Main Logo

Monday 2 May 2022

අධිෂ්ඨාන පූජා හා යාඥා

 

අධිෂ්ඨාන පූජා හා යාඥා

 

පසුගිය අප්‍රේල් 30 වැනි දා බෙල්ලන්විල රජමහා විහාරයේ දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සංවිධානත්වයෙන් රටට දැයට සෙත්පතා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණා. එය බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණෙ. අනුශාසනාව පවත්වනු ලුබුයේ පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන් විසින්. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති චන්ද්‍ර වාකිෂ්ට මහතා ප්‍රමුඛ සම්මේලනයේ නිලධාරීන් හා සාමාජිකයන් රැසක් පූජාවට සහභාගි වුණා. අනෙක් පළාත්වලත් මෙවැනි පූජා පවත්වන බව බෞද්ධ සම්මේලනයේ නිලධාරීන් අතින් පැවසුණා.

 

පූජ්‍ය බෙල්ලන්විල ධම්මතරතන හිමියන් ප්‍රකාශ කෙළේ අද රට මුහුණ පා ඇත්තේ ඉතිහාසයේ නුවූ විරු තත්වයකට බවයි.  අද ඉතාමත් බුද්ධිමත් ව  ක්‍රියා කළ යුතු බව පැවසු උන්වහන්සේ ඉල්ලා සිටියේ ගින්න නිවීමට මිස ගින්නට පිදුරු දැමීමට කටයුතු නොකරන ලෙසයි. පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමියන්  තමන්වහන්සේගේ අනුශාසනාවෙහි දී භික්‍ෂු නායකත්වය ගැන සඳහන් කරමින් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය මහා සංඝ රත්නය විසින් හැඩ ගස්සනු ලැබූ ආකාරය මතක් කළා.

 

මේ අධිෂ්ඨාන පූජාව සංවිධානය කිරීුම පිළිබඳ ව අප සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට කෘතඥ වෙන්න ඕන. මෙවැනි පූජා දිවයින පුරා සංවිධානය කිරමෙන් යම්කිසි ආධ්‍යාත්මික ශක්තියක් රටට ලබා දෙන්න පුළුවන්.

 

ඒ අතර ජනමාධ්‍ය තම යුතුකම ඉටු කරන්නේ ද යන ප්‍රශ්නය අසන්න වෙනවා. අද ජනමාධ්‍ය ක්‍රියා කරන්නේ ඒ ඒ අයිතිකරුවන්ගේ න්‍යාය පත්‍රවලට එකඟවයි. මේ අධිෂ්ඨාන පූජාවට මාධ්‍ය අනුග්‍රහය ලබා දී තිබුණේ දෙරණයි. එහෙත් දෙරණ ගින්නට පිදුරු දාන බව පැහැදිලි ව පේන්න තියෙනවා. මෙවැනි වැඩ සටහනකට දහවල් ප්‍රවෘත්ති විකාශයේ තරමක් විස්තරාත්මක ව ප්‍රචාරයක් දී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ වාක්‍යකින් දෙහෙකින් අනුග්‍රහය ලබා දී ගිනි නිවන්න බැහැ. උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ යන්න වුණත් කතෝලික පවු සමාකිරීමට ප්‍රතිචාරයක් වශයෙන් තනාගත් පිරූළක් ලෙසයි මට වැටහෙන්නේ.

 

අද මේ (ජඩ) අරගලය විවිධාකාරයෙන් ඇද ගෙන යෑමට විවිධ අය උත්සාහ දරණවා. ඒ ගින්නට පිදුරු දාන්න නො වෙයි. ගින්නට තෙල් දාන්න. අද වන විට බවුසර් හිමියන්ගේ වර්ජනයක්. මෙරට බස් හිමියන් බවුසර් හිමියන් ආදීනුත් වර්ජනය කරනවා. වෙන රටවල නම් වර්ජන කරන්නේ සේවකයන්. මේ වර්ජන පැහැදිලිව ම ආණ්ඩුව පෙරළීමට කරන වර්ජන. තෙල් මිල වැඩි වූ විට ප්‍රවාහන ගාස්තු වැඩිවේ නම් ඒ සඳහා යම් මුදලක් ගෙවන එක එකක්. එය ගණනය කර ගැනීම එතරම් අපහසු වෙන්න බැහැ. යම් සාමන්‍යයක් ගෙවීමට කටයුතු කරන්න පුළුවන්. එහෙත් බවුසර් හිමියන් ඉල්ලන්නේ එවැනි වැඩි කිරීමක් ද?

