අපි සීගිරි යමු
සීගිරිය ගැන ලියන්න හිතිලා ටිකක් කල්. ඒත් ඉඩක් හම්බ වුණෙ නැහැ. පාසලේ පනස්හයේ කණ්ඩායමේ සම්බන්ධිකාරක ලෙස කටයුතු කරන දැනට ඕස්ත්‍රේලියාවේ පදිංචි මිතුරකුගෙන් ඊයේ සීගිරිය ගැන රූහඬපටයක් ලැබුණා. එහි සබැඳිය ප්‍රතිචාරයක් ලෙස පළ කරනවා. බර්ගර් ජනවර්ගයට අයත් මිතුරා රට හැර ගොස් දැන් අවුරූදු හැටක් පමණ වෙනවා. එහෙත් ඔහු රට ගැන තවමත් උනන්දුවක් දක්වනවා. ඒ රූහඬපටය නැරඹීමෙන් පසු සීගිරිය ගැන ලිවීම තවත් කල්දැමීම නුසුදුසු යැයි හැඟුණා.
සීගිරිය ගැන
මගේ
අදහස්
කුළු
ගැන්වීමට
ඇමරිකාවේ
කැලිෆෝනියා
ප්‍රාන්තයේ
හර්ස්ට්
මාළිගාව
සමත්
වුණා.
එය
කඳුගැටයක
පිහිටි
විශාල
නිවසක්.
ඇමරිකාවේ
රජවරු
හිටියේ
නැහැ.
එබැවින්
රජ
මාළිගාත්
නැහැ.
ධන
කුවේරයකුගේ
නිවසක්
අද
මාළිගාව
ලෙස
හැඳින්වෙනවා.
එය
සංස්කෘතික
මධ්‍යස්ථානයක්.
එහි
නාන
තටාක
බිතු
සිතුවම්
අදී
සීගිරි
ලක්‍ෂණ
තියෙනවා.
එහි
ගිය
මට
මතක්
වුණේ
සීගිරිය.
එහි
සිට
හතර
වටේ
ම
බලන්න
පුළුවන්.
එහෙත්
කුරුටු
ගී
නම්
නැහැ.
එහෙත්
අර
ධන
කුවේරයාගේ
ආරාධිතයන්
හැටියට
අයින්ස්ටයින්
චාලි
චැප්ලින්
එඩ්වින්
හබල්
ආදීන්
පැමිණ
තියෙනවා.
මන්දිරය
පිහිටියේ
හොලිවුඩ්
ප්‍රදේශයට
තරමක්
නුදුරින්.
හබල්
තමයි
විශ්වය
ප්‍රසාරණය
වන
බව
පළමුවෙන්
නිරීක්‍ෂණය
කළ
බටහිර
තාරකා
විද්‍යාඥයා.
සීගිරය ගැන
කුවේරගේ
හෙවත්
කුබේරගේ
නමත්
සඳහන්
වෙනවා.
ධන
කුවේර
කියන
නම
හැදිල
තියෙන්නෙත්
ඒ
කුවේර
නිසා.
සීගිරිය
ගැන
විවිධ
මත
ප්‍රචාරය
වෙලා
තියෙනවා.
හිටපු
පුරාවිද්‍යා
කොමසාරිස්වරයකු
වූ
රාජා
ද
සිල්වා
මහතාට
අනුව
එය
භික්‍ෂූන්
වහන්සේගේ
මධ්‍යස්ථානයක්.
භාවනා
මධ්‍යස්ථානයක්
කියාත්
කියනවා.
ඇතැමුන්
කියන්නේ
එය
බලකොටුවක්
කියා.
චෞ
එන්
ලායි
සීගිරියට
ගිය
අවස්ථාවේ
ඔහු
කියා
සිටියේ
කිසිවකු
එතැන
බලකොටුවක්
තනන්නේ
නැති
බවයි.
ඒ
බලකොටුව
වටකර
එයට
ආහාර
පාන
අවි
ආදිය
සැපයීම
නතර
කිරීමට
සතුරු
හමුදාවකට
හැකි
නිසා.
