අගමැති අස්වුණොත්
සකර්බර්ග් අනාථ කඳවුරේ කතෝලික සම්භවයක් ඇති ඊනියා විද්‍යාඥයෙක් කියා තිබුණා ජාතික චින්තනයට ඊනියා අරගලය තේරෙන්නෙ නැහැ කියා. මොන විද්‍යාව හැදෑරුවත් පඬි නැට්ටා පඬි නැට්ටාමයි. පඬි නැට්ටා කියන ඒක ඇත්ත. ජාතික චින්තනයේ ගුණදාස අමරසේකරට මේ කිසිවක් තේරෙන්නෙ නැහැ. ඔහුට ඇත්තේ කවි සංකල්පනා මිස සංකල්ප නො වෙයි. කවි සංකල්පනා කියන්නෙ විසිරුණු අදහස්. ඒ අවශ්‍ය නැහැ කියා මා කියනවා නො වෙයි. කොහොමත් සිංහලයන් කවියන්. සිංහලයන්ට දැනෙන්නේ කවි සංකල්පනා මිස සංකල්ප නො වෙයි. මෙරට බුද්ධිමතුන්ගේ රික්තයක් තියෙන බැවින් කවි සංකල්පනාවලට ද සංකල්ප, දාර්ශනික සිතුවිලි ආදිය කීමට ද ජනතාව පුරුදු වෙලා.
මා ජාතික චින්තනයෙ නො වෙයි. කලක් මා ජාතික
චින්තනය වෙනුවෙන් ලියූ එක ඇත්ත. කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික චින්තන යැයි කී
කණ්ඩායමට සන්ඩේ ඔබ්සර්වර් ප්‍රමුඛ ජඩමාධ්‍යයෙන් පහර දෙන විට ගුණදාස අමරසේකර ජාතික
චින්තනය අත්හරිමු යැයි කී විටත් මා ජාතික චින්තනය වෙනුවෙන් පෙනී සිටියා. එහෙත් මා
ජාතික චින්තකයකු නො වෙයි.
අපට ඊනියා අරගලය මුල සිට ම හොඳින් ම තේරුණා. එය
අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීමට ආගම්කාරයන් එකතු වී
අරඹන ලද ව්‍යාපාරයක්. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ව්‍යාපාරයක්. එය ඊනියා
නිර්පාක්‍ෂික නිර්දේශපාලනික ව්‍යාපාරයක් ලෙසයි බටහිරයන් විසින් ආරම්භ කෙරුණෙ. එහි
පිටුපස ඉන්නෙ එංගලන්තය. පැතුම් කර්නර් ඒ ව්‍යාපාරයෙ ඉත්තකු පමණයි.
මේ ව්‍යාපාරය මා කිහිප වතාවක් කියා ඇති ආකාරයට
නන්දිකඩාල් පරාජය ඉවසා ගන්න බැරි ඉංගිරිසින් රාජපක්‍ෂලා ගෙදර යැවීමටත් පසුව
බුදුහාමුදුරුවන් මෙරටින් පිට කිරීමටත් අරඹන ලද ව්‍යාපාරයක්. දින පනස් දෙකේ ආණ්ඩුව
පෙරළා දැමුණෙත් ඒ අරමුණෙන්. පසුව සිංහල ඡන්දවලින් ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වීමෙන්
පසු ඔවුන් සර් ෆේල් ව්‍යාපාරය පටන් ගත්තේ මාස දෙකකින් පමණ. කොවිඩ් සාර්ථක ව මර්දනය
කරන විටත් සර් ෆේල්. එකල රවි කුමුදේශ්, උපුල් රෝහණ, අර
බටහිර වෙද නෝනලා, ආදී විශාල පිරිසක් අරක කරා නම් හරී මේක කරා නම්
හරි කියන්න ගත්තා. වෙද නෝනලාගෙන් බේරිල්ලක් නැති වුණා රට වහන්න කියා. ගෝඨාභය රට
වැහුවොත් ආර්ථිකය කඩා හැලෙන බව කියද්දිත් ලස්සන මල් නෝනලා රට වහන්න කිවුවා.
