මගේ නොහැකියාව
සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී මහාචාර්ය මැක්‍රේ
පළමු දවසේදීම මා කළ යුතු අධ්‍යයනය මට කිවුවා. එය ක්වේසාර (QUASARS – Quasi Stellar
Objects) හෙවත් මන්දාකිණි මෙන් ශක්තිය නිපදවන එහෙත්
තාරකා වැනි වස්තු ගැන. එවැනි වස්තු එලෙස ශක්තියක් නිපදවන්නේ කෙසේ ද යන්නට පිළිගත
හැකි සාර්ථක ආකෘතියක් නිර්මාණය කර තිබුණේ නැහැ. බානෝති යුවළ යෝජනා කර තිබුණා
ක්වේසාර යනු අවකාශයේ මන්දාකිණි ගුරුත්වජ කාච (Gravitational Lenses) ලෙස ක්‍රියාත්මක වෙමින් නිර්මාණය
කෙරෙන ප්‍රතිබිම්බ කියා.
අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය අනුව
ආලෝකය අවකාශයේ විශාල වස්තුවක් අසළින් ගමන් කරන විට නැවෙනවා, වර්තනය
වෙනවා. ඒ නිසා ඈත වස්තුවක සිට එන ආලෝකය විශාල වස්තුවක් අසළ දී වර්තනය වෙලා ප්‍රතිබිම්බයක්
හැදෙනවා. ප්‍රතිබිම්බය අපට දීප්තිමත්ව
පේනවා. බානෝති යුවළ කියා තිබුණේ ක්වේසාර එලෙස ඇතිවෙන දිප්තිමත් ප්‍රතිබිම්බ කියා.
එය හොඳ අදහසක්. ඒත් මහාචාර්ය මැක්‍රේ කිවුවේ ඒ
ගැන තවදුටත් හොයල බලන්න කියා. තාරකා විද්‍යාවේ පරීක්‍ෂණ නැහැ. අර බටහිර විද්‍යාව
කියන්නෙ පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමය ක්‍රියාත්මක වෙන
ක්‍ෂෙත්‍රය නම් තාරකා විද්‍යාව විද්‍යාවක් නො වෙයි. මා විද්‍යාඥයකු වීමට නොහැකි වූ
බව කියන්නෙ පඬිනැට්ටන් තම විද්‍යාව පිළිබඳ නිර්වචනය අනුව තාරකා විද්‍යාව විද්‍යාවක්
ලෙස ගණන් ගන්නෙ නැති නිසා නො වෙයි. ඒ කොහොම වෙතත් බානෝති යෝජනාව ගැන මා හොයන්න
පටන් ගත්තා.
පර්යේෂණ කරන්න මට කොහොමත් බැහැ. මට ඒ සම්බන්ධ
හැකියාවක් නැහැ. භෞතික විද්‍යා පරයේෂණවල මා පරයේෂණ කර ප්‍රතිඵල ලබාගෙන ප්‍රස්තාර
ඇන්දෙ නැහැ. මා ප්‍රවාදය අනුව ප්‍රස්තාරය ඇඳ ඉන්පසු ප්‍රස්තාරයෙන් ප්‍රතිඵල ලබා
ගත්තා. රසායන විද්‍යාවෙ නම් මා දැන සිටියෙ මිශ්‍රණයක කොපර් සල්ෆේට් හඳුනාගැනීමට
පමණයි. ඒ පාටින්. නිල් පැහැයෙන්. විෂ්ණු දෙවියන් හා කොපර් සල්ෆේට් අතර සම්බන්ධයක්
තියෙනවා ද කියා මා දන්නෙ නැහැ. තාරකා විද්‍යාවෙ මා කිසි දා දුරේක්‍ෂයකින් වස්තු
නිරීක්‍ෂණය කරලා නැහැ. පඬිනැට්ටන්ට අනුව නම් මා විද්‍යාවක් කර නැහැ.
මේ ලිපිය කියවන ශිෂ්‍යයන් මා අනුගමනය කළ යුතු
නැහැ. ඔය තරුණයන් මා මැන්ටලයක් මෝඩයෙක් කියා කියන්නෙ. ඉතින් එවැන්නකු අනුගමනය කරන
එක හොඳ නැහැ. ක්වේසාර ගැන මා කෙළේ එලෙස ප්‍රතිබිම්බ සෑදීමට තරම් පද්ධති විශ්වයේ
තියෙනවා ද කියා ගණනය කිරීමයි. එය එතරම් අමාරු වැඩක් වුණෙ නැහැ. විද්‍යාව හදාරපු
ඕනෑම අයකුට එය කරන්න පුළුවන්. එහෙත් ඒ අධ්‍යයනය මගේ හිතට ඇල්ලුවෙ නැහැ. පඬි
නැට්ටන්ට මේ ඕනෑම අයකුට කරන්න පුළුවන් කියන එක තේරෙන එකක් නැහැ. ඔවුන්ට ඒ කිසිවක්
ගැන හිතා ගන්නවත් බැහැ. කිරීම පැත්තකින් තියන්න.
