Main Logo

Showing posts with label Certificates. Show all posts
Showing posts with label Certificates. Show all posts

Thursday, 2 January 2020

ගණුදෙනුව නැති කිරීමට ගෝඨාභයට ඉඩ නොදීම

    සිංහල ලිත් ඉලක්කම් 



ගණුදෙනුව නැති කිරීමට ගෝඨාභයට ඉඩ නොදීම 

ගණුදෙනු හෙවත් ඩීල් දේශපාලනය මෙවර නැවැත්වීමට බැරි වුණොත් නැවත නවත්වන්න මහා කාලයක් ගත වේවි. මෙරට ඩීල්දේශය (ඩීල්ලන්තය) කියා අප විසින් නම් කෙරුණේ කලකට ඉහත දී. එය දේශපාලනයට පමණක් සීමා වූ දෙයක් නො වෙයි. රාජ්‍ය සේවයත් අද පවතින්නේ බොහෝ විට ගණුදෙනුව මත. සාමන්‍ය මිනිහකුට වැඩක් කර ගැනීමට අතමිට මොළවන්න ඕන. එහෙත් එය පැරණි ව්‍යවහාරයක්. අද මිට මොළවල දෙන මුදලකින් වැඩක් කර ගන්න බැහැ. අතමාරුවක් කියන එක කොහොමටවත් හරියන්නෙ නැහැ. ඇතැම් ගණුදෙනුවලට බැංකුවක් ම හොලවන්න වෙනවා.