Main Logo

Wednesday 8 March 2023

පරගලයේ මහා මොළකරු කවුද?

 පරගලයේ මහා මොළකරු කවුද?

 

ඊයේ (මාර්තු හත්වැනි දා) ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු දිවයින පුවත්පතට ලියූ ලිපියක ශීර්ෂ පාඨය වුණෙ ගෝඨා ගෝ හෝම් අරගලයේ මහාමොළකරු රනිල් යන්නයි. කාදිනල්තුමාගෙන් පසුව මහා මොළකරු යන්න ඇතැම් බුද්ධිමතුන් කෙරෙහි පටබැඳි නමක් වී තියෙනවා. ලිපියේ තිබූ කරුණුවලට අපි පසුව එමු. එතෙක් කිව යුත්තේ හරින් ප්‍රනාන්දු තමන් මාර්තු පහළොස්වැනි දා ජනාධිපති කාර්යලය අසල පරගලයට සහභාගි වී ඇත්තේ රනිල්ගේ උපදෙස් මත බව බදුල්ලේ පැවති රැස්වීමක දී කියා ඇති බවයි. ඔහු තවදුරටත් කියා ඇත්තේ පරගලය ආරම්භ කෙළේ රනිල්ගේ උපදෙස් මත තම කණ්ඩායම බවත් සජිත් පසුබාන තත්වයක සිටි බවත් රනිල් තමන් මෙහෙය වූ බවත්.

 

හරින් ප්‍රනාන්දු දැන් ඇමතිවරයෙක්. ඔහු බොහෝ දේ කර ඇති බව පැහැදිලියි. එමෙන් සමහර දේ නොකර ඇති බවත් පැහැදිලියි. ඔහු 2019 පාස්කු දේව මෙහෙයට සහභාගි වී නැති බවයි එකල අසන්න ලැබුණේ. කෙසේ වෙතත් ඔහු පරගලය වෙනුවෙන් ගෞරවය රනිල්ට ලබා දීමට කටයුතු කරන බව පේනවා. පරගලය මෙහෙය වූයේ රනිල් කියා මා මොහොතකටවත් කියන්නේ නැහැ. එහෙත් පරගලය කෙරුණේ ඔහු වෙනුවෙන්. හරින් ප්‍රනාන්දු කියන අයුරින් නොව පරගලය පටන් ගත්තේ 2022 අප්‍රේල් නවවැනි දා. සමහරවිට හරින් ප්‍රනාන්දු පෙරහුරුවක් සිදු කළා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් රනිල් හා හරින් බටහිර සැලැස්ම ගැන දැන හිටින්න ඇති. හරින් තමයි ගෝඨාභයට විරුද්ධ සර් ෆේල් ව්‍යාපාරයත් පටන් ගත්තෙ. රනිල් එය නොදැන හිටින්න විධියක් නැහැ.

 

ගෝඨාභය ඉවත් කිරීම ගැන කතාව ආරම්භ කරන්න වන්නේ 2005න්. 2005 දී සියලු ජාතිකවාදීන් මහින්දට ආධාර කළා. වි පෙරමුණත් මහින්දගේ ඡන්ද ව්‍යාපාරයේ හිටියා. වි පෙ වෙනුවෙන් විමල් වීරවංස සුපුරුදු ගැලරි කතා කළා. මහින්ද දිනුවා. කතාවක් තියෙනවා ඔහු මුදල් දී ප්‍රභාකරන්ගේ ඡන්ද නැවැත්තුවා කියා. එය ඇත්තක් නම් ප්‍රභාකරන් කර ඇති ලොකු මෝඩකම් දෙකෙන් එකක් එසේ මුදල් ලබා ගෙන ඡන්ද නැවැත්වීම. දෙවැන්න තමයි රජිව් ඝාතනය. දෙක ඔහුට හරහට හිටියා.

 

මහින්ද ජාතිකත්වයක් ඇති කටයුතු කළ අයෙක් නො වෙයි. එහෙත් රනිල් සමග සැසඳීමේ දී ඔහු ගවු ගණනක් ඉදිරියෙන්. ජාතිකවාදීන්ට මතයක් තිබුණා මහින්ද ජාතිකත්වයට තල්ලු කරගන්න පුළුවන්  කියා. මහින්ද ජනාධිපති වුණා. ඔහුත් මුල දී කටයුතු කෙළෙ ප්‍රභාකරන් සමග සාකච්ඡා කරන්න. එහෙත් ජාතිකවාදීන් ( වි පෙ නොවෙයි) තදින් කියා සිටියා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි පරාජය කළ හැකි බවත් කළ යුතු බවත්. අවසානයේ දී ඔහුට කොටි පරාජය කිරීම සඳහා ජාතිකවාදීන් කී ආකාරයට දේශපාලන නායකත්වය දීමට සිදු වුණා. මහින්ද අවසාන කාලයේ ඉතා දැඩීව බටහිරයන්ට මුහුණ දුන්නා. අපට මතකයි ඔහු බිරිතානි හා ප්‍රංශ විදේශ ඇමතිවරුන් ඇඹිලිපිටියට ගෙන්වා හමුදා මෙහෙයුම් නතර කිරීමට උපදෙස් දීමට විරුද්ධ තදින් කතා කළ හැටි.

