Main Logo

Showing posts with label Asia. Show all posts
Showing posts with label Asia. Show all posts

Sunday, 22 March 2020

What can west learn from Asia


          සිංහල ලිත් ඉලක්කම් 

What can west learn from Asia


ඊයේ කාලය ලිපියට සුපුුරුදු පරිදි පඬි නැට්ටන් හිනා වුණා. බටහිරයන් ම කොවිඩ් ගැන කියන කතාව කියවන්න. ඔවුන් සංස්කෘතිය යන වචනය යොදා ගන්නේ නැහැ. එහෙත් ඔවුන් අවසානයේ දී කියන්නේ එයයි. 

මා මෙය සඳහන් කරන්නේ බටහිරයන් කියන දෙය අගය කිරීමට නොවෙයි. ඔවුන්ට ද තම සංස්කෘතිය කොවිඩ් 19ට මුහුණ දීමට සූදානම් නැති බව කීමට සිදු වී ඇති බව පෙන්වීමටයි. 



http://www.msn.com/en-xl/asia/top-stories/what-can-west-learn-from-asias-coronavirus-fight/ar-BB11u21q?li=BBP3du5&ocid=spartandhp

Tuesday, 6 June 2017

ආසියාව පාලනයට බුද්ධාගම  


ආසියාව පාලනයට බුද්ධාගම



ඊයේ (ජූනි 05) පළ වූ ද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව චීනය නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තේ දී ඉන්දියාව පරාජය කරලා. පුවත්පතට අනුව ඉන්දියාව නාලන්දා විශ්වවිද්‍යාලය ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුත්තට අත ගසා ඇත්තේ 2007 දී මන්මෝහන් සිං ආණ්ඩුවෙන්. එහෙත් ඒ සඳහා පත්කරන ලද උපදේශකවරුන්ගේ නොසැලකිලිමත් ප්‍රවිෂ්ටය හේතුවෙන් 2014 දී නාලන්දා විශ්වවිද්‍යාලය බිහාරයේ පටන් ගෙන ඇත්තේ සිසුන් 14 දෙනකුගෙන් හා ආචාර්යවරුන් 11 දෙනකුගෙන් පමණකින්. ඒ උපදේශකවරුන් අතර නොබෙල් ත්‍යාගලාභී අමාර්ත්‍යා සිං ද සිට ඇතැයි කියැවෙනවා. එහෙත් පසුගිය මැයි මස චීනය නැන්හයි (උච්චාරණය වැරදි විය හැකිය) බෞද්ධ විද්‍යාලයට සිසුන් ඇතුළත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ විද්‍යාලය සිසුන් 220 දෙනකුගෙන් සමන්විත ව සැප්තැම්බරයේ දී ආරම්භ කිරීමට නියමිත බව පුවත්පතෙහි සඳහන් වෙනවා.