බිංදුව බිංදුවක් නොකරමු
ශූන්‍යය පිළිබඳ උනන්දුවක් ඇති වෙලා. ඇතැමුන් කියනවා අභයගිරියේ දෙවැනි සියවසේ ශූන්‍යය සඳහන් සෙල්ලිපියක් තියෙනවා කියා. ඒ පිළිබඳ විස්තර දැන ගැනීමට කැමතියි.
කෙසේ
වෙතත් යක්‍ෂයන් පිළිබඳ උනන්දුවක් ඇති වීම හොඳයි. මෑත කාලයේ කුමාරතුංගයන් සිව්හෙළයන් ගැන කතා කර තියෙනවා.
අප
රටට අභයගිරියෙන් වූ සේවය කතා නොකිරීම පාඩුවක්.
ශූන්‍යය සඳහා සංකේතයක් නිර්මාණය කිරීම පහසු වැඩක් නො වෙයි. සියවස් කිහිපයකට පෙර ශූන්‍යය සඳහා වූ බිංදුව යුරෝපයට ගිය විට එහි උගතුන් ප්‍රශ්න කෙළේ කිසිවක් නැත්නම් කිසිවක් (කිසි සංකේතයක්) අවශ්‍ය ඇයි කියා. ඔවුන් බිංදුව හැඳින්වූයේ යක්‍ෂයාගේ ඉලක්කම කියා. ඒ අපේ යක්‍ෂයන් ගැන කී කතාවක් නො වෙයි. බටහිර සංස්කෘතියේ යක්‍ෂයා ගැනයි කියැවුණේ.
ශුන්‍යය සඳහා සංකේතයක් සකස් කිරීමට නාගරජුනපාදයන්ගේ ශුන්‍යතාව උපකාරයක් වුණා නිසැකයි. ශූන්‍යතාව පිළිබඳ අදහස සමග මා එකඟ නුණත් ශූන්‍යයෙන් නාම පදයක් සකස් කර ගැනීම ඒ සඳහා සංකේතයක් ඇති කර ගැනීමට අදහසක් සපයන්න ඇති.
කිසිවක් නැත්නම් කිසිවක් කුමකට ද යන ප්‍රශ්නයට ශූන්‍යතාව නම් සංකල්පය මගින් පිළිතුරක් ලැබෙනවා. චතුස්කෝටික න්‍යාය නාගර්ජුනපාදයන්ට පිහිට වන්න ඇති.
පස්වැනි සියවසෙන් පමණ පසු අපේ ශාස්ත්‍රිය සංකල්ප ප්‍රවාද සංඛ්‍යාව බිිංදුව ද? අප මහාවංසයට හා විශුද්ධි මාර්ගයට බැඳී සිටින තාක් අපට එතරම් දෙයක් කර ගන්න බැහැ. මගේ මේ කියමනට බොහෝ ජාතිකවාදීන් ද විරුද්ධ වෙන බව මා දන්නවා. එහෙත් මා ඒ ගැන විරසකයක් ඇති කර ගන්නේ නැහැ. මහාවංසයේ බොහෝ දේ පිළිගන්නා අතර ඒ ලියා ඇත්තේ භාරතීය කේන්ද්‍රීය ව බව ද අප අමතක කළ යුතු නැහැ.
ශූන්‍යයට සංකේතයක් සකස් කර ගත්තේ සිංහලයන් (යක්‍ෂයන්) බව පෙන්වීමට කරන උත්සාහයක් මෙහි නැහැ. එහෙත් එහි ගෞරවය ලංකාවට ලැබිය යුතු නම් ඒ ලැබිය යුතුයි.
නාථ
දෙවියන් ගැන කීමෙන් හා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව කීම නිසා යම් පිරිසක් ඈත් වුණා. මේ සමග තවත් පිරිසක් ඈත් වන බව මා දන්නවා. මගේ වෑයම පිරිස් වැඩි කර ගැනීම සඳහා නො වෙයි.
මේ
ලිපිය ප්‍රතිචාරවලට විවෘත කරනවා. එහෙත් ඒ කිසිවකට මගෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ.