වරාය නගරය කොවිඩ් හා සංවර්ධන කරුමය
මෙය තරමක් දීර්ඝ ලිපියක්. එක් දවසකින් අවසන් කරන්න බැහැ. අද පාර්ලිමේන්තුවේ දී වරාය නගර පනත සම්මත වේවි. ආණ්ඩුව දැනටමත් තීරණය කරල ඉවරයි යම් යම් සංශෝධන ගෙනෙන්න. පනත ඉක්මණින් සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍යයි. විපක්‍ෂය කියන්නේ කොවිඩ් 19 වසංගතය වර්ධනය වෙමින් තියෙන තත්වයක පනත කඩිමුඩියේ සම්මත කර ගැනීම අශෝභන ය කියා. එහෙත් වරාය නගරයත් කොවිඩ් 19 වසංගතයත් එක ම සංවර්ධන කාසියේ දෙපැත්ත.
වරාය නගරයක් අපට අවශ්‍ය ඇයි? අප
කොවිඩ් 19න් බැට කන්නේ ඇයි? අපි
අපේ නොවන නිසා කිවුවොත් හරිය කියා හිතනවා. අපි කලක් බටහිරයන්ගෙ තව ටික කලකින් චීනුන්ගෙ.
ඒ චීන සභ්‍යත්වය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වය පරාජය කිරීමෙන් පසුව.
එතකොට අර පඬියන්ගෙ පශ්චාත්නූතනත්වයට මොකද වෙන්නෙ. සාමාන්‍ය සිංහලෙන් කියනවා නම්
හැඳි ගෑවිලා යනවා.
අපට වරාය නගරය නැත්නම් එම්සීසී ඕන. අපට කාගෙ
හරි පිහිටක් ඕන. අපට තනිව නැගිටින්න තියා දණ ගාන්නවත් බැහැ. අපට සංවර්ධනය වෙන්න
ඕන. සංවර්ධනය වෙනව කියන්නෙ එක්සත් ජනපදයක් බැරි නම් සිංගප්පූරුවක් වෙන එක. ඒ අතර
අපට අයිතිවාසිකම් ඕන. වෘත්තීය සමිති බලවත් වෙන්න ඕන. කම්කරු නීති තදින් තියෙන්න
ඕන. අපට යුතුකම් ගැන කියන්න අවශ්‍ය නැහැ.
කාර්යාලයේ වැඩ හරියට කරනවා ද කියා හොයා බලන්න බැහැ. එහෙම හොයන එක අපේ නිදහසට
බාධාවක්.
අපට ඉහළ ම ප්‍රජාතන්ත්‍රවාදය ඕන. ඒක අද දියුණු
යැයි කියන රටවල තියෙන ප්‍රජාතන්ත්‍රවාදයටත් එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්න ඕන.
ඒ රටවල් දියුණු වෙන කාලෙ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය අපට වැඩක් නැහැ. වැඩිම වුණොත් එය
ඉතිහාස පොතට සීමා වෙන්න ඕන. එංගලන්තෙ ඉතිහාසෙ නොවෙයි ලී ක්වාන් යටතේ සිංගප්පූරුවෙ
තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් දැන ගන්න ඕන නැහැ. අපට භාෂණයේ නිදහස ඕන. මුහුණු
පොතේ ඕන එකක් ලිවීමේ නිදහස ඕන. ඒ අතර අපට සිංගප්පුරු සංවර්ධනයත් ඕන. මියන්මාහි
මුහුණු පොත තහනම් නිසා මා නිදහසේ ඉන්නවා.
මට තේරෙන හැටියට වරාය නගරය ආයෝජකයන් ගෙන්වා
ගැනීමට කළ තැතක්. අපට ආයෝජකයන් අවශ්‍ය
වෙලා තිබුණෙ කාලෙක ඉඳලා. අර ආයෝජන මණ්ඩලය ඇති කෙරුවෙ 1978 දි
මහා කොළඹ ආර්ථික කොමිසම නමින්. ඒ ජේ ආර් ජයවර්ධනලගෙ වැඩ. ඒ කාලෙ ආර් ප්‍රේමදාස අගමැති.
ලලිත් ඇතුලත්මුදලි වගේ ඔක්ස්ෆර්ඩ් බුද්ධිමතුන් ගාමිණී දිසානායක වගේ අති දක්‍ෂයන්
ආණ්ඩුවෙ හිටියා. විවෘත ආර්ථිකය ගැන කියා දෙන්න තවත් බුද්ධිමතකු වුණු පැරණි සිවිල්
සේවකයකු වුණු රොනී ද මැල් හිටිය. මට මතක හැටියට රොනීගෙ උපදෙසින් ස්ථිර තැන්පතුවලට 20%කට
වැඩි පොලියක් ගෙව්වා.
