Main Logo

Showing posts with label Mahayana. Show all posts
Showing posts with label Mahayana. Show all posts

Tuesday, 9 April 2019

කෙටි සටහන් කිහිපයක්

කෙටි සටහන් කිහිපයක්

බොහෝ දේ ලියන්න තියෙනවා. එහෙත් ලිපි කියවන්නේ නැති නිසා ලියල වැඩකුත් නැහැ. මේ ලිපියෙහි කෙටි සටහන් කිහිපයක් තබනවා. සමහරවිට පසුව විස්තර කිරීමේ බලාපොරොත්තුවෙන්. අප රටේ ඊනියා බුද්ධිමය මැදිහත්වීම් ගැන සමහරු කියවනවා. අපේ රටේ ඇති බුද්ධිමය මැදිහත්වීමක් නැහැ. අවුරුදු දහස් ගණනක ඉතිහාසයේ අප විසින් ලෝකයට දෙනු ලැබ ඇති දැනුම කුමක් ද? අප මහායානික අදහස් ගැන කියනවා. නාගර්ජුනපාදයන් ගැන කියනවා. ඒ අදහස් සියල්ල භාරතයේ නිර්මාණය වූ දේ. වෙනස්වීම සම්බන්ධයෙන් නම් මහාවිහාරයේ ප්‍රවාදයක් නිර්මාණය කෙරී ඇති බව වයි කරුණාදාස පවසා තියෙනවා. ථෙරවාදය ගැනත් අපට අර්ථකථනයක් දී ඇත්තේ අන්ද්‍ර ප්‍රදේශයෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ.