේට කීයට අඩුවෙලා ද කියල දැන ගන්න
ජ වි පෙරමුණට මැයි දිනය පවත්වන්න ඕන නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ඔය කියන කම්කරු
පංතිය නම් කිසි දා බලයට එන්නෙ නැහැ. ඒකට හේතුව කම්කරු පංතිය කියා එකක් නැති වීම.
මට වැරදුණා. ජ වි පෙරමුණට තියෙන්නෙ නිර්ධන පංතිය මිසක් කම්කරු පංතිය නොවෙයි. ධනපති
කියන එකේ විරුද්ධ චචනය ධනදාස වෙන්න ඕන. අනුර රනිල්දාස නම් ඒ වැඩේ නියමෙට
කරනවා.
විරුද්ධ පක්‍ෂ දේශපාලනය කුමක් ද යන්න සජිත්ට
අනුරට කිරිඇල්ලට කියා දෙන එක තේරුමක් නැහැ. කියා දුන්නට ඔවුන්ට තේරෙන්නෙත් නැහැ.
මා කියන්නෙ ඔවුන්ට උගත්කමක් නැති බව නොවෙයි. සජිත් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ වෙන්ඩ
උපාධිධාරියෙක්. අනුර කැලණිය විශ්වවිද්‍යාලයෙ
ගණිතය හදාරල තියෙනවා. පෙම්බ්‍රෝක් කිරිඇල්ල නීිතිඥයෙක්. යුද්ධ කිරීම ගැන හොඳට
දන්නවා. පාසලේ ශිෂ්‍ය භටයකු හැටියට හිටිය ද කියල හොයල බලන්න ඕන.
ලංකාවෙත් කොවිඩ් ප්‍රශ්නය බරපතල් වේගෙන එනවා.
ලංකාවෙ හා ඉන්දියාවෙ මිනිසුන්ගෙ ආකල්ප ටිකක් එක වගේ. මිනිසුන්ගෙ විනයක් නැත්තේ ම
නැති තරම් බවක් පේන්න තියෙනවා. ඒත් ඒක සංස්කෘතික ප්‍රශ්නයක්. ඉන්දියාවටත් අපටත්
අපේ සාම්ප්‍රදායික ජීවන රටාව බටහිර ආකල්ප සමග මිශ්‍ර කරගන්න එක ප්‍රශ්නයක් වෙලා.
අපට තවම අපේ ම වූ සංවර්ධන ආකෘති නැහැ. ඉන්දියාවට මුළු රට ම හැටියට ගත්ත ම අපට වඩා
මුදල් සංචිතයක් තියෙනවා. ඔවුන්ට රොකට්ටු යවන්න පුළුවන්. ඒත් ප්‍රධාන නගරවල මුඩුක්කු තියෙනවා. අපත් ඉස්සර ඒවට කොරියාව
කිවුව.
ඒත් අද අපේ ශ්‍රමිකයන් ඉන්දියානුවන් (දකුණු)
කොරියාවට වැඩට යනවා. කොරියාව අපට මොනව කියනවා ද දන්නෙ නැහැ. ඒත් අප තේරුම් ගන්න ඕන
දෙයක් තියෙනවා. කොරියාව තම සාම්ප්‍රාදයික ජීවන රටාවෙන් ඈත්වෙලා. කලින් මහායාන
බෞද්ධ රටක් වූ කොරියාව අද කතෝලික රටක්. අපේ ප්‍රශ්නය අපේ ම වූ සංවර්ධන ආකෘතියක්
තනා ගැනීම. හාන්සිපුටු විවේචකයන්ට ජාතිකවාදීන් හුදු විරෝධාකල්පවාදීන් ලෙස විවේචනය
කරන්න පුළුවන්. ඒ අපට තවම සංවර්ධන ආකෘතියක් නිර්මාණය කර ගන්න බැරි වීම නිසා.
එහෙත් ජාතිකවාදීන් පසුගිය වසර තිහක පමණ කාලයක
දිනාගෙන ඇති දේ පේන්න තියෙනවා. හාන්සිපුටු විවේකයන් නොපිළිගත්තත් අපට කොටි පරාජය
කිරීමට හැකි වූයේ අප වර්ධනය කළ මතවාද නිසා. ඒ මතවාද ඇඟට නොදැනෙනවා වෙන්න පුළුවන්.
පඬි බසින් කිවුවොත් ස්පර්ශීය නොවනවා වෙන්න පුළුවන්. හාන්සිපුටු විවේචකයන් හා ඔවුන්
සමග වැඩ කළ හෙළ උරුමක්කාරයන් මංගල සමරවීර සමග ජාතිය මළකඳක් කියමින් යද්දී ඊනියා
සාම සාකච්ඡා පරාජය කිරීම වුවත් වැදගත්. මෙතෙක් කල් මුස්ලිම් ආක්‍රමණයට විරුද්ධ ව
බොහෝ දෙනා කතා කළත් සංගත මතවාදයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණා. එහෙත්
ජාතිකවාදීන්ට දැන් ඒ කිරීමට හැකි වී තිබෙනවා.
