Main Logo

Wednesday 3 August 2022

සියල්ල පිටුපස සිංහල බෞද්ධ විරෝධය

 

සියල්ල පිටුපස සිංහල බෞද්ධ විරෝධය

 

මා හිතන්නේ පරගලයේ කතාව දැන් හැමෝම කෙසේ වෙතත් යම් පිරිසක් දන්නවා. කාදිනල්තුමා විවිධ ප්‍රකාශවලින් ගෝඨාභය රාජපක්‍ෂට හා රණවිරුවන්ට චෝදනා කරනවා. එතුමා කිසි දිනෙක රණවිරුවන් දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කිරීම පිළිබඳ කිසිම හොඳක් කියා නැහැ. ඒ වෙනුවට එතුමා දෙමළ ත්‍රස්තවාදීන්ට නොයෙකුත් ආකාරයෙන් උපකාර කළ කතෝලික පූජකවරුන්ට කිසිම දොසක් නොකීවා පමණක් නොව ඔවුන් සමග එකට වැඩ කළා. එපමණක් නොව එතුමා දෙමළ ත්‍රස්තවාදී නායකයන් හමුවීමට ද ගියා. එතුමා පරගලයේ දුක සැප සොයා බැලුවේ නිකම් නො වෙයි.

 

ඉතා පැහැදිලිව එතුමා සිංහල බෞද්ධකම ගැන කතා කර ඇත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් නො වෙයි.. දැන් ඒ කිසිවක් එතුමාට අවශ්‍ය නැහැ. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් ගෝඨාභය රාජපක්‍ෂ ඉවත් වීමෙන් පසුව සිංහල බෞද්ධ බලය අවසානය කියා කිවුවේ කිනම් අර්ථයකින් වුවත් එය උන්වහන්සේ රාජපක්‍ෂලා හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර තිබූ නියෝජන සම්බන්ධය තේරුම් අරගෙන කළ එකක්. කාදිනල්තුමා සෝභිත හාමුදුරුවන් හොඳින් දැන සිටියා.

 

මා කියන්නේ නැහැ සියලු කතෝලිකයන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ය කියා. එහෙත් බලවත් කතෝලික පිරිසක් තවමත් පරංගින් 1505  (1506) පටන්ගත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම හරි එයට නිසි තැන නොදීම හරි දිගින් දිගට ම කරගෙන යනවා.

 

බටහිර තානාපතිවරුන් මහා කොමසාරිස්වරුන් පරගලයට අනුග්‍රහ දැක්වූවා. ආශිර්වාද කළා. 1987-90 කාලයේ ජ වි පෙට විරුද්ධ ව හමුදාව යොදන විට විරුද්ධ නොවූ ඒ අය නීතියට පිටින් කටයුතු කළ පරගලයට වීරුද්ධ ව හමුදාව යොදවන විට විරුද්ධ වෙනවා. මෙය දෙබිඩි ප්‍රතිපත්තියක් නො වෙයි. ඔවුන් දන්නවා තමන් පක්‍ෂ විය යුත්තේ කාට ද කියන එකත් විරුද්ධ විය යුත්තේ කාටද කියන එකත්.

 

නීතිඥ සංගමයේ සභාපති ද පරගලයට අනුග්‍රහය දැක් වූවා. මා හිතන්නෙ නැහැ නීතිිඥ සංගමයේ මතය එහි සභාපතිගේ මතය කියා. සංගම්වල නිලධාරීන්ට තමන් නිල තල දරණ කාලයේ තම මතය සංගමයේ මතය ලෙස ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන බෙරිහන් දෙන අය ඒ ගැන කියන්නේ කුමක් ද?

 

සිවල් සංගම් කේන්දර කාරයන් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ගැන බොහෝ දෙනා දන්නවා. ඒ සියල්ලන් නඩත්තු වෙන්නේ බටහිර රාජ්‍ය වලින්. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගන්නවත් එයට නිසි තැන ලබා දීමටවත් නො වෙයි.

