සිදුහත් කුමරු මිසදිටුවෙක් ද?
පසුගිය පොහෝ දින විකාශය වූ නොපෙනෙන මානයේ දී ටියුඩර් වීරසිංහ කියා තිබෙනවා බෝසතාණන් වහන්සේ මිසදිටුවකු ය කියා. ඔහු කියා ඇත්තේ බුද්ධත්වය ලැබීමට පෙර උන්වහන්සේ මිථ්‍යාදෘෂ්ටිකයකු ය කියා. ටියුඩර් වීරසිංහ රුසියාවේ උපාධි ලබාගත් අයකු. ලංකාවේ මෙතරම් විභ්වවිද්‍යාල තිබිය දී ඔහු රුසියාවට ගියේ ඇයි ද කියන එක ප්‍රශ්නයක්. සමහර විට ලංකාවේ විශ්වවිද්‍යාල ඔහුට සරිලන තත්වයක නොතිබෙන්න ඇති. එහෙත් ඔහු උගන්වන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක මණ්ඩපයක. ඔහුගේ දැනුම මෙරට ශිෂ්‍යයන්ට ලබා දීමට ඔහු තීරණය කරන්න ඇති.