අයිසිස් ජාතික වශයෙන් පරාජය කරමු
මෙරට මුස්ලිම් අන්තවාදය බිහි වී ඇත්තේ සිංහල බෞද්ධ ස්වොත්තමවාදය නිසා බවත් අයිසිස් සංවිධානය ද එහි ම දිගුවක් පමණක් බවත් කීමට තවමත් කිසිවකු ඉදිරිපත් වී නැති වීම නම් තරමක සහනයක්. මෙරට මුස්ලිම් අන්තවාදය මාවනැල්ලේ බුදු පිළිම වහන්සේලාට පහර දීමෙන් නැත්නම් බොදුබල සේනා සංවිධානයට ප්‍රතිචාර දැක්වීමෙන් ඒ ආරම්භ වුවක් කියා කීමට තරම් හීනමානයෙන් පිරි කිහිප දෙනකු ඉන්නවා. ඔවුන්ට අද තර්කයක් නැති වෙලා. වෙනදා තර්ක තිබුණා නො වෙයි. අද ඔවුන්ට වචන ගොඩකින්වත් තම හීනමානයත් හිස්කමත් වසා ගන්න බැහැ.