සංධානයේත් පොහොට්ටුවෙත් එ ජා පක්‍ෂයට හා රනිල්ට උදවු කරන අය ඉන්නවා.
ඔවුන් මෛත්‍රිපාල මහින්ද සමගිය කඩා බිඳ දාන්න කළ හැකි සෑම දෙයක් ම කරනවා. ඒ මගින්
රනිල්ට ආධාර කරනවා. දෙපැත්තේ ම ඉන්නවා ව්‍යවස්ථාව පරාද කිරීම ප්‍රධාන ප්‍රශ්නය කර
ගන්නෙ නැතිව ශ්‍රී ල නි ප හා පොදුජන පෙරමුණ තවත් පක්‍ෂ සමග එකතු වී හදන සංධානයේ
නායකයා කවුද, ඒකෙ ලකුණ මොකක් ද, ඒකෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද වගේ ප්‍රශ්න ප්‍රධාන
ප්‍රශ්න කර ගන්න අය. ඔවුන් පැහැදිලිව ම රට ගැන නොව තම මන්ත්‍රීකම, ආසන සංවිධායකකම, මෛත්‍රිපාලට නැත්නම් මහින්දට අනින්නෙ
කොහොමද ආදිය ගැන සිතන අය. එමගින් රනිල් බලයේ තබා ගැනීමට කටයුතු කරන අය.