Main Logo

Wednesday, 29 March 2023

ජා ජ බ හා අරගලය

 ජා හා අරගලය

 

සීගිරිය ගැන තවත් ලියන්න දේ තියෙනවා. පස්සෙ ලියන්නම්. කාලෙකට ඉස්සර ලෝකෙ එක එක ප්‍රදේශවල මිනිස්සු වෙන වෙන ප්‍රදේශවලට සංක්‍රමණය වුණා. විවිධ හේතු නිසා. එහෙම ගිහින් තිබුණු සංස්කෘතීන්ට අවශෝෂණය වුණා. එක්ක තිබුණු සංස්කෘතීන් අඩු වැඩි වශයෙන් වෙනස් වුණා. අපේ රටිනුත් ගිය සමහරු කේරළේ පදංචි වෙලා තියෙනවා. වගේ කේරළයෙන් හා අවටින් පැමිණි අයත් මෙරට වැඩි වශයෙන් නිරිතදිග ප්‍රදේශයේ පදිංචි වෙලා තියෙනවා. නිරිතදිග සංස්කෘතිය තරමක් වෙනස් වෙන්න ඒකත් හේතුවක්. වගේ බටහිර ආභාසය වැඩියෙන් ලැබුණෙ බටහිර  තීරුවකට. අපට ශක්තිය තිබුණ මේ සියළු සංක්‍රමණ මැද්දෙ පොදු සංස්කෘතියක ජීවත්වීමට. පොදු කියන එකෙන් මා අදහස් කරන්නෙ හැම තැන එක විධිය කියන එක නො වෙයි. දකුණෙ සංස්කෘතිය කඳුකරයෙ සංස්කෘතියෙන් වෙනස්. ඒත් වෙනස අතරෙ පොදු බවකුත් තියෙනවා.

 

අද මා ලියන්න හිතුවෙ ලාල්කාන්තගෙ ප්‍රකාශයක් ගැන. මා ඔහු හඳුනන්නේ නැහැ. ඔහු හමු වී ඇති බවක මතකයකුත් නැහැ. ලාල්කාන්ත කියන්නෙ ආකර්ෂණීය (සිත් ඇදගන්නා) පුතා කියන එක බවයි මගේ හැඟීම. ඔහු බොහෝ දෙනාට ප්‍රිය මනාප පුද්ගලයකු වෙන්න ඇති. ලාල්කාන්ත ඊයෙ පෙරේදා ප්‍රකාශයක් කරල තිබුණ මැතිවරණ ලබා ගැනීම සඳහා අරගලයක් කරන්න ඕන කියලා. ඔහු කියල තිබුණ ගල්කැටයක්වත් අතින් ගන්නෙ නැතුව කොළඹ එන්න කියලා. මා හිතන්නෙ තවම දිනයක් නියම කරල නැතුව ඇති. දින නියම කළා රනිල් මැතිවරණයට දින නියම කරාවි.

 

අද වන විට ඇත්තෙ ජා මිසක් ජවිපෙ නො වෙයි. වි පෙ ටිල්වින් සමග ඇතැයි මා ටිකක් විමසිල්ලෙන් බලා හිටියා. ඒත් දැන් වි පෙ මිය ගිහින්. දැන් ඇත්තෙ ඊනියා විප්ලවකාරි පක්‍ෂයක් නො වෙයි. දැන් ඇති එක විප්ලවකාරී පක්‍ෂය අර සෙප්පන්ගෙ පක්‍ෂය. ඒක විශ්වවිිද්‍යාලවලට පමණක් සීමා වෙලා. විශ්වවිිද්‍යාලවල ඉන්න බොහෝ දෙනා ඉහළ බුද්ධිමතුන්. අඛණ්ඩ වර්ජනය නම් සෙප්පන්ගෙ වැඩක් නො වෙයි. ඒක කරන්නෙ බුද්ධි මහිමයෙන් මත් වෙලා.

 

වි පෙ නිර්මාතෘ දැන සිටි විප්ලවයක් නැහැ. ඉස්සර අපේ ගමේ තිබුණා රෑ ගෙදර කියා ගෙයක්. ගේ එක රැයෙන් හැදුවෙ. විජේවීරත් එක රැයෙන් විප්ලවයක් කරන්න හිතුවෙ. හරි ගියා නම් රෑ විප්ලවේ කියන්න තිබුණ. ඒත් දිනේ හරියට කියා ගන්න බැරි වෙලා විප්ලවේ ගැස්සිලා ගියා. දවස්වල බණ්ඩාරනායක මැතිණියගෙ ආණ්ඩුවක් තිබුණෙ. කාලෙ රන්ජන් විජේරත්න හිටියෙ ආණ්ඩුවේ නො වෙයි. ප්‍රා හදන්න කල්පනා කළෙත් නැහැ. ගෝනි බිල්ලො හිටියෙත් නැහැ. නිසා වි පෙට තව විප්ලවයකට ලැහැස්ති වෙන්න පුළුවන් වුණා.