කාශ්‍යප රජු
සීගිරිය
තැනුවේ
ය
කියන
මතයත්
පිළිගන්න
බැහැ.
ඔහුට
මුගලන්
ගැන
හිතමින්
අවුරුදු
කිහිපයක
දී
එවැන්නක්
තනන්න
බැහැ.
ඔහු
සීගිරියට
පදිංචියට
යන්න
ඇත්තේ
එයට
ඔහු
උරුමකම්
කී
නිසා
වෙන්න
ඕන.
ඒ
කාගේ
උරුමයක්
ද?
කාශ්‍යප
රජුගේ
මව
යක්‍ෂ
කාන්තාවක්.
ධාතුසේන
රජුගේ
පියා
භාරතයේ
සිට
පැමිණි
මෞර්ය
වාංශිකයෙක්.
ධාතුසේන
රජුගේ
මව
සංඝා
කුමරිය.
මහාවංසය
ලියූ
මහානාම
හිමියන්
ධාතුසේන
රජුගේ
මාමා
කෙනකු
වන
බව
කියනවා.
ඒ
මාමාත්
බොහෝ
විට
ධාතුසේන
රජුගේ
පියාගේ
ඥාතියකු
වෙන්න
ඕන.
කෙසේ
වෙතත්
මෙරට
මෞර්ය
රජ
පරපුර
ඇති
කෙළේ
ධාතුසේන
රජු.
ධාතුසේන රජුගේ
යක්‍ෂ
වාර්ගික
බිරිය
එම
වර්ගයේ
සාමාන්‍ය
කාන්තාවක්
වීමට
බැහැ.
ඒ
කාලය
වන
විටත්
යක්‍ෂ
රාක්‍ෂස
නාග
දේව
වාර්ගිකයන්ගෙන්
ඇතැමුන්ට
රටේ
යම්කිසි
බලයක්
තියෙන්න
ඇති.
ආවාහ
විවාහත්
ඒ
බලයත්
සමග
සම්බන්ධ
වූවාට
සැකයක්
තියෙන්න
බැහැ.
කාශ්‍යප
රජුට
සීගිරිය
උරුම
වන්න
ඇත්තේ
තම
මවගෙන්
වෙන්න
ඕන.
සීගිරිය
සැකයකින්
තොරව
යක්‍ෂ
උරුමයක්.
එය
තනන්න
ඇත්තේත්
යක්‍ෂ
නායකයන්
වෙන්න
ඕන.
ඒ
කිසිවකුට
හරි
අදහසක්
එන්න
ඇති
තමන්
අසා
ඇති
ආකාරයට
කුවේරයා
මෙන්
ජීවත්
වෙන්න.
සීගිරිය එහි
මාළිගාව
(නිවස)
අවට
සැකැස්ම
ආදිය
ගැන
කල්පනා
කරන
විට
එය
යක්‍ෂ
නායකයකු
තැනුවත්
පසුව
සංස්කෘතික
මධ්‍යස්ථානයක්
ලෙසත්
යොදා
ගන්න
ඇති
බවයි.
සීගිරියේ
ඇති
රූප
සිංහයකුගේ
නොවන
බව
නම්
පැහැදිලියි.
ඇතැමුන්ට
අනුව
ඒ
ගුරුළකුගේ.
පාදවල
ඇඟිලි
සංඛ්‍යාව
අනුවත්
ඒ
නිගමනයට
එන්න
පුළුවන්.
පරණවිතාන
මහතාගේ
මතයකට
අනුව
ගුරුළුගෝමි
සිංහල
පියකුගේ
හා
මැලේ
මවකගේ
දරුවෙක්.
ගුරුළා
අදත්
ඉන්දුනීසියාවේ
ලාංඡනය.
ලංකාව
හා
මලයාව
අවට
ප්‍රදේශය
සමග
තිබූ
සම්බන්ධකම්
ගැන
අධ්‍යයනයක්
කෙරී
නැහැ.
