Main Logo

Thursday 18 August 2022

රනිල්ට හා ඊනියා ඩයස්පෝරාවට යටවුණු ඇමතිවරු

 

රනිල්ට හා ඊනියා ඩයස්පෝරාවට යටවුණු ඇමතිවරු

 

පරගලය දෙමළ ජාතිවාදය හා රනිල් මැයෙන් පහත පළ වී ඇති ලිපියේ සාකච්ඡාවෙන් කියැවුණු කරුණු ඇත්ත වුවත් නැතත් අද රට යන්නේ කිනම් දිශාවකට ද යන්න ගැන අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැ. ගැසට් නිවේදනවල ඇති දේ අමාත්‍ය මණ්ඩල තීරණ  ආදිය අපට පිළිගන්න වෙනවා. ඊනියා ඩයස්පෝරාවේ ඉල්ලීම මත වුණත් නැතත් දෙමළ ජාතිවාදී සංවිධාන හයක තහනම ඉවත් කෙරී තියෙනවා. කිහිප දෙනකු නිදහස් කර තියෙනවා. ඊනියා ඩයස්පෝරාවේ කාර්යාලයක් කොළඹ විවෘත කිරීමට යනවා. උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ඒවාහි අයිතිකරුවන්ට පවරා දෙනවා කියමින් ඊනියා ඩයස්පෝරාවට සංවර්ධනය සඳහා සැපයීමට යනවා.

 

මේ සියල්ල යමපාලන කාලෙ සිදු වුණා නම් ඒ එසේ වන්නේ රනිල් බලවත් නිසා බව අප දැන සිටියා. ඒ ආණ්ඩුවේ දින පනස් දෙකේ ආණ්ඩුව පිහිටුවන තෙක්  මෛත්‍රිපාල හිටියා ද නැද්ද කියා කිසිවකු දැන සිටියේ නැහැ. කිහිප දෙනකු එක් වී දින පනස්දෙකේ ආණ්ඩුව කඩා බිඳ දැම්මා. ඒ හුදෙක් පෞද්ගලික කාරණා මුල් කරගෙන. මා ඒ සාකච්ඡා කරන්න අදහස් කරන්නේ නැහැ. අවසානයේ දී ඒ පෞද්ගලික අවශ්‍යතා ඉටු නොවුණු බව පමණක් සඳහන් කරනවා.

 

අද මේ සියල්ල සිදුවන්නේ පොහොට්ටුවේ හා එ ජා පක්‍ෂයේ ජාතික ආණ්ඩුවක. එහි එ ජා පක්‍ෂයට ඇත්තේ වජිර අබේවර්ධන පමණයි. එයට අමතර ව සජබ හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ඉන්නවා. ඉතුරු පිරිස පොහොට්ටුවේ හා පොහොට්ටුව සමග සංධානයකට එළඹුණු ම එ පෙරමුණේ. . මේ ආණ්ඩුව මෙහෙයවන්නේ කවුද රනිල් ද බැසිල් ද එහෙමත් නැත්නම් විහිළුවට හරි රනිල්දාස ද ක්වොන්ටම් පරාජයගොඩ ද?

 

මේ සිදුවන්නේ කාට අවශ්‍ය දේ ද? සත්තකින් ම තම ජීවිත කැපකළ හරි ආබාධිත හරි රණවිරුවන්ට අවශ්‍ය වූ දේ නො වේ. ගෝඨාභය  රාජපක්‍ෂට අවශ්‍ය වූ දේත් නො වේ. අද පොහොට්ටුවට අවශ්‍ය ගෝඨාභයට අවශ්‍ය වූ  දේ නො වේ ද? මේ තීරණ ගත් අමාත්‍ය මණ්ඩලය කොන්දේසි විරහිත ව හෙළා දකින්න ඕන.  සදාඇමති වැන්නන්ට මේ කිසිවක් ප්‍රශ්න නොවෙයි. ඔවුන්ට අවශ්‍ය ඇමති කමක් පමණයි.

 

පරගලය ඇති වූයේ ඊනියා ජනතා නැගිටීමක් ලෙස නො වෙයි. ඒ ඊනියා ජනතාව අද කෝ. අද ප්‍රශ්න විසඳිලා ද? ඊනියා දෙමළ ඩයස්පෝරාව තෙල් ගෑස් ආනයනය කරන්න ඩොලර් කොපමණ දීල තියෙනවා ද?  කොපමණ දෙන්න ඉන්නවා ද? ඔවුන් බලාපොරොත්තුවෙන වෙනත් දේ මොනවා ද? උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාර පදවිවලට පත්කිරීමට  යන්නේ කාව ද? පළාත් සභා ක්‍රියාත්මක නොවන විට බලය ඇත්තේ ආණ්ඩුකාරවරුන්ට බව අමතක කරන්න එපා.