එහෙත් මෙරට ජාතිකවාදීන්ට තවම සංවර්ධන ආකෘතියක්
නැහැ. අප ඊනියා සමාජවාදී ආකෘතිය විවේචනය කරනවා. එය අසමත් ආකෘතියක්. එය
මාක්ස්වාදීන්ගේ මනෝරාජික සංකල්පයක් පමණයි. පැරණි වමටවත් ඊනියා නව වමටවත් සියයට
තුනේ කට්ටියටවත් සමාජවාදය කතා කර කර ඉන්න පුළුවන් මාතෘකාවකට වඩා දෙයක් නො වෙයි.
ඇතැම් ජාතිකවාදීන් ද ඊනියා බෞද්ධ සමාජවාදයක් ගැන කතා කරනවා.
බුදුහාමුදුරුවන් ඊනියා සමාජවාදයක් ගැන දේශනා කර
නැහැ. සමාජවාදය ගැන විශ්වාසකරන ජාතිකවාදීන්ට ගැට ගැහෙන්න පුළුවන් කියල හිතන
සංකල්පයක් තමයි බෞද්ධ සමාජවාදය. ඒත් එහි අඩු තරමෙන් නිර්වචනයක්වත් නැහැ. එයත් තවත්
මනෝරාජික සංකල්පයක් පමණයි. සංකල්ප ගැට ගහන්න බැහැ. බෞද්ධ සමාජවාදය කියන්නෙ එළහරකයි
මීහරකයි බැඳීම වගේ වැඩක්.
ඉන්දියාව රොකට්ටු ඇරියත් දුප්පත් රටක්. ඔවුන්
බටහිර සංකල්ප යොදා ගන්නේ සීමිත ක්‍ෂෙත්‍රවල. එහෙත් බටහිර සංකල්ප එවැනි අවස්ථාවල
ආධිපත්‍යය දරණවා. කොව්ඩ් 19 සම්බන්ධයෙනුත් එසේ මයි. ඉන්දියාවේ
බටහිර වෙද මහතුන් ප්‍රබලයි. මෝදි හින්දු ජාතිකවාදියකු වුවත් ඔහුට බටහිර වෙද
මහතුන්ට යට වෙන්න වුණා.
එහෙත් ඉන්දියානුවන් මධ්‍යම පාංතිකයන් ද ඇතුළුව
සමාජයීය වශයෙන් බටහිර වෙද මහතුන්ගේ නීති රීතිවලට යට වෙන්නෙ නැහැ. සාම්ප්‍රදායික
ජීවන රටාව හා බටහිර නීති රීති අතර තීරණයක් ගත යුතු අවස්ථාවල ඉන්දියානුවන් සමහර විට
බටහිර වෙද මහතුන් ද ඇතුළුව, අනුගමනය කරන්නේ සාම්ප්‍රදායික ජීවන රටාවයි.
සමාජ දුරස්ථතාව හා ගංගා ගඟේ නෑම අතර ඔවුන් තෝරා ගන්නේ ගංගා ගඟේ නෑමයි.
සිංහලයන් ට එයට වඩා වෙනස් ජීවන රටාවක්
තියෙන්නෙ. ඉන්දියාවෙ හරි මුස්ලිමුන් අතර හරි තියෙන සාමූහිකත්වයට වැඩි වෙනස්
සාමූහිකත්වයක් ලංකාවෙ තියෙන්නෙ. එහෙත් අපටත් සාමූහිකත්ව සංස්කෘතියක් තියෙන්නෙ. අපි
අද වන්දනාවෙ ගියෙ නැතත් ට්‍රිප් යන්න කැමතියි. සාමූහික ව වැවේ නාන්න කැමතියි. එක ම
පතේ කෑවෙ නැතත් එකට කන්න කැමතියි. ඒත් අපටත් සමාජ දුරස්ථතාව සංකල්පයක් හැටියට
තේරුම් ගන්න අමාරුයි.
අපට දෙයියන්නෙ ලෙඩ සම්බන්ධයෙන් වෙන් කිරීම කියන
සංකල්පය තියෙනවා. කොවිඩ් 19 මොන විධියට බටහිර වෙද මහත්තුරු තේරුම්
ගන්න හැදුවත් අපට කියන්න තිබුණෙ මේ දෙයියන්නෙ ලෙඩක් කියන එක. ඒත් මෙතන ප්‍රශ්නයක්
තිබුණා. පැපොල වැළඳුණු අයකු දැන ගන්න පුළුවන්. සරම්ප ගැනත් එසේමයි. එහෙත් කොවිඩ් 19
වැළඳුණු අයකු දැන ගන්නෙ කොහොම ද? පීසීආර් ධන කියන එකෙන් යමකු රෝගියකු
කියා කියන්න බැහැ. කොවිඩ් 19 රෝග ලක්‍ෂණ මොනවා ද?
පීසීආර් ධන අය රෝගීන් ලෙස සැලකීම වරදක්.
මිනිසුන් හිතුවෙ රෝගීන් නොවන අයත් රෝගීන් ලෙස ගාල් කරනවා කියා. පීසීආර් පරී්ක්‍ෂණවලට
මිනිසුන් මුල දි කැමති වුණෙ නැහැ. තවමත් කොවිඩ් 19 රෝගියකු යනු කවරකු දැයි බටහිර වෙද
මහතුන් දන්නවා ද? කොහොමත් බටහිර වෙදකමේ කොවිඩ් 19
රෝගයට බෙහෙත් නැහැ.
ඉන්දියාවෙත් ලංකාවෙත් ප්‍රශ්නය කොවිඩ් 19
ගැන කතා කිරීමට අපට භාෂාවක් නැති වීම. අප අපේ සම්ප්‍රදායෙ වචන යොදා ගත්තෙ නැහැ.
බටහිර වෙද මහතුන් කියන සමාජ දුරස්ථතාව වගේ සංකල්ප සාමූහික සංස්කෘතියක ජීවත්වන අයට
තේරෙන්නෙ නැහැ. කොවිඩ් 19 රෝගීන් හඳුනාගන්න විධියක් කියල ඔවුන්
වෙන් කරන්න කිවුව නම් ප්‍රශ්නය මෙතරම් දුර දිග යන්නෙ නැහැ. පීසීආර් පරික්‍ෂණයෙන්
රෝගීන් හඳුනාගන්න බැහැ.
කොවිඩ් 19 නිසා ලංකාව වගේ රටවල් වහන්න බැහැ.
මෙරට සහ ඉන්දියාවෙ වැඩි පිරිසක් එදිනෙදා වැඩක් කර ජීවත්වන අය. නවසීලන්තය ඕස්ත්‍රේලියාව
වගේ රටවල් වහන්න පුළුවන්. වහල තිබෙන කාලයේ ස්ථිර වැටුපක් නොමැති අයට යම් මුදලක්
ගෙවීමටත් ඒ ආණ්ඩුවලට පුළුවන්. අපට එවැන්නක් කරන්න පුළුවන් ද? එයට
මේ ආණ්ඩුවට බැනල වැඩක් නැහැ. මොන ආණ්ඩුවකටවත් ලංකාව ඉන්දියාව වගේ රටවල එවැන්නක්
කරන්න බැහැ. සජිත්ල ආණ්ඩු කෙරුව නම් බලා ගන්න තිබුණා.
චීනයට මේ ප්‍රශ්නවලට වෙනත් ස්වරූප තියෙනවා.
ඔවුන්ගෙ සාම්ප්‍රදායික ක්‍රම අනුව මිනිසුන් යම් ධුරාවලියක ස්ථානගත කෙරෙන්නෙ. බටහිර
නීති රීති නැති වුවත් ඔවුන්ට ඒ සමාජයීය ධුරාවලියෙ නිසගයෙන් ම සමාජ ධුරස්ථභාවයක්
ලැබෙනවා. අපට චීන ක්‍රමයට හැඩ ගැහෙන්න බැහැ. එහෙත් ඔවුන් ඔවුන්ගේ ම ක්‍රමයක ප්‍රශ්නවලට
පිළිතුරු සොයන බව පැහැදිලියි. ඉන්දියාවටත් තම සම්ප්‍රදායෙ කොවිඩ් 19
ගැන කතා කළා නම් තරමක් හරි බේරෙන්න තිබුණා.
මිනිසුන් කතා කරන්නෙ වචන බව ඇත්ත. ඒත් ඒ වචන
කතා කරන්නෙ යම් සංස්කෘතියක. සංස්කෘතියෙන් පිට කතා කරන වචනවලට තේරුමක් ලැබෙන්නේ
නැහැ. සමාජ දුරස්ථතාව එවැනි වචන දෙකක්.
අප සියල්ලට ම පළමු කොවිඩ් 19 රෝගීන් හඳූනා ගන්න ඕන. අපට හෙම්බිිරිස්සාව හැදුණු අයකු හඳුනා ගන්න පුළුවන්. කොවිඩ්19 වැළදුණු අයකු හඳුනා ගෙන ඔහු වෙන් කර තබා ගන්නේ කෙසේ ද?