සිංහ
වාංශිකයන්
මෙරටට
පැමිණීමට
පෙර
ඉතිහාසය
මහානාම
හිමියන්
අතින්
ලියැවිලා
නැහැ.
උන්වහන්සේ
යක්‍ෂයන්
අමනුෂ්‍යයන්
බවට
පත්කර
තියෙනවා. පසුකාලීන ව කාශ්‍යප
රජු
පීතෘ
ඝාතකයකු
බවට
පත්
කර
තියෙනවා.
මහාවංසය භාරතීය
කේන්ද්‍ර
ඉතිහාසයක්
අපට
උරුම
කර
දී
තියෙනවා.
අප
අග්නිදග
ආසියාව
සමග
තිබූ
සම්බන්ධකම්
විස්තර
කෙරෙන්නේ
නැහැ.
අපේ
හපන්කම්
යට
ගැසීමකුත්
වී
තිබෙනවා
කියා
මට
හිතෙනවා.
අපේ
හපන්නු
යක්‍ෂයන්.
අදත්
අපි
දක්‍ෂයකුගේ
වැඩක්
දුටු
විට
කියන්නෙ
යකාගෙ
වැඩක්
කියා.
යක්කු
වැඩ
කාරයො
නැත්නම්
අද
වචනයක්
යොදා
ගත්තොත්
වැඩ්ඩො.
සීගිරිය
ඔවුන්ගෙ
නිර්මාණයක්
වෙන්න
ඕන.
මෙහි දී
නොකියා
ම
බැරි
කරුණක්
තියෙනවා.
ශූන්‍යයට
සංකේතයක්
නිර්මාණය
කරන්න
ඇත්තෙත්
සිංහලයන්
(යක්‍ෂයන්)
කියා
හිතෙනවා.
අද
කියන
ආකාරයට
අංක
නැත්නම්
ඉලක්කම්
පිළිබඳ
ගෞරවය
හිමිවන්නේ
හින්දුන්ට.
ඇතැම්
විට
ඒ
හින්දු
අරාබි
ඉලක්කම්
කියාත්
හඳුන්වනවා.
එහි
වැදහත්
ම
ඉලක්කම
බිංදුව.
දැනට
ඇති
පැරණිම
බිංදුව
කාම්බෝජයේ
ජාතික
කෞතුකාගාරයේ
තැන්පත්
කර
ඇති
සෙල්ලිපියක
දැක
ගන්න
පුළුවන්.
එය
අටවැනි
සියවසේ
සෙල්ලිපියක්.
ශුන්‍යය
සඳහා
බිංදුව
(0) සංකේතය
ඊට
කලිනුත්
යොදා
ගන්න
ඇති.
අප
බිංදුව
නිර්මාණය
කිරීමේ
ගෞරවය
හින්දු
ඉන්දියාවට
ලැබෙන්න
සලස්වලා.
එහෙත්
බිංදුවට
සංකේතයක්
සීගිරියෙන්
හමුවෙනවා.
එය
පළමුවෙන්
ම
නිරීක්‍ෂණය
කර
ඇත්තේ
කොළඹ
විශ්වවිිද්‍යාලයේ
පරිගණක
සේවයට
සම්බන්ධ
හරෂ
විජේවර්ධන.
ඒ
සංකේතය
෦
නැත්නම්
හල්
කිරීම
. එය
පස්වැනි
සියවසට
අයත්.
සීගිරියේ
හල්
කිරීම
පසුව
ඇතැම්
ඉන්දියානු
භාෂාවල
හල්
කිරීම
සඳහා
යොදා
ගන්නා
තිත
බින්දුව
බවට
පත්
වී
ලෝ
පුරා
ව්‍යාප්ත
වන්න
ඇති.
බිංදුව
කලින්
ඇති
වී
ඒ
වෙනුවට
හල්
කිරීම
යොදා
ගත්තේ
යැයි
සිතීම
එතරම්
ප්‍රායෝගික
කතාවක්
නො
වෙයි.
