Main Logo

Monday 15 August 2022

රනිල් දෙමළ සංවිධාන හා එංගලන්තය

 

රනිල් දෙමළ සංවිධාන හා එංගලන්තය

 

ප්‍රතිචාරවලින් පෙනී යන්නේ බොහෝ දෙනා රට ගැන දැන ගැනීමට වඩා විශ්වය ගැන දැන ගැනීමට කැමති බවයි. එහෙත් ඔවුන් අතිවිශාල බහුතරය සාපේක්‍ෂ දැනුම ගැන නොව සාපේක්‍ෂ ප්‍රවේගය ගැනවත් දන්නෙ නැහැ. ඒ වෙනුවෙන් පන්ති පැවැත්වීමට මට මෙටාව යොදා ගන්න අවශ්‍ය නැහෑ. මන්දාකිණි අපෙන් ඉවතට ගියාට ඉන්දියාව හා එංගලන්තය ඉවතට යන්නේ නැහැ.

 

මෙය කෙටි දේශපාලන සටහනක්. දෙමළ ජාතිවාදී සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීම රනිල්ගේ වැඩ පිළිවෙළේ එක් අංගයක් පමණ යි. රනිල් ජනාධිපති කරනු ලැබුයේ බටහිරයන් හා ඉන්දියාව විසින් ඔය කටයුතු කරවා ගැනීමට බව පැහැදිලි වෙන්න ඕන. රනිල් මානවම්ම ගැන දැන හිටියට මානවර්මන් වුණේ කොහොමද කියන එක සිංහල බෞද්ධයකු හැටියට දන්නෙ නැහැ. ඔහු මව් පාර්ශ්වයෙන් බෞද්ධ. පිය පාර්ශ්වයෙන් ක්‍රිස්තියානි. ඔහ කුමක් විශ්වාස කරනවා ද දන්නෙ නැහැ. ජනාධිපති වීමෙන් පසු මව් පාර්ශ්වයෙ පන්සල වූ සේදවත්ත පන්සලට ගිය එක ඇත්ත. ජේ ආරුත් පන්සල් ගියා පමණක් නොව රෙද්ද බැනියමත් ඇන්දා.

 

රනිල් ජනාධිපති කෙරෙවුවෙ මූලික වශයෙන් ම එංගලන්තය. මා නිතර කියන දෙයක් තමයි අපේ ප්‍රධාන සතුරන් දෙදෙනා එංගලන්තය හා ඉන්දියාව කියන එක. භාරතය කිවුවත් ජමබුද්වීපය කිවුවත් ඒ ප්‍රදේශයෙන් අපට හිතවත් වුණෙ බූදුහාමුදුරුවන් මිහිඳු හිමියන් හා සංඝමිත්තා මෙහෙණීන් පමණයි. අශෝක දිග්විජයෙන් නොව ධම්මවිජයෙන් අප යටත් කරගන්න හැදුවා. මිහිඳු හිමයන් නිසා ඒ වැළකුණා.

 

දෙමළ ජාතිවාදය ලන්දේසීන් නිසා ඇති වුවත් එය හදා වඩා පෝෂණය කෙරුණේ එංගලන්තය විසින්. ඉන්දියාවත් එයට පසුව හවුල් වුණා. නන්දිකඩාල් පරාජය වඩාත් ම බලපාන්නෙ එංගලන්තයට. එදා ඉඳන් ඔවුන් සැලසුම් කෙළෙ රාජපක්‍ෂලා ඉවත් කරන්න. ආර්ථික අර්බුදය ඔවුන්ට දෙවියන් දුන් තෑග්ගක් වුණා. විමල් උදය වාසු ත්‍රීත්වය බැසිල්ට විරුද්ධ අරගලය ආණ්ඩු විරෝධී අරගලයක් බට පත් කර ඊනියා සුවාදීනයන් වීමෙන් රටටත් ජාතික ව්‍යාපාරයටත් මහත් අවැඩක් සිදු කළා. ඔවුනුත් වග කියන්න ඕන රනිල් බලයට පත් කිරීම ගැන.

 

රනිල් අද ඉටු කරමින් සිටින්නේ එංගලන්තයට අවශ්‍ය දෙය. දෙමළ සංවිධානවල තහනම ඉවත් කිරීම සැප්තැම්බරයේ ජෙනීවා යෑම සඳහා නො වෙයි. ජෙනීවා කියන්නෙ විගඩමක්. මෙරට ඊනියා දෙශපාලන විචාරකයන්ට ජනමාධ්‍යවේදීන්ට පඬියන් වීමට අවස්ථාව සලසා දීම පමණයි ඉන් කෙරෙන්නෙ.

 

තහනම ඉවත් කෙරුණු දෙමළ ජාතිවාදී සංවිධාන හයෙන් එකක් එංගලන්තයෙ. තව එකක් කැනඩාවේ. ඒ රටවල් තමයි ප්‍රධාන වශයෙන් දෙමළ ජාතිවාදී සංවිධාන නඩත්තු කරන්නෙ. රනිල් කියා තිබුණා රට සංවර්ධනයට විදේශීය දෙමළ සංවිධාන එකතු කර ගන්නා බව. ඔය සංවිධාන හයෙන් මුදල් ලබා ගැනීමට රනිල් සූදානම්. ඒ සඳහායි තහනම ඉවත් කෙරෙන්නෙ. ඒ මුදල් එංගලන්තය විසින් සපයන ලද මූලික මුදලකින් උපයා ගත් දේ.

 

ගෝඨාභය හා මහින්ද යටතේ යම් ජාතික වැඩ පිළිවෙළකට කටයුතු කළා නම් රනිල් ඒ සියල්ල ආපසු හරවන්න සුදානම්. ඔහු එක රටක් එක නීතියක් වාර්තාව ක්‍රියාත්මක කරන්නෙ නැහැ. ඒක කුණු කූඩයට විසි කරාවි. ඔහු අද වැඩ කරන්නෙ හකීම්ලගෙ සුමන්තිරන්ලගෙ විග්නේෂ්වරන්ලගෙ අවශ්‍යතා සපුරාලන්න මිසක් මහානායක හාමුදුරුවරුන්ගෙ අවවාද අනුශසනා උඩ නො වෙයි. විග්නේස්වරන් කියල තිබුණ රනිල් තමාගෙ ඉල්ලීම් සියල්ල පිළිගත්ත කියල.

 

විදේශීය දෙමළ ජාතිවදී සංවිධාන රනිල්ට ආධාර කරනු ඇත්තේ යම් බලාපොරොත්තු ඇතුව. ඒ අවම වශයන් 13+ ක්‍රියාත්මක කරන්න. රනිල් වැඩ කරන්නෙ මූලික වශයෙන් එංගලන්තෙ වුවමනාවට. ඔය සංවිධාන හයේ තහනම ඉවත් කිරීමටත් එංගලන්තය බලපාන්න ඇති. අද අප වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම එංගලන්තයේ කොලනියක් බවට නැවතත් පත්වේගෙන යනවා.

 

අපේ විදේශ ප්‍රතිපත්තිය රටට බැඳුණු එකක් බවට පත්කරන්න ආර්ථික අර්බුදය විසින් බලකෙරෙනවා. එහෙත් එංගලන්තය එයට ඉඩ දෙන්නේ නැහැ. රනිල්ට චීනයට යන්න වෙලා. ඒ ජාමුලෙන් ආධාර ලබා ගැනීමට එය පූර්ව කොන්දේසියක් වී ඇති නිසා. රුසියාවෙන් තෙල් ලබා ගැනීම ගැන එංගලන්තය සතුටු වෙන එකක් නැහැ. එංගලන්තය සතුටු වන්නෙ ඔවුන් අනුමත කරන සංවිධාවලින් ආධාර ලබා ගන්නවා නම් පමණයි.