 

පරගලය මුල දි වටලප්පන් බිරියානි ආදිය ලැබුණෙ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගෙන් නො වෙයි. අර යාඥා කරන්න ආපු අය තිසරණ පන්සිල් සමාදන් වූ අය නො වෙයි. වමාලා දකුණාලා පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ගැන කවුරුත් දන්නවා. ඔවුන් කියාවි තමන් නිරාගමික කියා. එහෙත් ඔවුන් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔවුන්ට හිතන්න බැරි වුණත් කිසිම නිර්මාණශීලිත්වයක් නැති වුවත් ඔවුන් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ. ඔවුන් ආරම්භයක් ගැන විශ්වාස කරනවා. එය විශ්වාසයක් ම පමණයි.

 

ඇරිස්ගේ න්‍යාය සම්පූර්ණයෙන් ම වියුක්තයි. ගණිතය කියන්නේ මුලදි සංයුක්ත සංසිද්ධි ආධාරයෙන් තනාගත් වියුක්ත පද්ධතියක්. එය කිසිවකුට පංචෙන්ද්‍රිය ගෝචර වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් හෙටට අනිද්දා = අනිද්දාට හෙට. ඒ ඊන්අනිද්දා. එය ගණීතයේ වියුකත ව කියනවා ab=ba කියා. එමෙන්ම හෙටට (අනිද්දාට ඊන්අනිද්දා) = (හෙටට අනිද්දාට) ඊන්අනිද්දා. එය ගණිතයේ a(bc) =(ab)c කියා වියුක්තව කියනවා. සංයුක්තයත් බොරු. ඒ අපේ ඉන්ද්‍රිය ගෝචර සංස්කරණ. වියුක්තය පට්ටපල් බොරු. පඬි නැට්ටන්ට වියුක්තය කියන්නෙ මොකක් ද කියන එකවත් රේඛීය චින්තනයවත් තේරෙන්නේ නැහැ. එහෙත් ඔවුන් ඒ සියල්ල විශ්වාස කරනවා. ඒ අතර ඔවුන් කියනවා තමන් නිරාගමික කියා.


අර ජම්බුද්වීපයත් සිංහල බෞද්ධකමට විරුද්ධයි. තමන් ප්‍රතික්‍ෂෙප කළ දහමක් රැකගත් පිරිසකට කැමති වේයැ. ඔවුන් දෙමළ ත්‍රස්තවාදීන්ට රැකවරණ දුන්නා. පරගලයට අනුග්‍රහය දැක්වවා. ගෝඨාභයට තම රටට එන්න ඉඩ දුන්නේ නැහැ.  ජම්බුද්වීපය එනමින් හඳුන්වා ඇති පිරිස් කවරේ ද? 

 

පරගලයට එකතු වුණෙ සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් එදා රනිල්ට පක්‍ෂ වුණා. ඔවුන් කියන්නෙ රනිල් එදා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්ලු. අද වෙනස් වෙලාලු. 1987-– 90 කාලෙ ජූලි වැඩ වර්ජනය කාලෙත් රනිල් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඇති. රනිල් බලයට පත්කෙරුණෙ පරගලය විසින්. අද රනිල්ට සිද්ධ වෙලා ප්‍රජාතන්ත්‍රවාදී වීමට. අපට නම් අද රනිල් ප්‍රජාතන්ත්‍රවදී වීම අවශ්‍යයි.

 

අපේ කණගාටුව ගෝඨාභය ප්‍රජාතන්ත්‍රවාදී නො වීමයි. ඒ දරුවන් සන්දා කරනෙම් මෙබන්දා කතාවක්. ඒත් අවසානයේ දී ගෝඨාභයට තමන්ට යෑමට අවශ්‍ය වූ රටවලට යන්න බැරි වුණා. සියල්ල පිටුපස පරංගි කතාව. නන්දිකඩාල් ජයග්‍රහණය. සිංහල බෞද්ධ විරෝධය.