ජනාධිපති බලතල කප්පාදු කිරීම
අද නැවතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හරි එහි බලතල කප්පාදු කිරීම හරි පිළිබඳ සාකච්ඡාව නැවතත් මතුවෙලා. නීතිඥ සංගමයත් ඒ ගැන වයිවාරණ කතා කියනවා. නීිතිඥයන් නීති උපදෙස් දෙන අය. ඒ උපදෙස් දෙන්නේ දෙපැත්ත සලකා බැලීමෙන් පසුවට වඩා තමන්ගේ පැත්ත නිවැරදි ය කියන්න. එය හැම තිස්සෙ ම පූර්ව නිගමනයක් උඩ කෙරෙන්නක්. පූර්ව නිගමනයක සිට එය තහවුරු කිරීමට උත්සාහ කිරීම තමයි නීිතිඥයන් කරන්නෙ. එත් ඔවුන්ට එය කරන්න සිද්ධ වෙන්නෙත් පවත්නා නීතිය යටතේ.
අද පවත්නා නීතිය මොකක් ද? මෙරට
ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ කුමක් ද? නීතිඥ සංගමය කී පමණින් අපට විධායක
ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවේ දී වෙනස් කරන්න පුළුවන් ද? එගෙමත්
නැත්තන් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල කප්පාදු කරන්න පුළුවන් ද? මා
නීිතිඥයකු තබා උගතකුවත් බුද්ධිමතකුවත් නොවන බව කිහිප වතාවක් ම කියා ඇති. නැවතත් ඒ
බව මතක් කරන්න ඕන. මා තර්ක කරනවා. එපමණයි. එහෙත් තර්කය ගැනත් මගේ ඇත්තේ සාමාන්‍යයෙන්
සමාජයේ ඇති මතය නො වෙයි. තර්කයත් උපකල්පන මත අනුමාන නීති (inference rules) මත පදනම් වෙනවා.
ඒත් මෙහි දී අපට උපකල්පන පහසුවෙන් ලියන්න
පුළුවන්. අපි ව්‍යවස්ථාව පිළිගන්නවා. ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් ව්‍යවස්ථාවට
අනුව පමණක් බව පිළිගන්නවා. ආතල්ගම විප්ලවීය අවස්ථාවත් මග හැරුණා. අපරාදෙ, නැත්තන්
ව්‍යවස්ථාව අල්ලල විසිකරන්න තිබුණා. දැන්
කරන්න දෙයක් නැහැ. ව්‍යවස්ථාව වෙනස් කරන්න වෙන්නෙ ව්‍යවස්ථාවට එකඟ ව.
අපේ ව්‍යවස්ථාවෙ තුන්වැනි වගන්තියට අනුව ජනරජයේ
පරමාධිපත්‍යය ජනතාව සතු ය. එහි ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. බොහෝ දෙනාට
වියුක්ත කියන එක තේරෙන්නෙ නැහැ. වියුක්තය ඇහැට කණට පේන්නෙ නැහැ. එය සිතින් මවා
ගන්නවත් බැහැ. මේ මිනිස්සු කියන සංකල්පය වියුක්තකරණයට ලක් කිරීමෙන් තමයි ජනතාව
කියන සංකල්පය ලැබෙන්නෙ. ජනතාව කියන්නෙ ආතල්ගමේ නාගරිකයන් නොවන බව අවධාරණය කරන්න
ඕන. කොහොමටත් දැන් ආතල්ගමක් නැහැ. මට මතක්
වෙනවා කලකට පෙර විදුසර පත්තරේ මා සමග වාද කළ අමරසේකර අනුගාමිකයකු වූ තවත්
දත්දොස්තර කෙනකු වූ අශෝක අමරතුංග. ඔහු මහාචාර්යවරයකු කියන අයෙක්. ඔහු වියුක්තය ගෑන
දැන සිටියේ විවික්ත කියා. ඒ තමයි අපේ දැනුම.
ඒ කොහොම වෙතත් තුන්වැනි වගන්තිය ඉතා වැදගත්.
පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය කියා එහි සඳහන් වෙනවා. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ
ය කියන එක අත්හරින්න පුළුවන් ද? එය ප්‍රශ්නයක්. ව්‍යවස්ථාවේ සමහර
වගන්ති තියෙනවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන් පමණක් වෙනස් කරන්න බැරි. ඒ
වගන්ති වෙනස් කරන්න හරි අත්හරින්න හරි තුනෙන් දෙකකින් සම්මත වීමට අමතර ව ජනමත
විචාරණයකින් සම්මත වෙන්න ඕන. තුන්වැනි වගන්තියත් එවැනි වගන්තියක්.
දැන් විධායක ජනාධිපති ක්‍රමය ගැන කියැවෙන්නෙ හතරවැනි වගන්තියෙන්.
හතරවැනි වගන්තියෙන් කියැවෙන්නෙ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වෙන හා භුක්ති විඳින
විධිය. මතක තබා ගන්න පරමාධිපත්‍යය තියෙන්නෙ අර වියුක්ත ජනතාවට. ඒ පරමාධිපත්‍යයේ
අංග තුනක් ව්‍යවස්ථාවෙ දැක්වෙනවා. ඒ
ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය, ජනතාවගේ විධායක බලය හා ජනතාවගේ අධිකරණ
බලය. වියුක්ත ජනතාව ඒ බල ක්‍රියාත්මක කිරීමට සංයුක්ත ආයතන තුනකට පවරල තියෙනවා. ඒ
පිළිවෙළින් පාර්ලිමේන්තුව හා ජනමත විචාරණය,
ජනාධිපති හා පාර්ලිමේන්තුව. අධිකරණ
බලයත් ක්‍රියාත්මක වෙන්නෙ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුව ඒ සඳහා ආයතන සකස් කර
තියෙනවා.
මතක තබා ගන්න අපි පහසුවට විධායක ජනාධිපති
කිවුවට ඔහු කරන්නෙ වියුක්ත ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කිරීමක්. පාර්ලිමේන්තුව
ගැන ද කියන්න තියෙන්නෙ එවැන්නක්. ඒ කොහොම වෙතත් හතරවැන වගන්තිය තුන්වැනි වගන්තිය
සමග බැඳිලා. ඒ නිසා හතරවැනි වගන්තිය වෙනස් කරන්නත් තුනෙන් දෙකට අමතර ව ජනමත
විචාරණයක් අවශ්‍ය වෙනවා. එ බව කියන්නෙ නූගතකු වූ මා නොව ශ්‍රෙෂ්ඨාධිකරණයයි. ශ්‍රෙෂ්ඨාධිකරණයේ
පූර්ණ විනිශ්චය මණ්ඩල තින්දුවකින් කියැවෙන්නෙ හතරවැනි වගන්තිය වෙනස් කරන්නත් ජනමත
විචාරණයක් අවශ්‍ය කියා. ඒ කියන්නෙ ජනාධිපති ක්‍රමය සංශෝධනය කරන්න හරි අත්හරින්න
හරි ජනමත විචාරණයක් පවත්වන්න ඕන.
දැන් කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් එහෙනම්
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති සතු ඇතැම් බලතල කප්පාදු කළේ කෙහොම ද කියා.
එය නීති විරෝධීව කළ දෙයක්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්
කිරීමෙන් පසුව සංශෝධන කිහිපයක් ගෙනාවා. මගේ දැනුම නිවැරදි නම් අධිකරණයට ඉදිරිපත්
කෙරුණෙ අර මුල් කෙටුම්ත. ශ්‍රෙෂ්ඨාධිකරණයෙ දි නීිතිපති අර සංශෝධන ගෙනාවා. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන්
අනුමත වුණෙ අර මුල් පිටපත මිසක් සංශෝධන නො වෙයි.
පාර්ලිමේන්තුවෙ දෙවැනි වර කියවීමේ දී විවාදයට
භාජනය වුණෙ අධිකරණය අනුමත කළ මුල් කෙටුම්පත. එහෙත් කාරක සභා අවස්ථාවේ දී අර ව්‍යවස්ථා
විරෝධී සංශෝධන ගෙනල්ල සම්මත කර ගත්ත. අධිකරණයට ඉන්පසු කරන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ
ඊනියා සංශෝධනවලට විරුද්ධ වුණෙ සරත් වීරසේකර පමණයි.
ඊයේ විජේදාස රාජපක්‍ෂ ඉදිරිපත් කළ කෙටුම්පතේ
මොනව තියෙනවා ද කියා මා දන්නෙ නැහැ. එහෙත් ජනාධිපති බලතල සංශෝධනය කරන වගන්ති එහි
තියෙනව නම් ජනමත විචාරණයකින් ඒ අනුමත වෙන්න ඕන. දැනට ඉදිරිපත් වෙලා තියෙන
විසිඑක්වැනි හා විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධන ගැනත් කියන්න තියෙන්නෙ එයයි.