සීගිරි තාක්‍ෂණය හා බිංදුව
ඊයේ ලිපියට දක්වා ඇති සමහර ප්‍රතිචාර නිසා තවදුරටත් සීගිරිය ගැන ලියන්න හිතුනා. ඇතැමුන් රාවණ ගැන ආර්යභට්ට ආදීන් ගැන ප්‍රශ්න කර තිබුණා. කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මා ලිපිය ප්‍රතිචාරවලට විවෘත කර නැතිි විට ප්‍රතිචාර ගැන කියන්නේ කොහොමද කියා. මගේ ලිපි බෙදා හරින ඇතැමුන්ගෙන් ඔවුන්ට ලෑබෙන ප්‍රතිචාර මට දැනගන්න ලැබෙනවා. ඒ හැම ප්‍රතිචාරයක් ම මට ලැබෙනවා කියා මා කියන්නේ නැහැ.
අර
රූහඬපටයේ මෙන් ම ඇතැමුනට ප්‍රශ්නයක් වී ඇත්තේ සීගිරියේ තාක්‍ෂණය ලැබුණේ කොහෙන් ද කියා. අර ගඩොල් ලක්‍ෂ ගණනක් උඩට ගෙනිච්චේ කොහොමද? රූහඬපටයේ නම් අසා තිබුණා කැලෑ මැදින් ගඩොල් ගෙන යෑමේ ප්‍රශ්නයත්. මෙයින් පැහැදිලි වන කරුණක් නම් අප ප්‍රශ්න කරන්නේ බොහෝ විට අපේ වත්මන් දැනුම ආධාරයෙන් බව. වර්තමානයේ කැලෑ ඇති ප්‍රදේශවල හැමදාමත් කැලෑ තිබුණු බවක්වත් වර්තමානයේ පාරවල් ගොඩනැගිලි ඇති ප්‍රදේශවල කිසි දා කැලෑ නොතිබුණු බවක්වත් උපකල්පනය කරන්න බැහැ.
එමෙන්
ම සිංහලෙන් පැරණි ගණිත පොත් නොතිබූ පමණින් අප ශුන්‍යය සඳහා සංකේතයක් සකස්කර ගැනීමට ඉඩක් නැතැයි කියා සිතන්නවත් බැහැ. මා
පිළිගන්නවා පස්වැනි සියවසෙන් පමණ සිට අද දක්වාත් මෙරට බුද්ධිමය සම්ප්‍රදායක් නැති බව. සිංහල පොතපත පාලියට පරිවර්තනය කර මුල් සිංහල පොත් පූච්චා දැමීමෙන් පසුව අපට ශාස්ත්‍රීය සම්ප්‍රදායක් තිබී නැහැ. අප කර ඇත්තේ අනුකරණ පමණයි. අපේ ව්‍යාකරණ පොතත් පරිවර්තනයක් වූ කල කුමන කතා ද? අපට ලීලාවති නම් පැරණි ගණිත පොතක් තිබිල. එයත් දැන් පොත් වගේ ම අදහස්වල පරිවර්තනයක්.
සීගිරිය ගොඩ නගා ඇත්තේ වත්මන් තාක්‍ෂණය වැන්නක් යොදා ගෙන යැයි සිතීම නුවණට හුරු නැහැ. අපේ වැඩ අර අවුරූදු එක්දහස් පන්සීයක පමණ කාලයක් තිස්සේ ම නුවණට හුරු නැහැ. බටහිරයන් අපට රේඛීය වර්ධනයක් උගන්නලා තියෙනවා. ඩාවින්ගේ සත්ව විකාශනය ඉන්පසු දඩයම් යුගය කෘෂිකාර්මික යුගය කාර්මික විප්ලවය ඩිජිටල් යුගය ආදී වශයෙන් ද වහල් සමාජය වැඩවසම් සමාජය ධනවාදී සමාජය ආදී වශයෙන් ද කතා අපට උගන්වනවා. අපි ආමෙන් කියනවා. එසේ කියා අනුරාධපුරයේ තිබූ වැඩවසම් ක්‍රමයක් ගැනත් කියවනවා.
සීගිරිය පස්වැනි සියවසේ නිර්මාණය කළ එකක් නො වෙයි. කාශ්‍යප රජු මෙරට රජ කර ඇත්තේ ක්‍රි ව 473 සිට 495 දක්වා, පස්වැනි සියවසේ. සීගිරිය එයට පෙර නිර්මාණය වූ එකක්. එය කවදා නිර්මාණය කෙළේ දැයි මා දන්නේ නැහැ. එහෙත් යක්‍ෂයන් මෙරට බලවත් වූ කාලයක වෙන්න ඕන. සීගිරියේ නිර්මාණ හා අභයගිරි පරිශ්‍රයේ නිර්මාණ අතර යම් නෑකමක් දකින්න පුළුවන්. අභයගිරිය යක්‍ෂ බලපෑමට හසු වූ ආරාමයක්. එපමණක් නොව ඉසුරුමුනිය වෙස්සගිරිය රන්මසු උයන ආදියෙහි ද මේ සමීප බව දකින්න පුළුවන්.
අපේ
වැවු දාගැබ් නිර්මාණය කරල තියෙන්නෙ වත්මන් සිවිල් ඉංජිනේරු ශිල්පයට අනුව නො වෙයි. අපට අද වත්මන් තාක්‍ෂණය යොදා ගෙන වැවක් ප්‍රතිසංස්කරණය
කරන්නත් බැහැ. සීගිරියේ තාක්‍ෂණය වත්මන් තාක්‍ෂණයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්නේ අර බටහිරයන් කියා දෙන
රේඛීය වර්ධනය අපේ මනස්වල හොල්මන් කරන නිසා. මෙරට පමණක් නොව ලෝකයේ වෙනත් රටවලත් බටහිරයන්ට තේරුම් ගන්න බැරි නිර්මාණ තියෙනවා. මිසරයේ (ඊජිප්තුවේ) පිරමිඩ මායා ශිෂ්ඨාචාරයේ පිරමිඩ හා තවත් නිර්මාණ රෙඛීය වරධන ක්‍රමයට තේරුම් ගන්න බැහැ. මේ නිර්මාණ පිටුපස ආධ්‍යාත්මික ව ලබාගත් දැනුම් තියෙන්න පුළුවන්. රාමනුජන් වැන්නකු හැරෙන්න අන් අයට දැන් ආධ්‍යාත්මික ව කිසිවක් කරන්න බෑරි නිසා අපට ඒ ගැන විශ්වාසයක් නැහැ. රුවන්වැලි සෑයේ ආකෘතිය භික්‍ෂූන් වහන්සේ නමකගෙන්. මහාවංසය විමසිල්ලෙන් කියවන්න. එහි සම්පූර්ණ සැලැස්ම දී නැහැ. එහෙත් ආධ්‍යාත්මික කතාවක් එහි තියෙනවා.
බටහිරයන් දන්නේ මිනිස් සමාජ විකාශයේ ඔවුන් උඩින් ම ඉන්න බව කීමට. කාල් මාක්සුත් ඒ අච්චුවේ ම තමයි. ඔහුට තවත් උඩට යන්න අවශ්‍ය වුණා කම්කරු පංතිය මගින්. ඒත් කම්කරු පංතියක් නැහැ. ලෙනින්ලා කම්කරු පංතියට ආදේශ වුණා. අද පුටින් නැගෙනහිර ග්‍රීක ඔතොඩොක්ස් සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටිනවා. අලුක්කාල් මාක්ස්ලා මැත දෙඩවනචා. ශිෂ්ඨාචාර ඇති වී නැති වී යන බව පිළිගැනීමට බටහිරයන් කැමති නැහැ.
රාවණ
හිටියා ද නැද්ද කියා මා දන්නේ නැහැ. මට ඒ දැන ගැනීමට ආධ්‍යාත්මික ශක්තියකුත් නැහැ. එහෙත් මා රාවණ ප්‍රතික්‍ෂෙප කරන්නෙත් නැහැ. රාවණ හිටියත් ඒ අවුරුදු තුන් හාරදාහකට පෙර වෙන්න බැහැ. අවුරූදු දහ පහළොස්දාහකටවත්
එහා පැත්තෙ වෙන්න ඕන. ශිෂ්ඨාචාර සමහර විට වෙනත් ග්‍රහලෝකවලින් හරි වෙනත් ග්‍රහ මණ්ඩලවලින් එන්න පුළුවන්. මිනිසුන් වෙනත් ග්‍රහ ලෝකවලට යන්න හදනවා. වෙනත් ග්‍රහ ලෝකවල යම් සත්ව වර්ගයක් පෘථිවියට එන්න බැරි ද?
ආර්යභට්ට විශිෂ්ට ගණයේ ගණිතඥයෙක්. ඔහු සංස්කෘත (නාගරී) අක්‍ෂර යොදා ගෙන අංක ක්‍රමයක් සකස් කළා. එහෙත් මා දන්නා තරමින් ඔහුට ශූන්‍යය සඳහා සංකේතයක් තිබුණේ නැහැ. ඔහු ජීවත් වූයේ 476, 550 අතර. කාශ්‍යප රජු මිය යන විට ආර්යභට්ට දහනව වියැති තරුණයෙක්. ඔහුට දහයට විස්සට වෙන ම සංකේත (අක්‍ෂර) තිබුණා. ලෝකයට හැම දෙයක් ම දුන්නේ අප කියා මා කියන්නේ නැහැ. ඒ වගේ ම අප කිසිම සංස්කරණයක් කර නැහැ සියල්ල ගත්තේ පිටින් කියන්නේත් නැහැ. මෙරට පුරාවිද්‍යාඥයන් ලිත් ඉලක්කම් ගැන අධ්‍යයනයක් කරනවා නම් හොඳයි. මා ඊයේ සඳහන් කෙළේ නුවර යුගයේ ලිත් ඉලක්කම්. සීගිරියේ ලිත් ඉලක්කම් එයට වඩා වෙනස්වන්න පුළුවන්. එහෙත් දෙතැන ම ශූන්‍ය සඳහා නම් යොදා ගෙන ඇත්තේ හල් කිරීම. ශුන්‍ය සඳහා හල් කිරීම යෙදා ගැනීම පිටුපස ඇති කතාව ඊයේ පළ කළ දෙවැනි ලිපියේ ඇති. එය මගේ කතාවක් බවත් එයට මූලාශ්‍ර නැති බවත් කියන්න ඕන.