මේ සම්බන්ධයෙන්
මා
ලිපි
කිහිපයක්
ම
ලියා
ඇති
නමුත්
කිසිම
බුද්ධිමතකු
මා
කියන
කිසිවක්
බිංදුවෙන්
ඉහළට
ගණන්
නොගන්නා
බැවින්
ඒ
ලිපි
කාලයේ
වැලි
තලාවේ
පමණක්
තියෙනවා.
මේ
සමග
2019 ඔකතෝමබරයේ
19 වැනි
දා
මා
කාලයට
ලියූ
ලිපියක්
පළ
කරනවා.
අරුණ
පුවත්පතේ
මේ
ලිපිය
පළ
නොකළ
බව
ද
කියන්න
ඕන.
සිංහල
ලිත්
ඉලක්කම්
ද
මේ
සමග
පළ
කරනවා.
පැරණි සිංහලයන්
(යක්‍ෂයන්)
මායාවරුන්
හා
මිසරයන්
අතර
සම්බන්ධකම්
තිබී
දැති
බවක්
පේනවා.
මිසරයන්
හා
සිංහලයන්
අතර
සම්බන්ධය
ගැන
කියැවෙන
නාට්‍යයක්
මා
ලිවුවා.
එය
කැලණිය
විද්‍යා
පීඨයට
වසර
හතළිහක්
පිරීම
නිමිත්තෙන්
පැවති
උත්සවයක
දී රඟ දැක්වුණා.
අවාසනාවකට
මට
නාට්‍යයේ
නමවත්
මතක
නැහැ.
අදාළ ලිපිය
මේ ලිපිය
අරුණ
පුවත්පතේ
පළ
නොකිරීමට
එහි
සංස්කාරක
තීරණය
කළේ
මෙහි
මගේ
පුද්ගලික
කරුණක්
දෙකක්
ඇති
නිසා
විය
හැකි
ය.
ඔහුට
ශූන්‍යය
ශූන්‍යයක්
ම
වී
ඇත.
ඔහු
කිසිවකුගේ
පුද්ගලික
තොරතුරු
පළ
නොකරන්නේ
දැයි
නො
දනිමි.
පාණදුරේ
වෑකඩ
බෞද්ධාලෝක
විද්‍යාලය
හා
ශූන්‍යය
මේ ලිපිය
මගේ
පළමු
පාසලට
පසුගිය
සැප්තැම්බර්
30 වැනි
දා
අවුරුදු
130ක්
පිරීම
නිමිත්තෙනි.
මෙය
පාසලේ
ඉතිහාසය
පිළිබඳ
ව
නො
වේ.
පාසල
හා
මා
අතර
සම්බන්ධයත්
පාසලෙන්
මට
ලැබුණු
දායාද
සිංහලයන්ගේ
විශිෂ්ට
නිර්මාණයක්
තේරුම්
ගැනීමට
උපකාරී
වූ
ආකාරයත්
මෙයින්
කියැවෙයි.
පළමුවෙන්
ම
පාසල
බෞද්ධ
පරමවිඥානාර්ථ
සමාගම
විසින්
පාලනය
කෙරෙන
අවධියෙහි
එක්
යුගයක
එහි
කළමනාකරු
වූ
රිචඩ්
සල්ගාදු
මහතා
ද
එහි
සේවය
කළ
ගුරු
මහත්ම
මහත්මීන්
ද
සිහිපත්
කළ
යුතු
ය.
අපේ මව
ඉගෙන
ගත්
පාසල
වූයේ
එකල
නම්
කළ
ආකාරයට
වෑකඩ
බෞද්ධාලෝක
මිශ්‍ර
පාඨශාලාවයි.
ඇය
බාලාංශයේ
සිට
එකල
අවසානය
දක්වා
ම
අධ්‍යාපනය
ලබා
ඇත්තේ
එම
පාසලෙහි
ය.
ඉන්
පසු
ඈ
තම
සම්පූර්ණ
ගුරු
වෘත්තිය
ම
ඒ
පාසලට
දායාද
කර
ඇත.