 

අසූ ගණන්වල වි පෙ ටිකක් ජාතික පැත්තට ඇදුණා. ගුණදාස අමරසේකර ගණඳුරු මැදියම අරුණළු දැක්කා. වි පෙ ජනප්‍රිය වුණා. විප්ලවය අත ළඟ කියල හිතුවා. සමහරු විප්ලවේට පවන් සලන්න ගත්තා. ඒත් සියල්ල පවනේ ගියා. දැන් ඉතින් විජේවීරත් නැහැ සෝමවංසත් නැහැ. ටිල්වින් දිනන තුරු ඉන්නවා. ඔක්කොට ඉහළින් රනිල්දාස ඉන්නවා. යටත් විජිත ටිකක් යටින් ඉන්නවා.

 

ඒකට කමක් නැහැ. ජා රැල්ලත් දොර යටින් බැහැල ගියා. ඒත් තවමත් යම් පිරිසක් රැවටිලා ඉන්නවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු නම් ජා වෙනුවෙන් කතා කරන්නෙ රැවටිලා නො වෙයි. රැවටෙන්න. අපි රැවටෙයි කිවුවලු. නයි කයි රෝස් පාන් කිවුවලු. කවුද කිවුවෙ කියල අහන්න එපා.

 

ඔය රැවටිල්ලෙ තවත් ජවනිකාවක් තමයි ගල් කැටයක්වත් නැතුව කොළඹ එන එක. බය වෙන්න දෙයක් නැහැ. ආවත් රනිල් මොකුත් කරන්නෙ නැහැ. මා කියන්නෙ නැහැ කතා වෙලා කරන අරගල කියලා. දැන් ප්‍රා නැහැ. ප්‍රා සංවිධානයෙ හිටපු කවුරු හරි ජා බලවේගයෙ ඉන්නවා ? දන්නව නම් යටින් ලියන්න. කාගෙ කාගෙත් තරහ පිරිමහ ගන්න මේ ලිපියත් ප්‍රතිචාරවලට විවෘත කරනවා.

 

මාක්ස්වාදය ඕන නම් අර රොමෑන්ටික් කතන්දරයක් (ප්‍රවාදයක්) කියල කියන්න පුළුවන්. සිංහලෙන් විචිත්‍රාද්භූත කියනවා. වචනෙ එච්චර හරි නැහැ. මට වචනයක් හිතට එන්නෙත් නැහැ. කොහොම වුණත් අසාධාරණයට විරූද්ධ වෙන්න ඕන කියන හැඟීම බොහෝ අයට තියෙනවා. ඒත් හැඟීමෙන් පමණක් වැඩ කරන්න බැහැ. සමාජය හිතල වෙනස් කරන්න බැහැ. ධනවාදය ඇති කෙළෙ හිතල සැලසුම් කරල නො වෙයි. සමාජයේ පොඩි පොඩි වෙනස්කම් සමහරවිට කරන්න පුළුවන් වේවි. ඒවා සමාජ ක්‍රමය වෙනස් කිරීමකට තුඩු දේවි.

 

ලෙනින් කෙළෙ රුසියානු සංස්කෘතියෙ ඉඳිමින් සාර් වෙනුවට ස්ටැලින් කෙනකු ඇති කිරීමයි. ස්ටැලින් රාජ්‍ය ධනවාදයක් ඇති කළා. ලංකාවෙ රාජ්‍ය ධනවාදයක් තියා දේශීය පෞද්ගලික ධනවාදයක්වත් ඇති කරන්න බැහැ. ඉන්දියාවට තම සංස්කෘතියෙ සිටිමින් ධනවාදයක් ඇති කරන්න පුළුවන්. අපට අදානි කෙනකු බිහි කරන්න බැහැ. ඒ් නිසා අදානිල මෙහේ එනවා. ජා අදානිට විරූද්ධ මොකක් කරන්නෙ? අර සිපෙට්කො සමාගම ඉන්දියානු අයිඕසි සමාගමට ඇරෙන්න විදේශීය සමාගම් තුනකටත් පිරවුම් හල් දෙන්න යනවා. ජා එයට විරුද්ධ වෙන්නෙ නැහැ. විරූද්ධ වුණා කියල වැඩක් වෙන්නෙත් නැහැ. දවස්වල ලංකාවෙ තිබුණ ෂෙල් කැල්ටෙක්ස් ආදි සමාගම්. අපි වටයක් ගිහින් ආපහු එතැනට ඇවිත්. ඊනියා ජනතාවට සේවය කිරීම පැත්තකට දාල අපේ සංස්කෘතියෙ ඉඳන් පරයන්ට යට නොවී දුගී දුප්පතුන් වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරමු.