Main Logo

Showing posts with label US Senate. Show all posts
Showing posts with label US Senate. Show all posts

Thursday, 27 December 2018

සුමන්තිරන්ගෙ මඩකලපු කතාව


සුමන්තිරන්ගෙ මඩකලපු කතාව



සුමන්තිරන් මඩකලපු ගිහිල්ල. හිටපු මන්ත්‍රි ජෝසෆ් පරරාජසිංහම් සිහිකරන්න. කතෝලිකයකු වූ පරරාජසිංහම් 2005 නත්තල් දිනයේ දී පල්ලියේ දී  ඝාතනය කරනු ලැබුයේ කවුරුන් විසින් දැයි 2015 පත් වූ බයිලා රනිල්ගේ ආණ්ඩුවත් දන්නෙ නැහැ. කරුණා ඝාතනය පිටුපස සිටින බව තමයි ඇතැමුන්  පතුරවා තියෙන මතය. 2015න් පසුව කිහිප දෙනකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තියෙනවා.  ඒ අතර පිල්ලෙයානුත් හිටියා.  කොටි ත්‍රස්තවාදීන් පරරාජසිංහම් මහාවීර් කෙනකු කළා. ඔහුගේ භාර්යාව පසුව කැනඩාවේ විසා ගත්තත් එහි සරණාගතයකු වීමට ඉල්ලුම් කළ අවස්ථාවේ පරීක්‍ෂණයකින් පසු ත්‍රස්තවාදිනියක ලෙස නම් කෙරි රටින් පිට කිරීමට නියෝග කෙරුණා. එහෙත් ඉන් පසුවත් ඇය කැනඩාවේ රැඳී සිටියා.  එහෙම වුණෙ කොහොමද කියලා සුමන්තිරන් කියනවා ද?