රට වැහුවා. ආර්ථිකය කඩා වැටෙන්න ඒකත්
හේතුවක් වුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටීම උණ්ඩියල් සල්ලි ආදිය නිසා අර්ථිකය කඩා
වැටුණා. ඒ සියල්ල රාජපක්‍ෂලගෙ ඊනියා
හොරකම් ය කියා කීමට අර ව්‍යාපාරිකයන් සමත් වුණා. දැන් රනිල්දාස වැඩේ අතට අරන්.
සර් ෆේල් සමග කාදිනල්තුමා කද බැඳ ගත්තා. පාස්කු
ප්‍රහාරයේ මහ මොළකරු හොයන්න පටන් ගත්තා. සහාරාන් බෝම්බ ගැහුවෙ ගෝඨාභය ජනාධිපති
කරන්නය යන මතය කෙලින් ම කිවුවෙ නැහැ. ඒත් ඒ බවක් ඇඟෙවුවා. කාදිනල්තුමා පාස්කු දා
පල්ලි නොගොස් ගෙදර සිටි හරීන් ප්‍රනාන්දුගෙන් ඇහුව නම් මහා මොළකරු දැන ගන්න
තිබුණා. ඒ දැන සිටි කතෝලිකයන් කාදිනල්තුමා දැනුවත් කෙළේ නැද්ද? දැනුවත්
කර තිබිය දීත් කාදිනල්තුමා කිසිවක් කළේ නැද්ද?
ඩොලර් සංචිතය බැසීමත් සමග ඇති වූ තෙල් ගැස්
හිඟය විදුලිය කැපීම ආදිය අර ව්‍යාපාරිකයන්ට හොඳ ආයුධයක් වුණා. සියල්ල රාජපක්‍ෂලා
පිටින් යැවුවා. රාජපක්‍ෂලාගෙන් ගෝඨාභයට තමයි වැඩි ජාතිකත්වයක් ඇත්තෙ. උතුරු
නැගෙනහිර පළාත්වල බෞද්ධ සංස්කෘතිය පුනරුත්ථාපනය කිරීමට ගත් පියවර විශේෂයෙන් ම
මුස්ලිමුන්ගේ වෛරයට හේතු වුණා. මුස්ලිමුන්ට අමතක වෙන්න ඇති තමන් නැගෙනහිර පළාතේ
පදිංචි කරවනු ලැබුවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ රජවරුන් විසින් බව.
සියලු ආගම්කාරයන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති
කිරීමට එකතු වුණා. කාදිනල්තුමා මහ මොළකරු මගින් කතෝලික මුස්ලිම් සමගිය ගොඩ නැගුවා.
පාදෙණියලා රවි කුමුදේශ්ලා ජෝසෆ් ස්ටැලින්ල මහින්ද ජයසිංහල රතන්ප්‍රියලා වැඩ වර්ජන
සංවිධානය කළා. ආර්ථික අර්බුදයත් සමග දේශපාලන වාසියක් ලබා ගැනීමට විමල් වීරවංශ
ස්වාධින වුණා. ඔහු ඌව පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයට වෙන ම තරග කර
පරාජය වී නැවතත් රාජපක්‍ෂලා වෙතට ආ අයෙක්. ඔහු නොදත් දොස්තරගේ අවවාද අනුව වැඩ
කරනවා. ඔහුූ ස්වාධීන වී මුහුණත් එක්ක තරහට නාසය කපා ගත්තා. ඔහු හොද්දට ලුණු ටිකක් වැඩි
වුණු ගමන් දික්කසාද වෙන්නෙක්. අද ඔහු සුමන්තිරන් සමග එකතු වී ආණ්ඩුව ගෙදර අරින්න
හදනවා. ඔහුගේ ඊනියා ජාතිකත්වය අමරසේකරට වුණත් පේන්න ඕන.
ඊනියා නිර්දේශපාලනික අරගලය ඉදිරියට යන්නෙ නැහැ.
එය ලොව නොසෙල්වූ දින දහය ලෙස ඉතිහාසගත වෙලා ඉවරයි. ආතල්ගම ඇත්තේ ආතල් පමණයි. ඔය ව්‍යාපාරය
පිටුපස ඉන්න අය දැන් ලංකා වසන්තය උදා කරවීම අවසන් කරලා. ආතල් අතරට ජෙප්පන් හා
සෙප්පන් ඇවිත්. ආතල්ගම දැන් විවෘතව ම දේශපාලනීකරණය වෙලා. මධ්‍යම පංතියේ ඉහළ කොටසට
දැන් පහළ කොටසේ නායකත්වය යටතේ ආතල් ගන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නෙ ආතල්ගම
පකිස්ථානෙට ගෙනි යන එක. එහෙ පැය දහඅටක් විදුලිය කපනවලු. ඔවුන්ට ආතල් අවශ්‍යයි.
හයවැනි දා හර්තාලය කරන්නේ පනස්තුනේ හර්තාල් කළ
සමසමාජ පක්‍ෂයවත් කොමියුනිස්ට් පක්‍ෂයවත් නො වෙයි. අර ජෝසෆ් ස්ටැලින් මහින්ද
ජයසිංහ රවි කුමුදේශ් රත්නප්‍රිය කණ්ඩායමයි. පාදෙණියටත් එයට එකතු වෙන්න පුළුවන්.
පනස්තුනේ හර්තාලයෙන් අමාත්‍ය මණ්ඩලය නැවකට යැවුණා. ඩඩ්ලි සේනානායක ගෙදර යැවුණා.
ඒත් අද ගෝඨාභය හොලවන්න බැහැ. මහින්ද අද හෙට අස්වුණොත් ඒ අස්වෙන්නෙ ඔහුගෙ සෞඛ්‍ය
තත්වය නිසා මිස දේශපාලන හේතුවක් නිසා නො වෙයි.
අද මේ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධී ඊනියා
නිර්පාක්‍ෂික නිර්දේශපාලනික ව්‍යාපාරය පරාජය වී අවසන්. අද කරන්න ඇත්තේ ඒ ව්‍යාපාරය
අතුගා දැමීමයි. යම් අයුරකින් මහින්ද අස්වුණොත් කළ යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය
වෙනුවෙන් පෙනී සිටින අයකු අගමැති ලෙස පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටීවීමයි. ඒ අගමැති
පොහොට්ටුවෙන් තබා ආණ්ඩු පක්‍ෂයෙන්වත් වීම අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාව අනුව කළ හැක්කේ
අලුත් ආණ්ඩුවක් හරි ජාතික ආණ්ඩුවක් හරි
පිහිටුවීම මිස ඊනියා අන්තර්කාල හරි භාරකාර ආණ්ඩුවක් හරි පිහිටුවීම නො වෙයි. එවැනි
ආණ්ඩු පිහිටුවීම ව්‍යවස්ථාවෙන් අනුමත වෙන්නේ නැහැ.
අගමැති ධුරය සඳහා මා නම් දෙකක් යෝජනා කරනවා.
එක් අයකු දිනේෂ් ගුණවර්ධන. අනෙක් අය අද නොසිටිය යුතු තැනක ඉන්න සරත් ෆොන්සේකා.
දිනේෂ් ගුණවර්ධන අවුරුදු පනහක පමණ දේශපාලන ඉතිහාසයක සිංහල බෞද්ධ සංස්කෘතිය
වෙනුවෙන් පෙනී සිටිනවා. ඔහුගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට වරදක් හානියක් සිදු වී
නැහැ. සරත් ෆොන්සේකා මහින්ද හා ගෝඨාභය සමග එකතු වී බටහිර ක්‍රිස්තියානි
නූතනත්වයෙන් අනුග්‍රහය හා ආශිර්වාදය ලැබූ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය
කළා. ඉන් පසු යම් යම් පෞද්ගලික මතභේද ඇති
වී නම් ඒ අමතක කිරීමට මේ කාලයයි. ගෝඨාභය රාජපක්‍ෂ සරත් ෆොන්සේකා එකතුවකින් ඔය
ආගම්කාර රොඩු බොඩු ටික දින දෙකකින් අතුගා දමන්න පුළුවන්. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය
ෆැසිස්ට්වාදයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ අපේ දැනුමට ඉඩක් නැහැ. විස්තර පසුවට.