 

පරගලය මුළුමනින් ම සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි විශේෂ තැන අහිමි කිරීමට ඉංගිරිසින් සැලසුම් කළ එකක්. එයට රෝ ඔත්තු සංවිධානයෙන් හා ඇතැම් මුස්ලිම් රටවලින් අනගි සහායක් ලැබුණා. අද ගෝඨාභය ගැන කවුරු මොනවා කිවුවත් ඔහුට අපේ දැනුම ගැන එතරම් විශ්වාසයක් නොතිබුණත් (ඔහු කාබනික පොහොරක් ගැන කිවුවේ ජයසුන්දරගේ කීමට ඩොලර් ටිකක් ඉතුරු කර ගන්න පමණයි)  මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන ගැන මනා අවබෝධයක් තිබුණා. මුස්ලිම් ආක්‍රමණයක් මෙරට ඇති බවත් ඊනියා දෙමළ ඩයස්පෝරාව ක්‍රියාත්මක බවත් ඔහු දැන සිටියා. වත්මන් ඇමතිවරුන් ඒ බව නොදන්නවා ද? රනිල් නම් දන්නවා. ඔහුට එය ප්‍රශ්නයක් නො වෙයි. ඔහු මානවම්ම ගැන කියවලා තියෙනවා. එච්චරයි. මානොවම්ම ගැන දන්නවා ද?

 

පරගලය නන්දිකඩාල් පළිය ගන්න එංගලන්තය විසින් සැලසුම් කරන ලද්දක්. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණෙ මහින්ද හා ගෝඨාභය ගෙදර යවා රනිල් ජනාධිපති කරන්න. ඒ සඳහා ඊනියා ඩයස්පෝරාව යොදා ගන්න ඇති. පරගලයට මුදල් එවීමට එය හොඳ යාන්ත්‍රණයක් සපයන්න ඇති. එහෙත් සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් මේ ලිපිවල සඳහන් කෙරුණු කිසිවක් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් තවමත් හිතන්නේ රාජපක්‍ෂලා හොරකම් කළ නිසා ආර්ථික අර්බුදය ඇති වූ බවත් ඒ නිසා ගෝඨා හා නාකි මයිනා ගෙදර ඇරිය යුතුව තිබූ බවත්. පරගලයට විමල් උදය වාසු වැන්නන් ආයුධ සැපයුවා.

 

පසුගිය දා මහා බැංකු අධිපතිගේ කියා ප්‍රකාශයක් පළ වී තිබුණා. එය හොඳ ප්‍රකාශයක් බව අප සඳහන් කළා. එහෙත් දැන් කියනවා එය මහා බැංකු අධිපතිගේ ප්‍රකාශයක් නො වේ කියා. කාගෙ වුණත් එය හොඳ ප්‍රකාශයක්. අප අපේ වරදක් දකින්නේ නැහැ. ආර්ථික අර්බුදයට හේතුව සිංහලයන්ගෙ ජීවන රටාවයි. එය රාජපක්‍ෂලා පිටින් අරින්න එංගලන්තය සැලසුම් කළා. ඊනියා ඩයස්පෝරාව තවමත් නඩත්තු කෙරෙන්නේ එංගලන්තයෙන්. රෝ ඔත්තු සංවිධානයේ සහායත් ඔවුන්ට ලැබෙනවා.

 

මෙරට දෙමළ කතා කරන ජනයා දක්‍ෂයන් ය යන මතයක් අප කුඩා කළත් ඇති කර තිබුණා. ඔවුන් ගණිතයට දක්‍ෂ කියාත් මතයක් තිබුණා. මට පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී ඔය කියන දක්‍ෂයන් හමු වී තියෙනවා. ඔවුනුත් සිංහලයන් මෙන් ම අදක්‍ෂයි. බටහිර දැනුම සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි නිර්මාණයක් නැහැ. අවුරුදු තිහක් තිස්සේ ප්‍රභාකරන්ට මුදල් එවුවේ ඊනියා ඩයස්පෝරාව මගින් බටහිර රටවල්. අවුරුදු තිහක් ඇතුළත දෙමළ කතාකරන ජනයාට නොව දෙමළ ජාතිවාදී සංවිධාන කිහිපයකට නෑව් විසි තුනක් ගන්න පුළුවන් නම්  තමිල්නාඩුව ඉන්දියාවට අවුරුදු හැත්තෑපහක් තිස්සේ මොන තරම් ධනයක් දී තියෙන්න ඕන ද? මෝදිගෙන් අහන්න.

 

ඊනියා ඩයස්පෝරාවවත් එංගලන්තයවත් වෙනත් බටහිර රටක්වත් මෙරට දියුණු කරන්න බලන් ඉන්නවා කියා විශ්වාස කරන්න පුළුවන් පරගලය ඊනියා ජනතා නැගිටීමක් කියා  හිතන අයට වෙන්න ඕන. සිංහලයන් තරම් රැවටෙන්නන් තවත් නැහැ. අද ඊනියා ඩයස්පෝරාවෙන් කන්න බොන්න දුවන්න බලන් ඉන්න ඔවුන්  වැඩිකල් යන්න මත්තෙන් සහසන්ධීය රාජ්‍යයක ජීවත් වේවි. අපි ගෙරිහමක ප්‍රමාණයකට කියා කොළඹ පරංගින්ට දුන් ජාතියක්. අමාත්‍ය මණ්ඩලයට දෙවි පිහිටයි.