Main Logo

Saturday 25 March 2023

ණය වේ අප විද්‍යා

 ණය වේ අප විද්‍යා

 

රනිල් හා ජාමූල ගැන තවත් ලිවීමට සිදුවීම ගැන කණගාටු වෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. අද රංගෙ බණ්ඩාර වජිර අබේවර්ධන වැන්නන්ට රනිල් තරම් වැඩ්ඩෙක්, එහෙමත් නැත්නම් අප සිසුන් කාලෙ කිවුව විධියට නම් වැඩ කාරයෙක් වෙදෙක්, නැහැ. වෙදෙකුට ඕනෑම ලෙඩකට (ප්‍රශ්නයකට) බෙහෙත් (උත්තර) තිබුණා. වෙදා එකල නම් බ්‍රයිට් අද නම් ස්මාට් අයකුට වඩා වෙනස්. භාෂාවල විලාසිතා වචන ගැන කිසිවකු අධ්‍යයනයක් කර තියෙනවා කියා මා දන්නේ නැහැ. විලාසිතා වචන වැඩි කලක් පවතින්නේ නැහැ. අපේ කාලෙට වඩා අද තරුණයන් විලාසිතා වචන යොදා ගන්නවා. එයින් පැහැදිලි වන්නෙ පාවෙන ගතිය. රුපියලත් එක එක කාලවල පාවෙනවා. මෙවර නම් පාවෙන්නෙ හොඳකට නො වෙයි.

 

රනිල් ජාමූලෙන් ණය ලබා ගත්තා කියන එක සම්පූර්ණයෙන් වැරදියි. ඔහු ලබා ගත්ත ණයක් නැහැ. ඔහුට ණය දුන්නා. මේ සියල්ල සැලැස්මක්. පඬි නැට්ටන් එය පිළිගන්නේ නැහැ. ඔවුන් හිතා ඉන්නෙ ගෝඨාභය ඉවත් කෙළෙ තමන් කියා. ඒත් දවස්වල ප්‍රශ්නයක් වුණා ගෝඨාභය ඉවත් කර පත් කර ගන්නෙ කාවද කියා. පඬි නැට්ටන් කිවුවෙ ඉස්සෙල්ලා රෙද්ද ගලවල ඉන්න ඕන ඊට පස්සෙ තමයි රෙද්දක් හොයන්නෙ කියල. ඔවුන් නිතර කතා කළ දෙදහස් පන්සීයෙ රෙද්ද හොයන්නෙ නැති බව මා දැන හිටියා.  ඔවුන්ට ලැබිච්ච රෙද්දක් නැහැ. ඔවුන් නිරුවතින්. ඔවුනුත් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමේ බටහිර සැලැස්මේ ඉත්තන් වුණා පමණයි. ඉත්තන් හා නැට්ටන් අතර වෙනසක් නැහැ. නැට්ටන්ට පහසුවෙන් ඉත්තන් වෙන්න පුළුවන්.

 

බටහිරයන්ට අවශ්‍ය වුණෙ ගෝඨාභය ඉවත් කර රනිල් පත් කරන්න. පරගලය සම්පූර්ණයෙන් සඳහා. දවස්වල බොහෝ දේ සිදු වුණා. අර ගෑස් පිපිරෙන්න පටන් ගත්තෙ කාගෙ ගෑස් පෙන්නන්න ? ජඩමාධ්‍ය ඒවට ප්‍රසිද්ධිය දුන්න. ගෑස් සිලින්ඩර ඔක්කො කීයක් පිපිරුණා ? වැඩිම වුණොත් දහයක් විස්සක්. කීය හරි නිකම් පිපිරුණා ? මා ගැන පරීක්‍ෂණයක් ඉල්ලන්නෙ නැහැ. එයට වැරදි කාරයෙක් නැහැ. සිලින්ඩර තමන් පුපුරවා ගෙන. ඩොලර් ප්‍රශ්නයක් තිබුණා. ගෝඨාභයගෙ වැරැද්දක් නිසා නො වෙයි. ණයට කෑමේ හා විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස. ගෝඨාභය රථවාහන ආනයනය නතර කළා. තව තවත් ආනයන සීමා කළා. නැත්නම් ඩොලර් හිඟය තවත් වැඩි වෙන්න තිබුණා. පඬි නැට්ටකු කියන්න පුළුවන් මට අවශ්‍ය රාජපක්‍ෂලා ආපහු ගේන්න කියා. මා හිතන්නෙ නැහැ ගෝඨාභයට හරි මහින්දට හරි ආපහු එන්න වුවමනාවක් තියෙනවා කියා. වෙන රාජපක්‍ෂ කෙනකුට තමන්ට එන්න ඕන වුණත් බැහැ.

