Main Logo

Sunday 17 November 2013

ජරා සුද්දෝ සහ දහජරා කළු සුද්දෝ


මේ තීරුවෙහි මාතෘකාවෙහි ජරා සුද්දෝ යන්න අග්ලි ඇමරිකන් යන ඉංගිරිසි ව්‍යවහාරය සිංහල සම්ප්‍රදායට අවශෝෂණය කිරීමෙන් ලබාගත්තකි. මෙයින් සියළු ඉංගිරිසි ජාතිකයන් හෝ සියළු කළු සුද්දන් ජරා යැයි නොකියැවෙයි. එංගලන්ත ආණ්ඩුව ඔවුන්ගේ ආවතේවකාරයෝ, ඇතැම් ජන(ඩ)මාධ්‍ය, ඇතැම් උගත්තු ආදීහු පමණක් ජරා සුද්දෝ යන්නෙන් හඳුන්වනු ලැබෙති. එමෙන් ම බොහෝ එ ජා ප නායකයෝ ද, ඇතැම් කසිකබල් මාක්ස්වාදීහු ද ලිබරල් වාදීහු ද උගත්තු ද රාජ්‍ය නොවන බැලයෝ ද ආදීහු දහජරා කළු සුද්දෝ වෙති.  චැනල් 4 ද ඇතුළු එංගලන්තයේ බීබීසිය, ඇමරිකන් සී එන් ඒ විසින් මෙහෙයවෙන ඊනියා ජාත්‍යන්තර මාධ්‍ය හා ලංකාවේ ඇතැම් කළු සුද්දන්ට හා මේ ආණ්ඩුවෙන් තමන් බලාපොරෙත්තු වූ පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොලැබුණු අයට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ රැස්වීම ලංකාවේ පැවැත්වීමෙන් ආණ්ඩුව ඇණගෙන ඇත. පොදුරාජ්‍ය මණ්ඩලය යනු එංගලන්තය තම අධිරාජ්‍ය වෙනත් මඟකින් ගෙන යෑමට දරණ අසාර්ථක උත්සාහයක් පමණකි. එය ගැන මගේ කිසිම පැහැදීමක් නැත. එහෙත් මෙම රැස්වීම ලංකාවේ ඉතා සාර්ථක ව පැවැත්වීමට හැකිවීම ගැන මම සතුටු වෙමි. මෙම රැස්වීම ලංකාවේ පැවැත්වීම වැළැක්වීමට ජරා සුද්දෝ ද දහජරා කළු සුද්දෝ ද මහත් උත්සාහයක් දැරූහ. එසේ වුවත් රාජ්‍ය නායකයන් ද විශාල සංඛ්‍යාවක සහභාගීත්වයෙන් රැස්වීම කොළඹ දී ඇරඹිණි. එය ලංකාවේ ද පොදුවේ සිංහලයන්ගේ ද වීරෝදාර හමුදාවේ ද ආරක්‍ෂක ලේකම්තුමාගේ ද ජනාධිපතිතුමාගේ ද විශිෂ්ටත ම ජයග්‍රහණයකි. කැනඩාවේ ඉන්දියාවේ අගමැතිවරු දේශපාලන හේතු නිසා රැස්වීමට පැමිණීමෙන් වැළකුණහ. එහෙත් එංගලන්තයේ කැමරන්ට එයට සහභාගි නොවී සිටීමට නොහැකි විය. ඔහුගේ සිහින අධිරාජ්‍යයේ ඔහු තවමත් ඔහුගේ රැජනගේ අගමැති ය. එසේ වුවත් එංගලන්තය ද කැනඩාව ද පොදු රාජ්‍ය මණ්ඩලයට කරන මූල්‍ය ප්‍රදාන නවත්වන බව කියා ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා එහි සභාපතිවීමට විරුද්ධව ගන්නා ලද ක්‍රියා මාර්ගයකි. 

චැනල් 4 කණ්ඩායම ලංකාවේ ක්‍රියාත්මක වූ ආකාරයෙන් ඔවුන් කවුරුන්දැයි හෙළි විය. ඔවුහු එක් රස්වීමකින් පසුව ජනාධිපතිතුමාගෙන් පිස්සු බල්ලන් මෙන් පැන පැන ප්‍රශ්න ඈසූහ. ඔවුන් පැමිණ ඇත්තේ ඔවුන්ට වීසා ලැබී ඇති ආකාරයට පොදු රාජ්‍ය මණ්ඩලීය නායක රැස්වීම වාර්්තා කිරීමට නොව තවත් ව්‍යාජ චිත්‍රපටියක් නදපදවීනට ය.  ඔවුන්ට ඇත්තේ ජනාධිපතිතුමා හා සිංහලයන් කෙරෙහි වූ වෛරයක් පමණකි. ඔවුන් පොදුවේ සිංහලයන් කෙරෙහි ඇති වෛරය අනුරාධපුරයේ සිට ඔවුන් රැගෙන ආ රියදුරාට මුදල් ගෙවීම ප්‍රතික්‍ෂෙප කිරීමෙන් පැහැදිලි වෙයි. ජරා සුද්දන් නිසා ඒ රියදුරාට අසාධාරණයක් වීමට ආණ්ඩුව ඉඩ නොතැබිය යුතු ය. මේ වෛරය අන් කිසිවක් නිසා නොව ලංකා හමුදාව ජරා සුද්දන්ගේ අභිමතයට පිටුපාමින් ජරා සුද්දන්ගේ  කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ඇතිවූකි. එහෙත් අප මෙහි දී එක් කරුණක් වටහා ගත යුතු ය. චැනල් 4 ඇතුළු ඉංගිරිසි ජනමාධ්‍ය මෙසේ පිස්සු බල්ලන් මෙන් හැසිරෙන්නේ එංගලන්ත ආණ්ඩුවේ අවශ්‍යතාව නිසා ය. චැනල් 4 ක්‍රියාකලාපය ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් අපි ඒ පිටුපස සිටින ඉංගිරිසි රජය රනිල්ගේ මුවඅග ඇති වචනයක් යොදාගන්නේ නම් රෙජිමය අමතක කරන්නෙමු. 


එංගලන්තයේ ඇමතිවරයකු හික්කඩුවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය ජඩ ආකාරයකින් යොදා ගනිමින් හමුදා මෙහෙයුම්වල අවසාන සතියේ දී ඊනියා මානව අයිතිවාසිකම් ගැන කතා කළේ ය. මේ කතාකරන්නේ අවුරුදු දෙසිය ගණනකට වැඩි කලක් තිස්සේ  මුළු ලෝකයේ ම මානව අයිතිවාසිකම් අමු අමුවේ ම කඩකළ ඊනියා දෙවැනි ලෝක යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ලක්‍ෂ ගණනක් මැරූ මේ ළඟ දී ඉරාකයේ නොතිබූ න්‍යෂ්ටික අවි ගැන කතාකරමින් ඉරාක සිවිල් වැසියන් මැරීමට බෝම්බ දැමූ එංගලන්ත රජයේ ඇමතිවරයකු බව ඇතැමුන්ට අමතක වන්නට ඇත. අප බොහෝ අවස්ථාවල කියා ඇති පරිදි මෙරට දෙමළ ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය ය. (විස්තර සඳහා ප්‍රභාකරන් ඔහුගෙ සීයලා බාප්පලා හා මස්සිනාලා කියවන්න) එංගලන්තය තමන්ට එරෙහිව සටන් කළ සිංහලයන් මර්දනය කිරීමට දෙමළ ජාතිවාදය යොදා ගත්තේ ය. අද ද යොදා ගනියි. ඔවුන් අවංක නම් කළ යුත්තේ එංගලන්තයේ දෙමළ විසුරුණු ජනයා විසුරුවා හැරීම ය. එහෙත් ඔවුහු බොරුවට කොටි සංවිධානය තහනම් කර එහි ද්විතීය සංවිධානවලට ලංකාවට විරුද්ධව ක්‍රියාත්මක වීමට ඉඩ දෙති.  අද එංගලන්තයට තමන් නෝර්වේ හා රාජ්‍ය නොවන බැළයන් ඇතැම් පූජකයන් මගින් පවත්වාගෙන ගිය කොටි පරාජය කිරීම නිසා රාජපක්‍ෂවරුන් හා හමූදා නායකයන් දංගෙඩියට යැවීම අවශ්‍ය වෙයි. චැනල් 4  ව්‍යාජ චිත්‍රපටි නිපදවන්නේ එංගලන්ත රාජ්‍යයට ඒ ඊනියා සාක්‍ෂි ලෙස යොදා ගැනීමට ය. මෙරට දෙමළ ප්‍රශ්නය ඇති කළේත් අදත් පවත්වාගෙන යනු ලබන්නේත් සිංහලයන්ට විරුද්ධව එංගලන්තය විසින් බව තේරුම් ගැනීමට පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ රැස්වීමෙන් පසුවවත් සිංහලයන්ට හැකි විය යුතු ය. ජරා සුද්දන් හඳුනාගැනීමටත් ඔවුන් සමග එක් වී රටට විරුද්ධව කටයුතු කරන දහජරාකළු සුද්දන් හඳුනාගැනීමටත් අවස්ථාව ලැබීම පොදු රාජ්‍ය මණ්ඩලීය නායක රැස්වීමෙන් අපට ලැබුණු ජයග්‍රහණ ය. අප කුමක් කළත් එංගලන්ත රජය අපට විරුද්ධ ක්‍රියා මාර්ග අත් නොහරිනු ඇත. අප ඔවුන්ට කියා සිටින්නේ ඊනියා තිස් අවුරුදු යුද්ධයේ අවසාන සතියේ නොව සති 1500 ම මානව අයිතිවාසිකම් කඩවීම් සොයා බැලීමටත් කොටින්ට ආධාර කළ රාජ්‍ය ගැන සොයා බැලීමටත් අප කටයුතු කරන බව ය. මෙහි දී රනිල් හා සරත් ෆොන්සේකා අමතක නොකළ හැකි ය. ඊනියා යුද්ධාපරාධ චෝදනා පළමුවෙන් ම ඉදිරිපත් කළේ සරත් ෆොන්සේකා ය. ඔහුගේ ද්‍රෝහී සුදුකොඩි කතාව සියල්ලෙහි මුල විය. රනිල් ඇතුළු කළු සුද්දන් චැනල් 4 කණ්ඩයමට සිරිකොතට ආරාධනා කළේත් සිරිකොතේ ප්‍රදර්ශන පවත්වූයේත් රටට විරුද්ධව සුද්දන්ට ගතු කීමට ය. මේ දෙදෙනාටම ඊළඟ මැතිවරණයේ දී වික්‍රමබාහුට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමට හැකිවනු ඇත. ජනාධිපතිතුමා චැනල් 4 කණ්ඩායමට තේ බීමට කතාකරන්නේ රටට විරුද්ධව ගතු කීමට නො වේ. කැමරන්ලාට මැක්රේලාට ලංකාව තමන්ගේ යටත්විජිතයක් ය යන හැඟීම එ ජා පක්‍ෂය විසින් ලබා දී තිබිණි. චන්ද්‍රිකා හැරෙන්නට ශ්‍රී ල නි ප නායකයන් ඒ හැඟීම ලබා නොදීම කැමරන්ට ඇති ප්‍රශ්නයකි. ඉන්දියාව ගැන ද කෙටියෙන් සඳහන් කළ යුතු ය. ඉන්දීය අගමැති රැස්වීමට අවසන් මොහොතේ වුවත් පැමිණේ යැයි මා සිතුවේ එමගින් දෙමළ ප්‍රශ්නය ගැන අපට බලපෑම් දැමීමට ඔවුන් කටයුතු කරාවිය යන පදනමෙන් ය. ඔහු නොපැමීණීම අපට වැඩදායක ය. ඒ අපේ ජයග්‍රහණයකි. මින්පසු කුර්ෂීඩ් කුමක් කීවත් ඉන්දියාවට කිසිම බලපෑමක් කිරීමට අපි ඉඩ නො දෙමු. දහතුන ගැන අප ක්‍රියා කළ යුත්තේ අපට අවශ්‍ය අන්දමට මිස ඉන්දියාවට අවශ්‍ය ආකාරයට නො වේ.


නලින් ද සිල්වා

2013-11-17