ක්වේසාර ගැන අධ්‍යනය කරන අතර මා තවත් අධ්‍යයනයක්
පටන් ගත්තා. ඒ භ්‍රමණය කියන්නෙ මොකක් ද කියල තේරුම් ගන්න. මා අද කියන විධියට නම්
තේරුම් ගන්නවා කියන්නෙ සුදුසු කතන්දරයක් හැදීම. අපි හිතන් හිටියට අපට සරල රේඛාවක
වේගය වෙනස් නොකර ගමන් කිරීම (ත්වරණයක්
රහිත චලනය) හා ත්වරණයක් සහිත ව ගමන් කිරීම හරි වක්‍රයක ගමන් කිරීම හරි අතර වෙනස
තේරෙනවා කියල අපට ඒ ගැන සුදුසු කතන්දරයක් තවම නැහැ.
නිවුටන් කියල තියෙනවා බලයක් යෙදුවෙ නැත්නම්
වස්තුවක් (අංශුවක්) සරල රේඛාවක ඒකාකාර ව ගමන් කරනවා කියල. ඒත් ඒ අර අවස්ථිති
සමුද්දේශ රාමු කියන ඒවට සාපේක්‍ෂ ව. ඔය අවස්ථිති සමුද්දෙශ රාමු හොයා ගන්න එක තමයි
ලොකු ම ප්‍රශ්නය. ඒවා ඉන්ද්‍රිය ගෝචර
නැහැ. සුප්‍රසිද්ධ වියනා කතාවෙ හිටිය
අර්නස්ට් මාක් කියල තියෙනවා ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කරන්න ඉන්ද්‍රිය ගෝචර
නොවන සංකල්ප යොදා ගන්න එපා කියල. මාක් ගැන මගේ ලෝකයේත් ඇති. ඔහු බෞද්ධයකු ලෙස
ජීවත්වන්න උත්සාහ කළ බවත් ගාල්ල පැත්තෙ හාමුදුරුනමක් සමග ලිපි හුවමාරු කළ බවත්
කියනවා. කවුරු හරි ඒ ගැන විස්තර හොයනව නම් හොඳයි.
මාක්ල යථානුභූතිවාදයෙ (positivism) පියවරු. ඔහුගෙ කතාව තරුණ අයින්ස්ටයින්ට
බලපෑවා. අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් බලාපොරොත්තු වුණෙ අර අවස්ථිති
සමුද්දේශ රාමු ඉවත් කරන්න. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නෙ අවස්ථිති සමුද්දේශ
රාමුවලට සාපේක්‍ෂ ව. සමහරු හිතන් ඉන්නවා උස ගොඩනැගිල්ලක ජනේලකින් පැන්නොත්
ගුරුත්වාකර්ෂණ බලය දැනෙනවා කියල. අයින්ස්ටයින්ට අනුව නම් එහෙම බලයක් දැනෙන්නෙ
නැහැ.
අප දැන් පොළොව හිටගෙන ඉන්න කොට හරි ඇවිදින කොට
හරි තමයි ඊනියා බලයක් දැනෙන්නෙ. මෙහි දී සිදුවන්නෙ පොළොව නිසා අප පහතට යෑම වැළකීම.
එතනදි බලයක් යොදන්න ඕන. ඒ බලය යොදන්නෙ පොළොව. පොළොව නැත්නම් අප නිදැල්ලෙ වැටේවි.
වැටේවි කියන සංකල්පය නිසා වැරදි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කොහොම වෙතත්
නිවුටන්ගෙ බලය නිසා ත්වරණ ඇතිවන්නෙ අවස්ථිති
සමුද්දේශ රාමුවල.
අපි මෝටර් රථයක ගමන් කරන විට කෙලින් පාරෙ එක ම
වේගයෙන් රථය යනව නම් අපට බලයක් දැනෙන්නෙ නැහැ. ඒත් රියැදුරා තිරිංග තද කරලා වේගය
වෙනස් කළොත් හරි වංගුවක් ගන්න කොට හරි අර වේගය (ප්‍රවේගය) වෙනස් වීම නිසා අපට
බලයක් දැනෙනවා. ඒ අපි අර සමුද්දේශ රාමුව වෙනස් කිරීම නිසා සිදුවෙන දෙයක් ද? අපි කලින් හිටියෙ අවස්ථිති සමුද්දේශ
රාමුවක ද? අවස්ථිති සමුද්දේශ රාමුවක් කියන්නෙ මොකක් ද? ඒක
නිර්ණය කෙරෙන්නෙ කොහොම ද?
මේ වගේ තවත් ප්‍රශ්න මට තිබුණා. තවමත් තියෙනවා.
මා සසෙක්ස් ගියෙ එවැනි ප්‍රශ්නවලට උත්තර හොයන්න. ඒ නිසා මා මහාචාර්ය මැක්‍රේ දුන්න
ගැටළුව අධ්‍යයන කරන අතර ම භ්‍රමණය පිළිබඳ ප්‍රශ්නයටත් අත ගැහුවා. ඒකට මට හරි
උත්තරයක් දෙන්න බැරි බව තේරුණා. තාමත් බැහැ.
විද්‍යාඥයන් කියන්නෙ අර ක්වේසාර ප්‍රශ්නය
වගේ ප්‍රශ්නවලට උත්තර දෙන අය නොවෙයි.