 

ඊයේ වැඩ නොකරන ජනතාවගේ දිනය වෙන්න ඕන. ඒ වෙනුවෙන් අදත් වැඩ නොකර සිටීමට ආණ්ඩුව අවසර දීලා. මේ රටේ තරම් ඊනියා දීර්ඝ සතිඅන්ත වෙනත් රටක නැතුව ඇති. වැඩ නොකර ගෙදර හිටියම තෙල් ටිකක් ඉතුරු වෙනවා. අර ජඩ අරගලයේ බිරියානි බෙදීමට හා අනෙක් නඩත්තු කටයුතු සඳහාත් ඩොලර් පිටරටින් ලැබෙනවා. ඒවා බැංකු හරහා එවනවා නම් ආණ්ඩුවට ඩොලර් ටිකක් හරි ලැබෙනවා.

 

ඔය ඊනියා අරගලවලින් ආණ්ඩුව වට්ටන්න බැහැ. ආතල් ගන්න නම් පුළුවන්. මේ ඊනියා අරගලය පදනම් වන්නේ පට්ටපල් බොරුවක් මත. මේ ඩොලර් අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම කියනවා. මොන තරම් දක්‍ෂ හොරුන්ට වුවත් අවුරුදු දෙකකින් ඔය තරම් හොරකම් කරන්න බැහැ. අනෙක් අතට 2005 -2015 දක්වා මහින්ද රාජපක්‍ෂට හොරකම් කර රට බංකොළොත් කරන්න තිබුණා. අවුරුදු දෙකකින් මේ තරම් හරියක් කරන්න පුළුවන් නම් අවුරුදු දහයකින් මොනවා කරන්න තිබුණ ද?

 

ඔය විපක්‍ෂයේ ඉන්න අය සත පහකවත් වංචාවක් කළ අය නො වෙයි. ඔවුන් ණය ගත්තා පමණයි. පහුගිය යහපාලන ආණ්ඩුව කාලෙ දී තරම් ණය කන්දරාවක් කිසිම  ආණ්ඩුවකින් අරන් නැහැ. ඒත් කළ වැඩකුත් නැහැ. ඒකට කමක් නැහැ. ඒ ණයට වෙච්ච දෙයක් ගැනවත් අර්ජුන මහේන්ද්‍රන් ගැනවත් අපි අහන්නෙ නැහැ.  ඔය ආර්ථික විශේෂඥයන්ට කියන්න පුළුවන් ද ණය ගෙවන විධියක් ගැන. අදත් ඔවුන් කතා කරන්නෙ ණය ගන්න විධි ගැන, ණය ගෙවීම කල්දාගන්න විධි ගැන. ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවෙ කියන  වැදගත් දෙයක් නැහැ.

 

අප එදත් අදත් කියන්නෙ මේ ජඩ අරගලය සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීම සඳහා පිටරට හා මෙරට ආගම්කාරයන් කරන එකක් බව. අප එය පරාජය කිරීමට කටයුතු කරන්න ඕන. එහි දී මහා සංඝ රත්නය අපට අවවාද අනුශාසනා කරනවා ඇති. ඒත් ඒ ඕමල්පේ සෝභිත හාමුදුරුවන් වගේ තම නායකයා ජනාධිපති හරි අගමැති හරි කරන්න නො වෙයි. නැහැ මා කිවුවෙ බුදුහාමුදුරුවන් ගැන නො වෙයි. සිදුහත් කුමරු රජ සැප අත්හැර ගිය අයෙක්. අද ඉන්නෙ මිනිසුන් රවටන්න තාවකාලික පැවිද්ද ලබා ගත් අය. ගම්මන්පිළ මොක ද කියන්නෙ.

 

වෙසක් පෝයත් ළඟ එනවා. දැන් අලුත් හඳක් තියෙන්නෙ. පුර පක්‍ෂයෙ. අර යාඥා සඳහා දැන් ආතල්ගමට ජනයා එන්නෙ නැද්ද? මා කියන්නෙ ඊනියා ජනතාව ගැන නොවෙයි. ඇහැට කණට පේන ඉන්ද්‍රිය ගෝචර පිරිමි ටිකක් ගැන. ඇහැට කණට පේන ගැහැණුන් යාඥා කරන්න එන්නෙ නැහැ. ඔවුන්ට මානව අයිතිවාසිකම් නැද්ද? ඊනියා නිරාගමිකයන් මොකද කියන්නෙ.