1978 ඉඳල අද වෙන විට අවුරුදු හතළිහකට
වැඩියි. ඒ කාලයෙ ලංකාවට ආයෝජකයන් කී දෙනකු ඇවිත් තියෙනවා ද? ආයෝජන
කීයක් ඇති වෙලා තියෙනවා ද? මෙරට දළ ජාතික නිෂ්පාදනය කොපමණ වැඩි
වෙලා තියෙනවා ද? රැකියා කීයක් ඇති වුණා ද? ඇඟලුම්
කර්මාන්ත නම් ටිකක් ඇති වුණා. ඇඟලුම් කර්මාන්තය ලෝකෙ රටවල් බොහොමයක තියෙනවා.
බංග්ලාදේශයෙත් මියන්මාහිත් තියෙනවා.
ලංකාවෙ දේශීය ආයෝජකයන් නැද්ද? දේශීය
ආයෝජකයන් වැඩි අවදානමක් ගන්න සූදානම් නැද්ද?
අපි හෝටල් ඇති කළා. ඒත් හෝටල් පවත්වා
ගෙන යෑම අද ප්‍රශ්නයක් වෙලා. අද හෝටල් නිරෝධායතන බවට පත්වෙලා. මා ව්‍යාපාරිකයකු
නොවෙයි. මට මේ හුඟක් දේ නොතේරෙනවා වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලෙ
කොටස් හා ව්‍යාපාර වස්තු ගණන් හදනවට වැඩි දෙයක් මා ව්‍යාපාර ගැන දන්නෙ නැහැ. එදා ඒ
ගණන් හදන්න බැරි වෙච්ච අය අද දක්‍ෂ ව්‍යාපාරිකයන් වෙලා. මොන එහෙකට ගණන් හදනව ද
කියල කාට හරි අහන්න පුළුවන්. මා කොටස් වෙළෙඳපොළ හීනෙන්වත් දැකල නැහැ. මට කිසිම ව්‍යාපාරයක
කිසිම කොටසක් නැහැ.
ගණන් කියන කොට මට තාරකා විද්‍යාව මතක් වුණා. මා
ඒක ටිකක් ඉගෙන ගෙන තියෙනවා. ඒක මතක් වුණෙ කොවිඩ් එක්ක. මට තියෙන ලෙඩක් තමයි එකක්
එක්ක තවත් දේවල් මතක් වෙන එක. සමහරුන්ට කිසිම සම්බන්ධයක් නැහැ කියල හිතෙන දේවල
සම්බන්ධකම් දකින්න පුළුවන්. කොවිඩ් හා තාරකා විද්‍යාව අතර තියෙන සම්බන්ධය මොකක් ද? අද
බටහිර වෙදකම ගැන මොනව හරි දන්න අය, රෝගියකුගෙ උණ බලන්න දන්න අය ඇතුළු ව, කියන
දෙයක් තමයි පීසීආර් වාර්තා පිළිගන්න බැහැ කියන එක. හරියට පීසීආර් වාර්තාවලින්
රෝගීන් හඳුනගන්න පුළුවන් වගේ තමයි කතාව ගෙනි යන්නෙ.
කොහොම වුණත් අපේ ප්‍රශ්නය ආයෝජකයන් ගැන. ආයෝජන මණ්ඩලයට හිතපු තරම් ආයෝජකයන් ආවෙ
නැහැ. ජේ ආර්ටවත් ප්‍රේමදාසටවත් ගාමිණිටවත් ඇතුළත්මුදලිටවත් රොනීටවත් ආයෝජකයන් ගෙන
එන්න බැරි වුණා. ඉන් පස්සෙ චන්ද්‍රිකාගෙ කාලෙත් ආවෙ නැහැ. මහින්දගෙ කාලෙ රනිල්ගෙ
යහපාලන කාලෙ ආවෙ නැහැ. එම්සීසී නම් ඉදිරිපත් වුණා. මහින්දගෙ කාලෙ හම්බන්තොට වරාය
ආව. ප්‍රශ්නය පෙරදිගින් හරි අපරදිගින් හරි ආයෝජකයන් ගෙන්වා ගැනීම. ආයෝජකයන් ආවෙ
නැත්තෙ ඇයි? එන්නෙ නැත්තෙ ඇයි? ආයෝජකයන්
නැතිව සංවර්ධනය වෙන්නෙ කෙහොම ද? සිංගප්පූරුවක් වෙන්නෙ කොහොම ද? ඩුබායි
වෙන්නෙ කොහොම ද? ඒ රටවල නැති අපේ රටේ ඇති දේ මොනවා ද? ඒ
රටවල ඇති අපේ රටේ නැති දේ මොනවා ද?