ඉගෙනීම
ද
ඉගැන්වීම
ද
එක
ම
පාසලේ
පමණක්
කළ
දිවයිනේ
කිහිප
දෙනා
අතරට
ඇය
ද
එක්
වී
ඇත.
ඇය
හා
පාඨශාලාව
අතර
ඇති
අඛණ්ඩ
සම්බන්ධය
අවුරුදු
පනහකට
වැඩි
යැයි
සිතමි.
අපේ පියාට
එතරම්
වාසනාවක්
තිබී
නැත.
ඔහු
ටික
කලක්
අධ්‍යාපනය
ලබා
ඇත්තේ
වෑකඩ
බෞද්ධාලෝක
මිශ්‍ර
පාඨශාලාවෙහි
ය.
පසුව
ටික
කලක්
උප
ගුරුවරයකු
ලෙස
ද
එහි
සේවය
කර
ඇත.
ඉන්
පසු
දිවයිනේ
පාසල්
කිහිපයක
මුල්
ගුරුවරයා
ලෙස
සේවය
කළ
අප
පියා
අවසානයේ
දී
බෞද්ධාලෝක
මිශ්‍ර
පාඨශාලාවේ
සේවය
කර
ඒ
පාඨශාලාවෙන්
ම
විශ්‍රාම
ගෙන
ඇත.
අප ද
අධ්‍යාපනය
ආරම්භ
කෙළේ
වෑකඩ
බෞද්ධ
මිශ්‍ර
පාඨශාලාවෙහි
ය.
අපි
සහෝදර
සහෝදරියන්
සියල්ලෝ
ම
මව්
කුස
සිටි
සමයේ
සිට
ම
පාසලට
ගියෙමු.
මා
පහළ
බාලාංශයේ
සිට
තුන්වැනි
පංතිය
දක්වා
ඉගෙනීම
ලැබුයේ
වෑකඩ
බෞද්ධාලෝක
මිශ්‍ර
පාඨශාලාවෙහි
ය.
පහළ
බාලාංශයට
නිල
වශයෙන්
ඇතුල්
වීමට
පෙර
ද
අම්මාගේ
අතේ
එල්ලී
පාසලට
පැමිණි
මා
තුන්වැනි
පංතියේ
සිටින
විට
වයස
අනුව
නම්
සිටිය
යුතුව
තිබුණේ
ඉහළ
බාලාංශයේ
ය.
මේ
හේතුව
නිසා
වෑකඩ
පාසලෙන්
අස්
වී
කොළඹ
තර්ස්ටන්
විදුහලට
ඇතුළත්
වීමට
සිදු
වූයේ
දෙවැනි
පන්තියේ
සිසුවකු
ලෙස
ය.
මා හල්
කිරීම
හා
අංකයක
ස්ථානගත
අගය
ඉගෙන
ගත්තේ
වෑකඩ
පාසලෙනි.
දිර්ඝ
වැඩි
කිරීම
නිසා
නවයෙන්
ඔබ්බට
චක්‍රය
දැන
ගැනීම
අවශ්‍ය
නො
වී
ය.
79න්
වැඩි
කිරීමට
අදාළ
චක්‍රය
අවශ්‍ය
නො
වී
ය.
හත්
වරක්
චක්‍රය
හා
නව
වරක්
චක්‍රය
දැන
සිටීම
ප්‍රමාණවත්
විය.
දීර්ඝ
වැඩි
කිරීමෙහි
ගණිත
කර්ම
කිහිපයක්
යොදා
ගැනෙයි.
79න්
වැඩි
කිරීම
යනු
හැත්තෑවෙන්
හා
නවයෙන්
වෙන
වෙන
ම
වැඩි
කර
ඒ
ගුණිත
එකතු
කිරීම
ය.
එය
දිර්ඝ
වැඩි
කිරීම
උගන්වන
අවස්ථාවේ
දී
ම
සිසුන්ට
කියා
දෙන්නේ
නම්
මැනවි
යැයි
සිතමි.
දීර්ඝ වැඩි
කිරීමෙහි
තවත්
උපායක්
යොදා
ගැනෙයි.
