Main Logo

Showing posts with label Ranil as PM. Show all posts
Showing posts with label Ranil as PM. Show all posts

Sunday, 16 December 2018

අතුරු මිතුරු


අතුරු මිතුරු



මහින්ද රාජපක්‍ෂ ඊයේ අගමැති ධුරයෙන් අස්වීම නිසා බොහෝ දෙනකුට 2015 ජනවාරි 9 මතක් වුණා. බොහෝ දෙනකු මහින්ද අස්වීමේ ලිපිය අත්සන් කරනු බලා සිටියේ ජනවාරි 9 මතක් කරමින්. අස්වීමේ ලිපිය අත්සන් කිරීමට නැකතක් තිබුණා ද කියා මා දන්නේ නැහැ. නැකතක් තිබුණා නම් ඒ ආපසු ඒමේ ද නැකතක් වෙන්න ඕන. බටහිරයන්ට තම ඓතිහාසික ග්‍රීක  කතා අමතක වුවත් මහින්ද ගැන නොදන්නා දෙයක් කියන්න තියෙනවා. ඒ ඔහු ජනතාවගෙන් ශක්තිය ලබන්නකු බව. ඔහු ජනතාව වෙතට හෙළන්න. ඔහු හිටියාට වඩා ශක්තියකින් නැගී සිටිනවා. බටහිර හා ඉන්දීය විජාතික බලවේග 2015 ජනවාරියේ දී ඔහු මැදමූලනට දැමුවේ නැවත නොඒවිය කියා. එහෙත් මසක් ඇතුළත පෙබරවාරිය වන විට ඔහු හිටියාට වඩා ශක්තියකින් ආපසු ඇවිත්. මහින්දගේ ශක්තිය ඇත්තේ ජනතාව ළඟ. ඊයේ ඔහු ආපසු ජනතාව වෙත ගියා. ඔහුට අද ම ජනතාවගේ ශක්තිය හිටියාට වඩා ලැබෙනවා.