 

කවුරු මොනවා කිවුවත් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම හැන මහින්දගේ නම ඉතිහාසයේ ලියැවෙන්න ඕන. ලියැවෙන්න ඕන කියා මා කියන්නේ රනිල් බැසිල් අනුර හවුල බැරිවෙලාවත් දිගට රට පාලනය කළොත් එසේ නොලියැවෙන නිසා. මෙහි දී කිව යුතු තවත් කරුණු දෙකක් තියෙනවා. එකක් ගෝඨාභය හමුදා මෙහෙයුම් කළ යුතු යන ස්ථාවරයේ දැඩී සිටීමින් කළ මනා කළමනාකරණය. දෙවැන්න සරත් ෆොන්සේකාගේ හමුදා මෙහෙයවීම.

 

නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග 2010 දී මහින්දට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණා. එහෙත් ජයග්‍රහණයෙන් ඔළුව උදුම්මාගත් බැසිල් හා මහේන්ද්‍ර පුත්‍රයන් අනෙක් විශාල පිරිසකට දැක් වූ නොසැලකිල්ල ප්‍රශ්නයක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී නි පක්‍ෂයේ ලේකම් සිටි මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂය අතහැර ගියා. ඔහු ගියේ රනිල් ළඟට. ඔළු ඉදිමීමේ ප්‍රතිඵලය වුණේ 2015 දී මහින්ද පරාජය වී මෛත්‍රිපාල ජනාධිපති වීම. බටහිරයන්ටත් ඉන්දියාවටත් අවශ්‍ය වී තිබුණේ මහින්ද පරාජය කරන්න. තමන්ට අත් වූ නන්දිකඩාල් පරාජය ගැන ඔවුන් මහින්දටත් ගෝඨාභයටත් කිසි දා සමාව දෙන්නේ නැහැ.

 

එහෙත් රනිල් චන්ද්‍රිකා මෛත්‍රිපාල හවුල වැඩි කල් යෑමට පෙර කඩා වැටුණා.  ජාතිකවාදීන් බව කලින් දැක්කා. යා දෙක නොරත රත පෑහෙන්නේ නැති බව පැරැන්නන් කියා තියෙනවා. ජනාධිපතිට අගමැති ඉවත් කර වෙනත් අයකු අගමැති ලෙස පත් කිරීමේ හැකියාවක් තියෙනවා. එය ව්‍යවස්ථාවට අනුකූලයි. අනුව රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති ලෙස පත් කළා.

 

එය අපායට හෙණ වැදීමක් වුණා. මෛත්‍රිපාල මහින්ද ආණ්ඩුව කඩා දාන්න බටහිරයන්ට ඉන්දියාවට ජා පක්‍ෂයට දෙමළ ජාතික සංධානයට වි පෙරමුණට මෙන් වෙනත අයටත් අවශ්‍ය වුණා. මහින්ද මෛත්‍රිපාල හවුල තම බලාපොරොත්තුවලට පිටින් යන්නේ යැයි ඇතැම් රාජපක්‍ෂවරුන් ජාතිකවාදීන්  හිතුවා. ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාව සකස් කිරීමට මේ සියල්ලන් එකතු වුණා. හමු වී සාකච්ඡා කළා. යටත් විජිත පාර්ලිමේන්තුවේ මීටර සීයෙ වාර්තාව බිඳ දැම්මේ විශ්වාස භංග යෝජනාව භාර දීමේ දී. අනුර රනිල් එදත් මිතුරෝ. එදා මංගලත් විශාල කාර්යභාරයක් ඉටු කළා.

 

දින පනස් දෙකේ ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කළ ජාතිකවාදීන් කියන අය කෙළේ විශාල වරදක්. ඔවුන් කියන්නේ ගෝඨාභය ජනාධිපති කිරීමට අවශ්‍ය නිසා එසේ කල බවයි කියන්නේ. මා එය පිළිගන්නේ නැහැ. යම් හෙයකින් දින පනස්දෙකේ ආණ්ඩුව කඩා නොවැටී පසුව මහින්ද ජනාධිපති වී මෛත්‍රිපාල අගමැති වූවා නම් එය වරදක් වන්නේ නැහැ. අවශ්‍ය ජාතිකත්වය ඉදිරියට ගෙන යෑමයි. දින පනස් දෙකේ ආණ්ඩුව කඩා වැටුණෙ 2018 දෙසැම්බරයෙ.  මා දන්නා තරමින් ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකත්වයට පත් වුණෙ ඊට කලකට පස්සෙ. ජනාධිපතිවරණය තිබුණෙ 2019 නොවැම්බරයෙ.  (මතු සම්බන්ධයි)