79න්
වැඩි
කිරීමෙහි
දී
වැඩි
කළ
යුතු
සංඛ්‍යාව
යටින්
79 ලියන්නේ
ඒ
වැඩි
කළ
යුතු
සංඛ්‍යාවෙහි
දශස්ථානය
හා
එකස්ථානය
යටින්
වන
සේ
ය.
7 දශස්ථානයෙහි
පිහිටන
ලෙස
ද
9 එකස්ථානයෙහි
පිහිටන
ලෙස
ද
ලියැවෙයි.
ඉන්
පසු
හතෙන්
හා
නවයෙන්
වැඩි
කර
ඒ
ඒ
ඉලක්කම්වලට
පහතින්
ලියා
ඉන්පසු
එකතු
කෙරෙයි.
එහි
දී
කෙරෙන්නේ
හැත්තෑවෙන්
හා
නවයෙන්
වැඩි
කර
එකතු
කිරීමකි.
හතෙන්
වැඩි
කිරීම
හැත්තෑවෙන්
වැඩි
කිරීමක්
වන්නේ
හත
දශස්ථානයෙහි
ලියැවෙන
බැවිනි.
හතෙන්
වැඩි
කර
ලැබෙන
සංඛ්‍යාවෙහි
දකුණෙන්
බින්දුවක්
(ශූන්‍යය)
ඇති
බව
ද
සිසුන්ට
මුල
දී
ම
කියා
දීම
මැනැවි
යැයි
සිතමි.
එවිට
සිසුන්ට
තමන්
කරන්නේ
කුමක්
ද
යන්න
ගැන
වැටහීමක්
ලැබෙනු
ඇත.
යම් ඉලක්කමක
ස්ථානගත
අගය
කෙතරම්
වැදගත්
දැයි
අපට
බොහෝ
විට
අවබෝධ
නො
වෙයි.
හැත්තෑපහ
යන්න
57 ලෙස
නොලියා
75 ලෙස
ලිවීම
කෙතරම්
වැදගත්
දැයි
අප
කාහටත්
අවබෝධ
වන්නකි.
හත්සිය
පහ
ලියන්න
කියුවහොත්
කවුරුත්
ඒ
705 ලෙස
ලියනු
ඇත.
මෙහි
සියස්ථානයෙහි
හත
ද
එකස්ථානයෙහි
පහ
ද
ලියා
ඇත.
දැන්
දශස්ථානයෙහි
ද
ඉලක්කමක්
ඇත.
ඒ
බින්දුවයි.
දශස්ථානයෙහි
අගයක්
නැත.
එහෙත්
අප
ඒ
නිසා
75 ලෙස
ලියුවහොත්
අපට
ලැබෙන්නේ
හැත්තෑපහ
මිස
හත්සියපහ
නො
වෙයි.
ප්‍රශ්නය වන්නේ
මේ
අගයක්
නැති
ස්ථානයට
සංකේතයක්
අවශ්‍ය
කුමට
ද
යන්න
ය.
සංකේතවලට
අගයක්
මෙන්
ම
ස්ථානගත
අගයක්
ද
ඇත.
ඉලක්කම්
ස්ථානගත
අගයක්
ලැබෙන
සේ
ලිවීමෙන්
අපට
සංඛ්‍යා
ලිවිය
හැකි
ය.
පහ
එකස්ථානයෙහි
ලියූ
විට
5 ද
දශස්ථානයෙහි
ලියූ
විට
50 ද
සියස්ථානයෙහි
ලියූ
විට
500 ද
වෙයි.
එකේ
සිට
නවය
දක්වා
සෑම
ඉලක්කමකට
ම
මෙය
සාධාරණ
වෙයි.
එහෙත්
ප්‍රශ්නය
වන්නේ
අගයක්
නැති
ස්ථානයකට
සංකේතයක්
නිර්මාණය
කිරීමෙහි
දී
ය.
එවැනි
සංකේතයක්,
ඉලක්කමක්
නොමැති
ව
705 ලිවිය
නොහැකි
බව
අපි
දුටුවෙමු.
අගයක් නැත්නම්
නැති
අගයක්
සංකේතවත්
කිරීමට
ඉලක්කමක්
කුමට
ද?
මේ
ප්‍රශ්නය
අද
අපට
මෝඩ
ප්‍රශ්නයක්
ලෙස
හැඟෙනු
ඇත.
එහෙත්
සමහරවිට
ගණිතයෙහි
තිබූ
වැදගත්
ම
ප්‍රශ්නය
මෙය
විය
හැකි
ය.
අද
අපි
අගයක්
නොමැති
වීම
0 යන
සංකේතයෙන්,
ඉලක්කමෙන්
ප්‍රකාශ
කරමු.
එහෙත්
යමක්
නැත්නම්
යමක්
කුමකට
ද?
යුරෝපයට
සියවස්
කිහිපයකට
පෙර
0 හඳුන්වා
දුන්
පසු
එහි
උගතුන්
බුද්ධිමතුන්
නැගූ
ප්‍රශ්නයක්
වූයේ
එයයි.
යුරෝපීය
උගතුන්
0 න්
කොපමණ
කැළඹීමකට
පත්
වී
ද
යත්
ඔවුහු
එය
යක්‍ෂයාගේ
ඉලක්කම
ලෙස
හැඳින්වූහ.
සමහරවිට එය
යක්‍ෂයාගේ
ඉලක්කම
වන්නට
ඇත.
එහෙත්
යක්‍ෂයා
යන්න
මා
යොදා
ගන්නේ
මෙරට
යක්‍ෂ
ජනතාව
යන
අර්ථයෙනි.
යමක්
නැත්නම්
යමක්
තිබිය
හැකිය
යන්න
සිංහල
සංස්කෘතියට
ආගන්තුක
දෙයක්
නො
වෙයි.
එය
චතුස්කෝටිකය
යනුවෙන්
හැඳින්වෙන
න්‍යායෙහි
(logic)
ගැබ්
වී
ඇත.
චතුස්කෝටිකය
සිංහල
සංස්කෘතියෙහි
ඇති
න්‍යායයි.
බෞද්ධයන්
වශයෙන්
ද
අපි
එය
යොදා
ගන්නෙමු.
යමක්
නැත
යන්න
සත්‍ය
ය
ද,
යමක්
නැත
යන්න
අසත්‍යය
ද,
යන
ප්‍රශ්න
දෙකට
ම
චතුස්කෝටිකයෙහි
ඔව්
යන්නෙන්
පිළිතුරු
දිය
හැකි
ය
(එමෙන්
ම
නැත
යනුවෙන්
ද
පිළිතුරු
දිය
හැකි
ය).
සිංහල භාෂාවෙහි
හල්
අකුරුවල
ද
ඒ
ලක්‍ෂණය
දකින්නට
ඇත.
ක්
යන්න
ශබ්ද
කරන්න.
ශබ්දයක්
පිට
නො
වෙයි.
එහෙත්
අක්කා
යනුවෙන්
කියන
විට
ක්
ශබ්ද
වෙයි.
ක්
යන්නෙහි
ශබ්දයක්
ඇති
මෙන්
ම
නැති
ද
වෙයි.
පැරණි සිංහලයෙහි
ඉලක්කම්
වර්ග
කිහිපයක්
තිබී
ඇත.
මුදලිඳු
ඒබ්‍රහම්
මැන්දිස්
ගුණසේකර,
ආනන්ද
විදුහලේ
හිටපු
විදුහල්පති
පී
ද
එස්
කුලරත්න
මහත්වරු
සහ
තවත්
අය
මේ
ඉලක්කම්
විස්තර
කර
ඇත.
ඉලක්කම්
ලියුවේ
අකුරු
හා
භාෂාවේ
යොදා
ගැනෙන
වෙනත්
සංකේතවලිනි.
මේ
ඉලක්කම්
වර්ග
අතර
ලිත්
ඉලක්කම්
ද
විය.
