විප්ලවයට සිතුවිල්ලක්
මා
අජිත් පැරකුම් ජයසිංහවත් රුවන් ජයතුංගවත් හඳුනන්නේ නැහැ. මා උගතකුවත් බුද්ධිමතකුවත් නොවූ ගැරහීමට පමණක් ලක්වන මිථ්‍යා මතධාරියකු පසුගාමියකු ලෙස හැඳින්වෙන සාමාන්‍ය පුද්ගලයෙක්.
"- කැරලිකරුවෙකු වීම සඳහා ඔබට සමාජ පසුබිම සකස් වූ අයුරු කිවහොත්
මට
නම් වැඩිපුර බලපෑවේ විප්ලවයක් කිරීමේ දේශපාලන උණ. ඒක මට ඇති වුණේ රුසියානු සාහිත්‍යය කියවීමෙන්. ගැඹුරු දේශපාලන පොතපත කියවන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. ජවිපෙ සරළ පන්ති හා සරළ ක්‍රම විරෝධී දේශපාලනික මතවාද ප්‍රවර්ධනය කළ මාධ්‍ය, නො ගැඹුරු සමාජ සත්තා යථාර්ථවාදය ප්‍රවර්ධනය කළ සාහිත්‍යකරුවන්,
ගීත රචකයන්, ගායක-ගායිකාවන් ආදීන් විසින් පතුරුවන ලද නො මතවාදයත් එක්ක මගේ රුසියානු සාහිත්‍යය හරහා ගොඩනගා ගන්නා ලද නව ලෝකයක් පිළිබඳ ෆැන්ටසිය ගැලපුණා. නම් ලැයිස්තුවක් කියනවා නම්, රෝහණ විජේවීර, මාදුළුවාවේ සෝභිත හිමි, සුනිල් මාධව ප්‍රේමතිලක, සුනිල් ආරියරත්න, නන්දා මාලිනී, ගුණදාස අමරසේකර වගේ අය පරම්පරාවකට පරළොව යන්නට පාර කියපු අය කියලායි මම නම් හිතන්නේ. තමන්ටත් පැහැදිලි නැති දේශපාලන මතවාද ප්‍රවර්ධනය කරමින් අනෙක් අය බලමුළුගන්වන අය අවසානයේදී තමනුත් ගොදුරු වෙමින් වෙනත් අයගේත් ජීවිත බිලි ගන්නවා. අරගලය නිසා ඝාතනයට ලක් වුණු මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ වගකීමෙන් ඒ අරගලයට දායක වී ඉතිරි වූ අයට කවදාවත් මිදෙන්නට බැහැ. මා අදත් කැරැලිකරුවෙක් තමයි. හැබැයි මා සමාජය වෙනස් කිරීම සඳහා අද අරගල කරන විධිය වෙනස්ග මම ඒක කවදාවත් අතහැර දමන්නේ නැහැ. හේතුව, මා එක්ක එකට සටන් කරලා මගදී වැටුණු මිනිසුන් නිසා මට ඒක නතර කරන්නට අයිතියක් නැහැ."