ආතල්ගම,
මාක්ස්වාදය හා රනිල් මනස්ගාත ලෙස
පඬිනැට්ටන්ගේ තවත් මනස්ගාතයක් ඉවර වෙලා. එය ඊනියා ෆැන්ටසියක් ද කියන්න මා දන්නේ නැහැ. ඔය බහුබූත වචන මා පාවිච්චි කරන්නේ නැහැ. ඒවා පඬිනැට්ටන්ට ම හොඳයි. ඒ කොහොම වෙතත් මා කතාකරන්නේ ආතල්ගම ගැනයි. ආතල්ගම විප්ලවය ඉවරයි. දැන් තියෙන්නෙ කාදිනල්තුමාගෙ දෑගසවුවන්ට පාංශුකූලය පිරිනමන එක පමණයි. ඕන නම් අර සහෝදර සහෝදරියන්ටත් එන්න කියන්න පුළුවන්. මා කියන්නේ කොම්රේඩ් කියන ඊනියා සමාජවාදී අර්ථයකින් නොවෙයි. පූජකවරුන් පූජකවරියන් කියන අර්ථයෙන්. එහෙමත් නැත්නම් කපු මහත්ම මහත්මීන් කියන අර්ථයෙන්. අර ඥානක්කත් කපු මහත්මියක් ම තමයි.
ආතල්ගම ඇතිවෙලා දවස් කිහිපයකිින් ම ඉවර වුණා.
ජනාධිපති ගෝඨාභය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු වීමේ අරමුණින් නීතත්‍යානුකූල ව ගන්න
පුළුවන් පියවර ගත්තෙ නැහැ. ඒ නිසා ආතල්ගම ඉවර වුණත් විවිධ ව්‍යාපාරිකයන්ට හා
දේශපාලන පක්‍ෂවලට මෙහෙයවීමේ අවස්ථාව ලැබුණා. එය දිගින් දිගට ආතල් ගත්තා. අද වන විට
අර ව්‍යාපාරිකයන් ආතල්ගම අත්හැර ගිහින්.
අවස්ථාවාදී රට ගිනි තියන පක්‍ෂ දෙකකට අද ආතල්ගමට අයිතිවාසිකම් කියන්න පුළුවන්
වෙලා. මතක තියා ගන්න අද බලයේ ඉන්නෙ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියා නො වෙයි. ජේ ආර් ප්‍රේමදාස
ගණයේ ප්‍රජාතන්ත්‍රවාදියෙක්. රට කරවන්නෙ ඒ ප්‍රජාතන්ත්‍රවාදියා.
පඬිනැට්ටන් ආතල්ගමේ සෝවියට් සභා ඇති කරන්න කතා
කළා. බලය පාර්ලිමේන්තුවෙන් එළියට ගන්න කතා කළා. බැරිම තැන ආතල්ගමයි
පාර්ලිමේන්තුවයි බලය බෙදා හදා ගන්න සූත්‍ර නිපදවූවා. දැන් පඬි නැට්ටන් කියන්නෙ
මොකක් ද? තමන්ට වැරදුන තැන කොතන ද කියනවා ද? මේ ඊනියා
නිර්පාංතික විප්ලවය ගැන මාක්ස්වාදයෙ ලියැවිල තියෙන්නෙ මොකක් ද? අරගලය
කඩා වැටුණෙ නායකත්වයක් නැති වීම නිසා ද? ඊනියා වාස්තවික අවශ්‍යතා සපුරා තිබුණත්
ආත්මීය අවශ්‍යතා තිබුණෙ නැද්ද? ට්‍රොට්ස්කිවාදී පඬි නැට්ටන් කියන ආතල්
කතා අහන්න පුළුවන් ද?
කාල් පොපර් මාක්ස්වාදය විිද්‍යාවක් නොවේ යැයි
කිවුවෙ එය අසත්‍යකරණයට ලක් කරන්න බැහැ කියමින්. මාක්ස්වාදයෙ මොන අනාවැකිය කියා
තිබුණත් එය ඉටු නොවුණොත් එසේ ඉටු නොවුණේ ඇයි දැයි කීමටත් මාක්ස්වාදයෙන් ම කතා
ඉදිරිපත් කරන්න පුළුවන් කියා පොපර් කිවුවා. ඒ කියන්නෙ මාක්ස්වාදය අසංගත දැනුම් පද්ධතියක්
බවයි. ඒ කොහොම වුණත් මාක්ස්වාදය කියන්නෙ වැඩ නොකරන පට්ටපල් බොරුවක්.
ඒත් මාක්ස්වාදීන්ට මාක්ස්වාදයෙන් ආතල් ගන්න
පුළුවන්. එහි අදහස් ඇතැමුනට ආකර්ෂණීයයි. ඊනියා සාධාරණත්වය, සමානත්මතාව, සහෝදරත්වය, සූරා
නොකෑම, රාජ්‍යය වියැකුණු කොමියුනිස්ට් සමාජය ආදිය ආකර්ෂණීය
කතා. ඒ මනස්ගාත වුණත් ආකර්ෂණීය මනස්ගාත. මාක්ස්ට පෙරත් එවැනි අදහස් තිබුණා. සෙන්ට්
සයිමන්, ෆූරියර් වැන්නන්ගෙ අදහස් සමාජයෙ තිබුණා. ඒත්
මාක්ස් පඬි කමට කිවුවෙ ඒ මනෝමූල සමාජවාදය කියල.
එහෙම කියල මාක්ස්තමාගෙ ඊනියා විද්‍යාත්මක
සමාජවාදය ඉදිරිපත් කළා. ඔහු කිවුවෙ තමාගෙ පදනම වාස්තවික කියල. ඔහු හෙගල්වත්
ඔළුවෙන් හිටෙවුවා. මා කියන්නෙ නැහැ හෙගල්ට අඩු ගණනෙ ඔළුවක් තිබුණ කියල. ඔය ඊනියා
විද්‍යාත්මක මාක්ස්වාදය තමයි විද්‍යාවක් නොවේය කියල පොපර් කිවුවෙ. පොපර් කිවුවත්
නැතත් මාක්ස්වාදයෙ ප්‍රශ්න තිබුණ බව මටත් වැටහුණ. මා 1980 දි
ජූලි වැඩ වර්ජනයට පෙර නව සමසමාජ පක්‍ෂයෙන් ඉවත් වුණෙ මාක්ස්වාදය විද්‍යාත්මක ද
කියන දීර්ඝ ලිපිය ලියලා. ඊට පස්සෙ මාක්ස්වාදයෙ දරිද්‍රතාව, අපෝහකයේ
රූපිකය පොත් පිංච හා තවත් ලිපි රාශියක් ලියල තියෙනවා. අද මට කියන්න පුළුවන් බටහිර
විද්‍යාව කියන්නෙත් පට්ටපල් බොරු කියා. භෞතික විද්‍යාව හා මාක්ස්වාදය අතර වෙනසක්
තියෙනවා. භෞතික විද්‍යාවෙ තියෙන්නෙ වැඩ කරන පට්ටපල් බොරු. මාක්ස්වාදයෙ තියෙන්නෙ
වැඩ නොකරන පට්ටපල් බොරු.
මාක්ස්වාදී අදහස් ආකර්ෂණීය නිසා මාක්ස්වාදය
අසමත් වුණත් අදහස් සමාජයෙ තියෙනවා. අර ඊනියා මනෝමූල සමාජවාදයෙ අදහසුත් සමාජයෙ
තියෙනවා. මාක්ස් තම අදහස් ඊනියා වාස්තවික ය කියා කිවුවත් ඒවත් මනෝමුල තමයි. මොන
අදහසුත් මනෝමූලයි. සමහර අදහස් වැඩ කරනවා. බොහෝ අදහස් වැඩ කරන්නෙ නැහැ. ඒත් ඒ අදහස්
ආකර්ෂණීය නම් සමාජයෙ පවතිනවා. පඬි නැට්ටන්ට කතා කර කර ඉන්නවත් අදහස් පවතිනවා.
පඬි නැට්ටන් හිතුවෙ ආතල්ගම මගින් තම අදහස් ඉටු
වේවි කියා. ඔවුන් එහි ගියා. දේශන පැවැත්තුවා. නිර්පාංතික විප්ලවය ගැන පඬි කතා
කිවුවා. ඒත් මා හිතන්නෙ නැහැ ඔවුන් නිර්පාංතික කියන වචනෙ යොදා ගත්ත කියල. එය
මාක්ස්වාදයට විරුද්ධයි. පංති අරගලයක නිර්පාංතික අරගලයක් තියෙන්නෙ කොහොමද?
දැන් ඉතින් මොනව කරන්න ද? තව
මනස්ගාතයක් හොයා ගමු. දැන් ඉතින් බලය හැමදාමත් වගෙ පාර්ලිමේන්තුවෙ. ඊනියා ජනතාව
බෙහෙතකටවත් හොයා ගන්න බැහැ. මිනිස්සු
ඉන්නවා. ඔවුන්ගෙ බහුතරයට අවශ්‍ය දේ කෙරෙනවා කියල කියනවා. ඒකත් කියමනක් පමණයි.
කොහොමටත් අද රනිල් තමයි නිල නොලත් ජනාධිපති. අද අමාත්‍යංශ ලේකම්ලා පත් කෙරෙන්නෙත්
රනිල්ට ඕන විධියට. සියල්ල මනස්ගාත තමයි. මනසේ සංස්කරණ. රනිල් වගේ මනස්ගාත වැඩ කරන සංකල්ප සමග
සම්බන්ධයි.