ලිත්
ඉලක්කම්
පසු
කලෙක
ජ්‍යොතිෂයට
සීමා
විය.
මැතක්
වන
තුරුම
ජ්‍යොතිෂවේදීහු
ලිත්
ඉලක්කම්
යොදා
ගත්හ.
මැන්දිස්
ගුණසේකර
මහතා
මේ
ලිත්
ඉලක්කම්
තම
පොතපතෙහි
සඳහන්
කර
ඇත.
මේ ඉලක්කම්වල
ශූන්‍යය
සංකේතවත්
වන්නේ
හල්
කිරීමට
යොදා
ගන්නා
සංකේතයෙනි.
මා
කලින්
සඳහන්
කළ
පරිදි
ශූන්‍යයට
අගයක්
ඇති
නමුත්
අගයක්
නැත.
හල්
කිරීම
ශබ්දයක්
තිබීම
මෙන්
ම
නොතිබීම
ද
සංකේතවත්
කරයි.
එවිට
පැරණි
සිංහලයන්
ශූන්‍යය
සඳහා
හල්
කිරීම
යොදා
ගැනීමේ
වැදගත්කම
වැටහෙනු
ඇත.
මැන්දිස් ගුණසේකර
මහතා
සඳහන්
කළ
ලිත්
ඉලක්කම්
සීගිරියෙහි
ද
ඇති
බව
කොළඹ
විශ්වවිද්‍යාලයෙහි
හර්ෂ
විජේවර්ධන
මහතා
නිරීක්‍ෂණය
කර
ඇත.
මෙය
සිංහලයන්ගේ
අභිමානයට
හේතු
විය
යුතු
ඉතා
වැදගත්
නිරීක්‍ෂණයකි.
ඉන්
කියැවෙන්නේ
පස්වැනි
සියවස
සමයේත්
සිංහලයන්
ශූන්‍යය
සඳහා
හල්
කිරීම
යොදා
ගෙන
ඇති
බව
ය.
මගේ
වැටහීම
නම්
හල්
කිරීම
පසුව
තිත
(.) බවටත්
ඉන්පසුව
බින්දුව
(0) බවටත්
පත්
වූ
බව
ය.
ශූන්‍යය
සඳහා
සංකේතයක්
පළමු
වරට
නිර්මාණය
කරන
ලද්දේ
සිංහලයන්
විසින්
යැයි
මම
සිතමි.
කෙසේ
වුවත්
පැරණි
සිංහලයන්
බුද්ධිමත්
නිර්මාණශීලී
පිරිසක්
වූ
බව
නොඅනුමාන
ය.
අපට
අවශ්‍ය
එවැන්නන්
වෑකඩ
බෞද්ධාලෝක
විද්‍යාලය
ද
ඇතුළු
මෙරට
පාසල්වලින්
අනාගතයේ
දී
බිහිවනු
දැකීම
ය.
෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
0 1 2 3 4 5 6 7 8 9
https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fyoutu.be%2FXlE0i06i0w8%3Ffbclid%3DIwAR0jFaz2gQfQOlAdz6qyyyROXEtc2wT5zuWwcwK6DQq6rN8S0aSb4vsmIpM&h=AT2C3D81ao_gcLL3VBOAYD3mXtv8pfw3d18YTKSxguFcvbKVfWdLYqN3h4axl37ZCOjr_p-Y7N6V61g9AYHTFueByeaGMeqSDWBoR8HBBqvpR0CA8pkRnINPPueGaDvidZhD496vClvgCw_RMRJq&__tn__=R]-R&c[0]=AT3ONyS37RlBxPiBENDQOVIXnILEmpHGRAEg3OqCpSAD5OEpWZ4nxVwgMALaaXQFNv1QTZfAud2Lu2z58hLJQDap4eAZam3eRLPt1tZN9FaGczAzOlGXkm2IC12gWXO4UBF5LZ19NyohOQ-JBF4hDLgz9PDnWWdJ3mzGX-GprAFRuYkoVHswtoV_ykb3jU86Yvb5mJ3oCSJ4