 

අද බටහිරයන් රනිල් පත්කරගෙන. ඔහුට ණය දෙනවා. ඒත් වැඩි ගණනක් නො වෙයි. සෙලෙන්ස්කිට දෙන තරම් දෙන්නෙ නැහැ. ජාමුල ණය දෙන්නෙ තමන්ට අවශ්‍ය වැඩේ කරන තරමට. යුක්‍රේනයෙ යුද්ධෙ ඕතොඩොක්ස් ක්‍රිස්තියානි සංස්කෘතිය දිය කරල බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය පතුරවන්න. බව පහුගිය දා පුටින් කළ කතාවකත් කියල තියෙනවා. අපේ රටේ බටහිරයන්ට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කරල ඔවුන්ගේ ක්‍රිස්තියානි සංසකෘතික ආධිපත්‍යය තහවුරු කරන්න. පරගලය මුළුමනින් සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක්. අද එහි ප්‍රතිඵල ඇස් පනාපිට පේන්න තියෙනවා.

 

පරගලය රනිල් බලයට පත් කිරීම සඳහා බව අප මුලදි දැක්කා. මහින්ද අගමැතිකමෙන් අස්වුණු අවස්ථාවෙ එක්කෝ දිනේෂ් නැත්නම් සරත් ෆොන්සේකා පත් කළ යුතු බවයි අපේ මතය වුණෙ. පරගලය එක්කෝ හොඳින් නැත්නම් බලය යෙදීමෙන් පරාජය කරන්න. එහෙත් යෝජනා ඇතැම් ජාතිකවාදීනුත් ප්‍රතික්‍ෂෙප කළා. පසුව රනිල් හා ඩලස් නම් ඉදිරිපත් වුණා. දෙදෙනාගෙන් කෙනකු පත් කිරීමට යන බව තේරුම් ගැනීමෙන් පසු රට අරාජිකත්වයට යෑම පිළිබඳ ප්‍රශ්නය අපට මතු වුණා. ඩලස් මගේ මිතුරකු වුවත් ඔහුගේ බොරු මධ්‍යස්ථ හොඳ හිත කතා හරහා රට අරාජිකත්වයට ගොස් අපේ ස්වාධීනත්වය නැති වෙන බව අපට පෙනී ගියා.

 

එහෙත් රනිල්ට අපේ විරුද්ධත්වය දිගට තිබුණා. රනිල් අගමැති වීමෙන් පසු පරගලය වාෂ්ප වී ගියා. පඬි නැට්ටන්ට රෙද්ද නැති වුණා. අප අවස්ථාවෙ පැහැදිලි ගෝඨාභයගෙන් ඉල්ලා සිටියේ රනිල් අගමැති කමෙන් අස්කරන ලෙස. එහෙත් එසේ වුණේ නැහැ. ඉන් පසු රනිල් වැඩ බලන ජනාධිපති ලෙස පත් වුණා. නැවතත් ඩලස් ජනාධිපති කිරීමේ කතාව මතු වුණා. ඩලස් හොඳ මිතුරකු වුණත් නායකත්ව දක්‍ෂතා නැති අයෙක්. ඔහුට රටක් පාලනය කරන්න බැහැ.

 

මහින්ද අස් වීමෙන් පසු රනිල් හැර කිසිවකු අගමැතිකම භාරගන්න සූදානමක් නොතිබූ බවත් ඇත්ත. අවස්ථාව නිර්මාණය කරල තිබුණෙ රනිල් බලයට පත් කරන්න. වෙන කවුරු අගමැති වුණත් ( දිනේෂ් හරි සරත් ෆොන්සේකා හරි නැතුව) පරගලය ඔහු යට කර ගන්නවා. බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ පරගලය. රනිල් හැරෙන්න වෙනත් කිසිවකු අගමැති තනතුර භාර ගැනීමට ඉදිරිපත්   නොවීම ගැන මා නම් පුදුම වෙන්නෙ නැහැ.

 

අද රංගෙ බණ්ඩාරලා වජිර අබේවර්ධනලා කියන්නෙ කිසිවකු ඉදිරිපත් නූණ අවස්ථාවෙ රනිල් එඩිතරව තනතුර භාර ගත්ත කියල. නැහැ අවස්ථාව බටහිරයන් හා ඉන්දියාව පිළියෙළ කරල තිබුණෙ රනිල් වෙනුවෙන්. ඔහු අගමැති වුණෙ බටහිර හා ඉන්දියාවෙ ශක්තියෙන්. ඔහු දක්‍ෂයෙක් නිසා නො වෙයි. අද ජාමුල ණය දෙන්නෙත් ඔහුගෙ හරි නන්දලාල් වීරසිංහගෙ හරි දක්‍ෂතාවක් හින්ද නො වෙයි. අද ජාමුල ණයට ඩොලර් ටිකක් දෙනවා. එච්චරයි. අප අර ලියවිලි මේ ලියවිලි ඉදිරිපත් කරන්න ඇති. ඒවා ලියවලි හා ලියවිලි පමණයි.

 

ජාජබ කරන්නෙ ලොකුම රඟපෑම. ලබන වසරේ ඔස්කා සම්මාන සඳහා රනිල්දාස ඉදිරිපත් කරන්න පුළුවන්. කෙහොමටත් එතෙක් මැතිවරණ නැහැ. 2024 නොවැම්බරේදිවත් ජනාධිපති ඡන්දයක් තියෙයි ? තිබුණත් කිසිම අපේක්‍ෂකයකු සියයට පනහ ගනීවි ? ණය වේ අප විද්‍යා කිවුවලු. කොහොමටත් විද්‍යාව අපට ණයක්.